අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැති එක්ක එංගලන්තයේ ගිය මාධ්‍යවේදීන්ට සමන් අතාවුදගෙන් කුණු කෑම..!

අගමැතිගේ තේ පැන් සංග්‍රහය මාධ්‍යවේදීන් රැසක් වර්ජනය කරති..!

අගමැතිගේ එංගලන්ත සංචාරය අසාර්ථකයි..! "තෙරේසා මේ" හමුවීමට අවස්ථාව දී නැහැ..! එංගලන්තයට වී විවේකයක් අර ගෙන යළි දිවයිනට ඇවිත්..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එංගලන්තයේ…

අගමැතිගේ එංගලන්ත සංචාරය අසාර්ථකයි..!

"තෙරේසා මේ" හමුවීමට අවස්ථාව දී නැහැ..!

එංගලන්තයට වී විවේකයක් අර ගෙන යළි දිවයිනට ඇවිත්..!

අගමැති එක්ක එංගලන්තයේ ගිය මාධ්‍යවේදීන්ට සමන් අතාවුදගෙන් කුණු කෑම..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එංගලන්තයේ සංචාරයේ යෙදුණු මාධ්‍යවේදීන්ට අග්‍රාමත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා එරට පෙට්ටි කඩයකින් ඉතා අඩු මුදලකට කෑමට නුසුදුසු ආහාර   සපයා දී තිබේ.

“ලිහිණියා” නමැති පෙට්ටි කඩයෙන් ඉතා අඩු මුදලකට දහවලට සහ රාත්‍රියට  පාර්සල් ගසා ගෙන විත් දුන් ඒ කෑම කටේවත් තියන්න නොහැකි  තරම් අමිහිරි යැයි එම සංචාරයට එක්වූ මාධ්‍යවේදීහු “lankanewsweek” සමග පැවසූහ.බොහෝ අවස්ථාවලදී මේ කෑම පාර්සල් එම මාධ්‍යවේදීන් ඒ අය නතර වී සිටි එංගලන්තයේ “හිල්ටන්” හෝටලයේ කාමරවල කුණු කුඩයට විසි කර කුස ගින්නේ සිට ඇත.

අදාළ කුණු කූඩ සුද්ද කරන ලෙසට එම මාධ්‍යවේදීන්හෝටලයේ කාමර සේවා අංශයට දැනුම් දී ඇතත් හෝටලයෙන් කෑම ඇණවුම් නොකර පිටතින් ආහාර ගෙන්වා ගැනීමේ හේතුව මත එම සේවය ලබා දී නොමැති නිසා පුරා දින තුනක් මුළුල්ලේ නරක් වූ කෑමවලින් හමන පිළිණු ගඳ ඉවසා දරා ගෙන සිටීමට ද මාධ්‍යවේදීන්ට සිදුව තිබේ.

අග්‍රාමත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා මේ මාධ්‍යවේදීන්ට මෙසේ අඩු මුදලකට  කටේවත් තියන්න නොහැකි  තරම් අමිහිරි කෑම ලබා දී තිබෙන්නේ එම මාධ්‍යවේදීන්ගේ දිවා සහ රාත්‍රී ආහාර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 75ක් එනම් රුපියල් 12,975ක මුදලක් වෙන් කර තිබියදීය.

කෙසේ නමුත් “ලිහිණියා” නමැති සිංහල පෙට්ටි කඩයෙන් දහවලට සහ රාත්‍රියට ලබා දුන් කටේවත් තියන්න නොහැකි  තරම් අමිහිරි එම කෑම පාර්සලය ශ්‍රී ලංකා මුදලින් නම් වටින්නේ රුපියල් 150ක් පමණ වන අතර දිනපතාම එම කෑම වේලේ අල,පරිප්පු සහ කුකුළු මස් ඇතුළු මස් හෝ මාළු වර්ගයක් යැයි ද එම මාධ්‍යවේදීහූ පැවසූහ.

