අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැති උතුරේ විශේෂ සංචාරයක..!

එජාපයේ අර්බුදය සහ රනිල් ප්‍රශ්නය..!

(සුජිත් මංගල ද සිල්වා) උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28) කිළිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වේ.…

(සුජිත් මංගල ද සිල්වා)

උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28) කිළිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වේ.

වත්මන් රජය බලයට පත්වීමත් සමග උතුරු පළාත කේන්ද්‍ර කරගෙන නැවත පදිංචි කිරීම්, නිවාස ඉදිකිරීම්, ඉඩම් මුදා හැරීම්, රැකියා හා යටිතල පහසුකම් සැපයීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී එම ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම අඩුපාඩු ද සමාලෝචනයට භාජනය කෙරෙණු ඇත.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී සහ යාපනයේදී සමාලෝචන රැස්වීම් දෙකක් පැවැත්වෙන අතර, එම අවස්ථාවට මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රජයේ නිලධාරීන් ඇතුළු මහජන නියෝජිතයින්, භාණ්ඩාගාර සහ වෙනත් අදාළ අමාත්‍යංශවල නිලධාරීන් රැසක් සහභාගී වෙති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැති උතුරේ විශේෂ සංචාරයක..! | Lanka Newsweek