අච්චු නොගැසු බව කියූ සල්ලි අච්චු ගැසූ හැටි රවී කියයි..!

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව මන්ත්‍රී රවි කරුණානායක (න.ප්‍ර.පෙ.) පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (19) ප්‍රකාශ කළේය. “අපි ලබාගෙන තිබෙන ණය නැවත ගෙවිය හැකි…
රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව මන්ත්‍රී රවි කරුණානායක (න.ප්‍ර.පෙ.) පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (19) ප්‍රකාශ කළේය.
“අපි ලබාගෙන තිබෙන ණය නැවත ගෙවිය හැකි ආකාරය සොයා බැලිය යුතුයි. රජයේ ආයතන ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වෙනවා. අපේ රට බංකොලොත් වීම හේතුවෙන් ආර්ථිකය කඩාවැටුණත් මේ පිළිබදව ආණ්ඩුව ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. දේශීය ණය ගන්නවාට වඩා විදෙස් ණය ලබාගෙන අධිවේගී මාර්ගය ඉදිකරන්න අවශ්‍යයි කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ණය ගත් පසුව එය ගෙවන්න පුළුවන් තත්ත්වය සොයා බැලිය යුතු වෙනවා."
''2028 වසරේ අප්‍රේල් සිට රජය විසින් ණය ගෙවිය යුතු වෙනවා. ඒ සඳහා හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. රුපියල් බිලියන 1,410ක මුදලක් මේ වනවිට අච්චු ගසා තිබෙනවා” යැයි ද ඔහු පැවසීය.
දැන්වීම
රජයකට මුදල් මුද්‍රණය කිරීම අත්‍යවශ්‍ය වුව ද එය කළ යුත්තේ වත්කමක් සමග බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට රජය මුදල් මුද්‍රණය කළේ නැතැයි පවසන බවත්, එය එසේ නොව රජය මුදල් මුද්‍රණය කර ඇතැයි පාර්මේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රජය මුදල් මුද්‍රණය කළ බව හෙළිදරව් වූ පසු ඒ සම්බන්ධයෙන් පාර්මේන්තුවේ පැවති විවාදයේ දී ය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා මේ රජය 2024 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2025 වසරේ අගෝස්තු දක්වා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය පාර්ලිමේන්තුවට හමුවට ඉදිරිපත් කළේ ය. ඒ පහත දැක්වෙන පරිදි ය.
Rs. Billion cash printing
2024
October 58.70
November 78.30
December 234.80
2025
January 117.40
February 104.70
March 233.90
April 154.20
May 33.60
June 210.30
July 151
Aug. 51
Printed Money (M2b) 1,427.9
Debt increased by 1050 trillion