අගමැති ජනතාවට සලකයි-ඉන්ධන මිල රු.දහයකින් අඩු කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

"දෙන්න පුළුවන් හැම සහනයක්ම ජනතාවට දෙනවා" ලෝක වෙළඳ පොළ මිල ගණන්වලට සාපේක්ෂව තව දුරටත් ඉන්ධන මිල අඩු කරමින් ජනතාවට උපරිම සහන සැලසීමට නව රජය පියවර ගෙන තිබේ. ඉන්ධන මිල සූත්රයට අනුව ඉන්ධන මිල අඩු කෙරෙන…
"දෙන්න පුළුවන් හැම සහනයක්ම ජනතාවට දෙනවා"
ලෝක වෙළඳ පොළ මිල ගණන්වලට සාපේක්ෂව තව දුරටත් ඉන්ධන මිල අඩු කරමින් ජනතාවට උපරිම සහන සැලසීමට නව රජය පියවර ගෙන තිබේ.
ඉන්ධන මිල සූත්රයට අනුව ඉන්ධන මිල අඩු කෙරෙන ආකාරය ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේ ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය රජය බුක්ති නොවිඳ ඒ සහනය සහ වාසිය සම්පූර්ණයෙන්ම ජනතාවට ලබා දෙන බවය.
ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් ද, සුපිරි ඩීසල් ලීටරයක් ද, රුපියල් දහයකින් වගේම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල්පහකින් ද අඩු කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 125ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 149ක් වේ.ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 101ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 121ක් වේ.
ගෙවුණු ඔක්තෝම්බර් මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවේ ලෝක වෙළඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85 ක් වූ අතර අද වන විට එහි මිල ඩොලර් 57 දක්වා අඩුවී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1