අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද මෛත්‍රීට යවයි..!

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද මෛත්‍රීට යවයි..!

(සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ වන විට නිල වශයෙන් යවා තිබේ. හිටපු ජනාධිපති මහින්ද…

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ වන විට නිල වශයෙන් යවා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ, රටේ උද්ගතවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය සලකා රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය වෙනුවෙන් බව හම්බන්තොට දිස්ත්‍රීක්  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය Twitter ගිණුමේ සඳහන් කර ඇත.

මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) උදැසන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්  කිරීමට නියමිත අතර එම ප්‍රකාශය  මේ වන විටත් පටි ගත කර අවසන් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද මෛත්‍රීට යවයි..! | Lanka Newsweek