අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“අතයි-පොහොට්ටුවයි” ගනු දෙනු බේර ගනී..!

“අතයි-පොහොට්ටුවයි” ගනු දෙනු බේර ගනී..!

නාමික ජනපති මෛත්‍රී-විධායක අගමැති මහින්ද..? ව්‍යවස්ථාව සංශෝධනය කෙරේ..! මහින්ද රාජපක්ෂගෙන් දේශපාලන අනාවැකියක්..! දෙසැම්බර් මහ මැතිවරණයක්..? එජාපයේ අලි පැටව් 15 ක් නව සන්ධානයට..? (සුජිත් මංගල ද සිල්වා)…

නාමික ජනපති මෛත්‍රී-විධායක අගමැති මහින්ද..?

ව්‍යවස්ථාව සංශෝධනය කෙරේ..!

මහින්ද රාජපක්ෂගෙන් දේශපාලන අනාවැකියක්..!

දෙසැම්බර් මහ මැතිවරණයක්..?

එජාපයේ අලි පැටව් 15 ක් නව සන්ධානයට..?

“අතයි-පොහොට්ටුවයි” ගනු දෙනු බේර ගනී..!

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට දේශපාලන වශයෙන් පොදු එකඟතාවයකට සහ අවබෝධයකට පැමිණ ඇතැයි ඉහළම පෙළේ දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටියි.

ඒ අනුව ඉදිරි ජාතික මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණ එකට ඒකාබද්ධව තරඟ කරනු ඇති අතර මේ දෙපාර්ශවය මෙසේ සිය සියලු දේශපාලන ගනු දෙනු බේරා ගෙන පොදු එකඟතාවයකට සහ අවබෝධයකට පැමිණ සිටින්නේ ඩඩ්ලි සිරිසේන සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවට පක්ෂව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනා ඡන්දය පාවිච්චි කළේත් අනතුරුව එම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගත්තේත් දෙපාර්ශවය අතර ඒ වන විටත් පැවති දේශපාලන සාකච්ඡා කෙරෙහි විශ්වාසය තහවුරු කරමින් ඉදිරියට ගෙන ගොස් මේ පොදු එකඟතාවය සහ අවබෝධය ඇති කර ගැනීමේ අරමුණින් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ දෙපාර්ශවය පැමිණ සිටින පොදු එකඟතාවයට සහ අවබෝධයට අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙණු ඇති අතර අනතුරුව පැවැත් වෙන ජාතික මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒකාබද්ධ වූ පෙරමුණේ නාමික ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ද අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම ද ප්‍රකාශයට පත් කෙරෙණු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කිරීමට යන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය මේ වන විටත් ලැබී තිබේ.

දෙපාර්ශවය අතර ඇතිවී තිබෙන මේ පොදු එකඟතාවය සහ අවබෝධය පිළිබඳව මුල් වරට දේශපාලන ඉඟියක් පළ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ හිල්ටන් හෝටලයේදී සිය දේශපාලන සගයින් පිරිසක් සමග ඊයේ (10) කියා තිබෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී කවුරුත් නොසිතු විශාල දේශපාලන පෙරැළියක් රටේ සිදු වන බවය.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් රටේ පැවැත් වෙනු ඇතැයි ද සිය අභිලාශය වන්නේ කෙසේ හෝ දෙසැම්බර් මාසය වන විට එම මහ මැතිවරණය ලබා ගැනීම යැයි ද හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සය කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (10) උත්සවාකාරයෙන් පැවති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා තිබෙන්නේ ඒ අවස්ථාවට එක් වෙමිනි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන් සෙනෙවිරත්න සහ සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන් ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද සහභාගී වී සිටියහ.

තමා 2020 දී දේශපාලනයෙන් සමු නොගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඇතිවී තිබෙන මේ දේශපාලන අවබෝධය සහ එකඟතාවය මත බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් කෙරුණු වහාම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඒකාබද්ධ සන්ධානයට එක් වනු ඇතැයි ද දැන ගන්නට තිබේ.

“අතයි-පොහොට්ටුවයි” ගනු දෙනු බේර ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
“අතයි-පොහොට්ටුවයි” ගනු දෙනු බේර ගනී..! | Lanka Newsweek