අගමැතිට එරෙහිව ටිරාන් අලස් එක්ක සමන් අතාවුද කළ කුමන්ත්‍රණය මාට්ටු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

සිසිර පරණතන්ත්‍රි එක්ක චන්දන තිලකරත්නත් කුමන්ත්‍රණයට එක් වෙලා..! අගමැතිගේ දේශපාලන අනාගතය සමන් අතාවුද නිසා අවදානමේ..! (අජිත් වීරසිංහ) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනමාධ්‍යවේදීන් අතර අරලිය ගහ…
සිසිර පරණතන්ත්‍රි එක්ක චන්දන තිලකරත්නත් කුමන්ත්‍රණයට එක් වෙලා..!
අගමැතිගේ දේශපාලන අනාගතය සමන් අතාවුද නිසා අවදානමේ..!
(අජිත් වීරසිංහ)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනමාධ්‍යවේදීන් අතර අරලිය ගහ මන්දිරයේදී සිකුරාදා (01) සවස පැවති විශේෂ හමුව කඩාකප්පල් කිරීමේ අරමුණින් ඊට “මව්බිම” පත්‍රයේ මාධ්‍යවේදීන් පැමිණීම අග්‍රමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස වළක්වා තිබෙන බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබේ.
සියලුම පුවත්වල දේශපාලන තීරු ලිපි රචකයින් නියෝජනය වන පරිදි මේ රැස්වීම කැඳවා තිබුණේ යහ පාලන ජාතික රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු සහ ඉදිරි සැලසුම් පිළබඳව එම ජනමාධ්‍යවේදීන් දැනුවත් කර ඒ අයගේ සහයෝගය ලබා ගැනීම සඳහාය.
එසේ තිබියදී ස්වාධීන රුපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා මාර්ගයෙන් “මව්බිම” පත්‍රයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිසිර පරණතන්ත්‍රි මහතාට කතා කොට ඔහු හරහා එම පත්‍රයේ අයිතිකරු වන ටිරාන් අලස් මහතාට පණිවිඩයක් යවා ඇති සමන් අතාවුදහෙට්ටි මහතා අගමැතිවරයාගේ මේ විශේෂ හමුවට සහභගී නොවන ලෙසට “මව්බිම” මාධ්‍යවේදීන්ට නියෝග කරන්න යැයි දැනුම් දී තිබේ.
ඒ අනුව අගමැතිවරයාගේ මේ විශේෂ හමුවට යන්න සුදානමින් සිටි දෙනගම ධම්මික රණවීර සහ උදේනි සමන් කුමාර යන මහත්වරුන් කැඳවා ඇති සිසිර පරණතන්ත්‍රි මහතා ඒ මාධ්‍යවේදීන් දෙදෙනාට දැනුම් දී තිබෙන්නේ “මව්බිම” පත්‍රයේ කිසිම මාධ්‍යවේදියකු අගමැතිවරයා හමුවීමට නොයවන ලෙසට ටිරාන් අලස් මහතා තමාට දැනුම් දී ඇති නිසා අදාළ රැස්වීමට සහභාගී නොවන ලෙසය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මේ රැස්වීම සංවිධානය කර තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදීන් වන දිනිත් චින්තක කරුණාරත්න සහ අශෝක ජයතුංග යන මහත්වරුන්ය.
මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ඊට මැදිහත් වීමට සමන් අතාවුදහෙට්ටි මහතා ද උත්සහ දරා ඇතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඔහුගේ දායකත්වය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඒ වැඩ කටයුතු සියල්ල දිනිත් චින්තක කරුණාරත්න සහ අශෝක ජයතුංග යන මාධ්‍යවේදීන් මෙහෙය වන බව කියමිනි.
“මව්බිම” පත්‍රයේ මාධ්‍යවේදීන් මේ රැස්වීමට සහභාගීම සමන් අතාවුදහෙට්ටි මහතා වළක්වා ඇති බව හෙළිවීමෙන් පසුව දිනිත් චින්තක කරුණාරත්න සහ අශෝක ජයතුංග යන මහත්වරුන් ඇතුළු මාධ්‍යවේදීන් ඒ පිළිබඳව සාක්කි සහ සාධක ඇතිව රනිල් වික්‍රමසිංහ මහතාට ඒ මොහොතේම පැමිණිලි කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
