අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැති හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර හමුවක්

අගමැති හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර හමුවක්

(හේමන්ත තුසිත කුමාර) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂවල රැස්වීමක් බ්‍රහස්පතින්දා(23) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත .එම රැස්වීම හෙට පස්වරු 04.00 ට අරලියගහ…

(හේමන්ත තුසිත කුමාර)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂවල රැස්වීමක් බ්‍රහස්පතින්දා(23) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත .එම රැස්වීම හෙට පස්වරු 04.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් එම පක්ෂ නායක හමුව පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් වේ.

ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබාදෙන හවුල්කාර පක්ෂ නායකයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මුණ ගැසී එම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා  වූ අතර ඊට පෙර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ද සාකච්ඡා කර තිබුණි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැති හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර හමුවක් | Lanka Newsweek