අග රදගුරු හිමිපාණෝ විශ්‍රාම ගන්න සැරසෙති

කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අග රදගුරු ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් බව දන්වා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යොමු කර ඇත. සාමාන්‍යයෙන් වයස අවුරුදු 75 ඉක්මවූ පසු අග…
කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අග රදගුරු ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් බව දන්වා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යොමු කර ඇත.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 75 ඉක්මවූ පසු අග රදගුරු හිමිපාණන් කෙනෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැන්වීම සිරිතක් වන අතර මෙම තනතුරේ වෙනසක් වුවද මැල්කම් රංජිත් හිමිපාණන්ගේ කාදිනල් ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.
ඒ අනුව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ද මේ බව පාප් වහන්සේට දන්වා ඇත. එලෙස දැන්වූ පසු තව දුරටත් අග රදගුරු හිමිපාණන් එම තනතුරේ තබා ගන්නවාද නැද්ද යන්න එහිදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තීරණය කරනු ලබයි.