මේ අතර එම මාධ්‍යවේදීන්ට උදේ,දහවල් සහ සවස වෙනුවෙන් තේ හෝ වෙනයම් පානීය වර්ගයක් සඳහා ද කෙටි කෑම වර්ග සඳහා ද සමන් අතාවුදහෙට්ටි මහතා කිසිම පහසුකමක් හෝ ප්‍රතිපාදනයක් සපයා නොමැත.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව මේ වැනි විදේශ සංචාරයකදී වෙනදාට සිදු කරන්නේ අදාළ ආහාර වේල් ගණන සඳහා වෙන් කර තිබෙන මුදල අත්සනක් ගෙන අදාළ මාධ්‍යවේදීන්ට ලබාදීම වන අතර එවිට මාධ්‍යවේදීන් එම මුදලින් සුදුසු,පිරිසිදු සහ සිය රුචිය අනුව ආහාර සපයා ගැනීම සිරිත වේ.

එසේ තිබියදී සමන් අතාවුදහෙට්ටි මහතා දස දෙනෙකුගෙන් යුතු සිය කණ්ඩායම සඳහා වෙන් කර තිබූ මුදල සියතට නොදී ඔහු සන්තකයේ තබා ගනිමින් කටේවත් තියන්න නොහැකි  තරම් අමිහිරි කෑම පාර්සල් කුණු කොල්ලයට ගෙන ලබා දීම ගැන සැක සහිත යැයි ද මාධ්‍යවේදීහූ පෙන්වා දුන්හ.

කෑමට සුදුසු ආහාර නොමැතිව මාධ්‍යවේදීන් කුස ගින්නේ සිටියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ කණ්ඩායම එංගලන්තයේ සුපිරිම තරු පංතියේ හෝටලයක් වන “ග්‍රෑන්ඩ්” හී නවාතැන් ගෙන විස්කි බ්‍රැන්ඩි පානය කරමින් රස මසවුළු බුක්ති විඳ තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක,අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් එම හෝටලයේ නතර වී ඇති අතර ඔවුන් තුන් වේලටම ආහාර ගෙන තිබෙන්නේ ද එම හෝටලයෙනි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය අතිශය අසාර්ථක වී ඇති අතර ඔහු එරට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන නායකයින් ද විශේෂයෙන් එරට අග්‍රාමාත්‍ය "තෙරේසා මේ" ද හමුවීමට සෑහෙන්න උත්සහ කළත් එම අවස්ථව ඔහුට නොලැබුණු බව ද එම මාධ්‍යවේදීහූ පැවසූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරයට අදාළ තොරතුරු,වැඩ සටහන්,සැලසුම් සහ විවිධ හමුවීම් පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කර නොමැති අතර ඒ හේතුවෙන් එම තානාපති අංශ නිලධාරීන් දැඩි අපහසුත්වයට පත්ව ඇත.

මේ තෙදින නිල සංචාරය පුරාවටම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හමුවීමට හැකි වූයේ ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් ( David Schwimmer) මහතා පමණය. ඊට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ “ඔක්ස්ෆර්ඩ්” විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සම්භාවනීය පිරිසක් සඳහා විශේෂ දේශනයක් ද පැවැත්වීය.

සැලුම් කර තිබූ පරිදි සහ අපේක්ෂා කළ පරිදි තෙරේසා මේ ඇතුළු පිරිස් හමුවීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලු දෙනා පුරා දින තුනක් මුළුල්ලේ සිටියේ විවේක සුවයෙන් බව ද එම මාධ්‍යවේදීහූ වැඩි දුරටත් පෙන්වා දුන්හ.

අගමැති එක්ක එංගලන්තයේ ගිය මාධ්‍යවේදීන්ට සමන් අතාවුදගෙන් කුණු කෑම..!

-එංගලන්තයේ "ග්‍රෑන්ඩ්" හෝටලය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
අගමැති එක්ක එංගලන්තයේ ගිය මාධ්‍යවේදීන්ට සමන් අතාවුදගෙන් කුණු කෑම..! | Lanka Newsweek