අගමැති මාරු කිරීමට ගොස් ශ්රීලනිපය යළිත් දෙකඩ වෙයි..?

මන්ත්‍රීවරුන් 15ක් නිමල් සිරිපාල ප්‍රතික්ෂේප කරති..! (සුජිත් මංගල ද සිල්වා ) නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ධුරයට පත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක…
මන්ත්‍රීවරුන් 15ක් නිමල් සිරිපාල ප්‍රතික්ෂේප කරති..!
(සුජිත් මංගල ද සිල්වා )
නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ධුරයට පත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය පෙන්වීමට අදාළ දිවුරුම් ප්‍රකාශවලට අත්සන් කිරීම එම පක්ෂයේම මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අනුව කලින් සැලසුම් කර තිබූ අයුරින් ඊයේ (16) සවස් වන විට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට නොහැකි විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (16) සවස මේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරෙසෙන මහතා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.
මේ අතර ජනමාධ්‍ය ප්‍රධානින් හමුවේ අරලියගහ මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තහවුරු කර සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය තමාට සහ එක්සත් ජාතික පෙරමුණට තිබෙන අතර තමා ඒ බහුතරය පෙන්වීමට බැදී සිටින්නේ ආණ්ඩුක්‍රම ව්යයවස්තාවට සහ පාර්ලිමේන්තු සම්ප්‍රධායට අනුව පාර්ලිමේන්තුවේ දී පමණක් බවය.