අගමැති අරලියගහ මැදුරෙන් පිටව යයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (16) පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික‍්‍රමසිංහ පවුලට අයත්…
ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (16) පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික‍්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගොස් ඇත.
මේ අතර නව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (16) පැවති පාක්ෂික හමුව අවසන් වූ පසු මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය ඊයේ (16) දහවල්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියාය.
2015 ජනවාරි 08 වැනිදා යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය පිහිටුවීමෙන් පසුව 2018 ඔක්තෝබර් 26 වැනි දා දක්වා කාලය තුළදී රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත‍්‍රීන් දෙකක් පමණි.
නමුත් ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික්රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ඒකරාශී කිරිම සදහා රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට තීරණය කළ අතර මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය ද මුළු කාළය තුළම එහි ගත කළාය.
එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ, අග‍්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරිමෙන් පසුව රනිල් වික්රමසිංහ මහතා පුරා දින 50ක් අරලියගහ මනිදිරයේ රැඳී සිටිමින් මෙරට සියලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ඒකරාශී කරන කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත් කිරිමට පියවර ගත් බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1