අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“අත” හපා කන “පොහොට්ටු” කුමන්ත්‍රණය එළියට..!

අගමැති මහින්ද පොහොට්ටුවෙන් මහ මැතිවරණයට..!

ජනපති හිතවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මහා මැතිවරණයට “අතින්” ආවත් “පොහොට්ටුවෙන්” ආවත් පරාදයි..! ගෙදර හිටියත් අනාථයි-මඟ හිටයත් අනාථයි..! එකම විකල්පය එජාපෙ..! (සුජිත් මංගල ද සිල්වා) ඉදිරි මහ මැතිවරණයකදී…

ජනපති හිතවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මහා මැතිවරණයට “අතින්” ආවත් “පොහොට්ටුවෙන්” ආවත් පරාදයි..!

ගෙදර හිටියත් අනාථයි-මඟ හිටයත් අනාථයි..!

එකම විකල්පය එජාපෙ..!

“අත” හපා කන “පොහොට්ටු” කුමන්ත්‍රණය එළියට..!

(සුජිත් මංගල ද සිල්වා)

ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරඟ කළත්,තනිවම තරඟ කළත් එම සන්ධානයෙන් ද,එම සන්ධානයේ සිට සිය පෙරමුණට එක්වූ මන්ත්‍රීවරුන්ද පරාජය කරමින් රට පුරා සිය අපේක්ෂකයින් පමණක් ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශේෂ සහ රහස්  සැලසුමක් සකස් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මේ දේශපාලන සැලසුමේ දේශපාලන උපක්‍රමය සහ අරමුණ වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නාම යෝජනා ලබා ගන්නා පිරිස සහ එම සන්ධානයේ සිට මෑතකදී සිය කණ්ඩායමට එක්ව ජනාධිපතිවරයාට තවදුරටත් හිතවත් සිටින අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් නාම යෝජනා ලබා ගන්නා පිරිසද පරාජය කර සිය පෙරමුණේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් බහුතරය ජයග්‍රහණය කරවා ජනාධිපතිවරයා තනි කරමින් සිය අණසක සහ බහුතර බලය පතුරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය ඇල්ලීම වේ.

මේ සැලසුමට අනුව ඉදරි මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත් වනු ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු  හිතවාදී බහුතර මන්ත්‍රී කණ්ඩායමකි.

මේ සැලසුමට අනුව ඉදරි මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරඟ කළත් දෙපාර්ශවය තිනි තනිවම තරඟ කළත් ඒ ඒ දිස්ත්‍රික්වලින් මනාප ලබා දී පළමු,දෙවැනි සහ තෙවැනි ආදී ස්ථාන වශයෙන්ම  ජයග්‍රණය කර විය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව රට පුරා සෑම ඡන්ද පොළක්ම ආවරණය වන පරිදි එම දේශපාලන පක්ෂවල  සියලු පාක්ෂිකයින් වෙත විශේෂ රහස් පණිවිඩයක් යැවීමට නියමිතය.

මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දුන් විගස ද,මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී ද,මැතිවරණ ව්‍යාපාරයේ මැද භාගයේදී සහ අවසාන භාගයේදී වශයෙන් සියලු පාක්ෂිකයින් වෙත මේ පණිවිඩය සිව් වතාවක් ලබා දීමට සියලු කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සහ එම සන්ධානයේ සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ නාම යෝජනා ලබා ගන්නා අපේක්ෂකයින්ගෙන් ජයග්‍රහණය කර විය යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳව තීරණ කරනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ද විශේෂ සහභාගීත්වයෙන් යුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ සහ රහස් කමිටුවක් මගිනි.

මේ සැලසුමේ පළමු පියවර 2015 අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය අභ්‍යන්තරයේ සිටම ක්‍රියාත්මක කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාතීව සිටී එස්.බී දිසානායක,මහින්ද සමරසිංහ,තිලංග සුමතිපාල,විජිත් විජිතමුණි සොයිසා සහ ලක්ෂමන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු ප්‍රබලයින් ගණනාවක් එම මැතිවරණයෙන් අන්ත ලෙස පරාජයට පත් වී මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී කණ්ඩායමක් ජයග්‍රහණය කළේ ඒ අනුවය.

අවසානයේදී තමාට පක්ෂපාතී මේ පිරිස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන කැබිනට් අමත්‍ය ධූර ද ලබා දී ඒ අය ශක්තිමත් කරමින් සිය දේශපාලන ආරක්ෂාව තහවුරු කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාතීව සිටී මේ පිරිස මහින්ද රාජපක්ෂ ප්‍රධාන කණ්ඩායම එදා මෙසේ පරාජය කරනු ලැබුවේ,මහා මැතිවරණයෙදී ඒ ඒ දිස්ත්‍රික්වලින් ජයග්‍රහණය කර විය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ රහස් පණිවිඩය රට පුරා සෑම ඡන්ද පොළක්ම ආවරණය වන පරිදි සියලු පාක්ෂිකයින් වෙත දෙවතාවක් පමණක් යැවීමෙන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අභ්‍යන්තර ආරංචි මාර්ග “lankanewsweek” සමග හෙළි කළේය.          “අත” හපා කන “පොහොට්ටු” කුමන්ත්‍රණය එළියට..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
“අත” හපා කන “පොහොට්ටු” කුමන්ත්‍රණය එළියට..! | Lanka Newsweek