අගමැතිගේ මාධ්‍ය නිදහස සමන් අතාවුද වනසයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

“lankanewsweek”වර්ජනය කරන්නැයි මාධ්‍ය ඒකකයට නියෝග කරලා..! සමන් අතාවුද ගැන තීරණයක් ගන්නැයි එජාප අභ්‍යන්තරයෙන් අගමැතිට බලපෑම්..! “I T N” ජපන් ටෙලිනාට්‍ය මගඩියේ තොරතුරු ළඟදීම එළියට..! අගමැති රනිල්…
“lankanewsweek”වර්ජනය කරන්නැයි මාධ්‍ය ඒකකයට නියෝග කරලා..!
සමන් අතාවුද ගැන තීරණයක් ගන්නැයි එජාප අභ්‍යන්තරයෙන් අගමැතිට බලපෑම්..!
“I T N” ජපන් ටෙලිනාට්‍ය මගඩියේ තොරතුරු ළඟදීම එළියට..!
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට අදාළ නිල ප්‍රකාශන,ප්‍රවෘත්ති සහ නිවේදන “lankanewsweek” වෙබ් අඩවියේ කර්තෘවරයා ප්‍රධාන කර්තෘ මණ්ඩලය වෙත “e-mail” මගින් යොමු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා සිය කාර්ය මණ්ඩලයට නියෝග කර තිබේ.
සමන් අතාවුදහෙට්ටි මහතා සිය කාර්ය මණ්ඩලයට මේ නියෝගය කර තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම පියවර තමා විසින් ගන්නා බවට ඇඟවෙන ආකාරයටය.
ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට අදාළ නිල ප්‍රකාශන,ප්‍රවෘත්ති සහ නිවේදන “lankanewsweek” වෙබ් අඩවිය වෙත ලබාදීම අද (22) සිට අත්හිටවනු ලැබ තිබේ.
සමන් අතවදහෙට්ටි මහතා මේ පියවර ගෙන තිබෙන්නේ “අගමැතිගේ තේ පැන් සංග්‍රහය මාධ්‍යවේදීන් රැසක් වර්ජනය කරති” යන ශීර්ෂය යටතේ “lankanewsweek” බ්‍රහස්පතින්දා (19) ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කළ හෙළිදරව්වෙන් පසුවය.
කෙසේ නමුත් අගමැතිවරයාගේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සමීපතම නිලධාරියකු කරුණු තහවුරු කරමින් කියා සිටියේ අගමැතිවරයා කිසිදු අවස්ථාවක එවැනි උපදේශයක් දී නොමැති අතර සමන් අතාවුදහෙට්ටි මහතා සිය පුද්ගලික අභිමතය පරිදි ඔහුගේ කාර්ය මණ්ඩලයට එම නියෝගය කර ඇති බවය.
සමන් අතාවුදහෙට්ටි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මාධ්‍ය හසුරු වන ආකාරය ගැන ද ඔහුගේ ඇතැම් ක්‍රියාකලාපයන් වගේම දේශපාලන භාවිතය ගැන ද කාලයක් මුළුල්ලේ විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙන අතර ඒ පිළිබඳව අරලිය ගහ මන්දිරයේ මේ දිනවල පුළුල් සාකච්ඡාවක් සිදු වන බව ද ඔහු සඳහන් කළේය.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ප්‍රශ්නයක් තිබෙනවා නම් සිය ධූරය සඳහා සුදුසු පුද්ගලයකු පත් කර ගන්නා ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අවසානයේදී දැනුම් දීමට ද සමන් අතාවුදහෙට්ටි මහතාට සිදු වූ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
දේශපාලන පක්ෂයක නිල තොරතුරු යම් මාධ්‍ය ආයතනයකට ලබා දීම අත්හිටුවා එම මාධ්‍ය ආයතනය එම තොරතුරු ලබා ගැනීම වැළැක්විය හැකි යැයි සිතීමෙන් සමන් අතාවුදහෙට්ටි මහතාගේ දැනුමේ සහ අවබෝධයේ තරම මනාව පැහැදිළි වන අතර ඒ පිළබඳව “lankanewsweek” අපි, සමන් අතාවුදහෙට්ටි මහතාට අනුකම්පා කරමු.
එමෙන්ම ජපන් ටෙලිනාට්‍ය ස්වාධීන රුපවාහිනියේ විකාශය කරමින් සිදු කර ඇති මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා ද ඇතුළු තොරතුරු රැසක් “lankanewsweek” සතුව තිබෙන අතර ඒ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සමන් අතාවුදහෙට්ටි මහතා “lankanewsweek” වෙත ලබාදීම වැළැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයට අතිශය වැදගත් ප්‍රවෘත්තිය මෙසේය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යක්‍ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය කර ඇත.
ඒ අනුව ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සාමාජිකයන් බඳවාගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම වැනි වැඩකටයුතු ඉදිරියට මෙහෙයවීම සඳහා නිලධාරීන් තිදෙනෙකුට බලය පැවරෙන අතර, ඔවුන්ට සහය දැක්වීමට විෂය භාර නව ලේකම්වරු තිදෙනෙක්ව පත් කෙරෙනු ඇත.
පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවීම ජාතික සංවිධායකවරයාටත්, ජනසන්නිවේදන හා ප්‍රචාරක කටයුතු ඉදිරියට ගෙන යෑම ඒ සඳහා පත් කරන ප්‍රධානියාට වගකීම් පැවරෙන අතර, පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම් කටයුතු මහලේකම්වරයා වෙත පවරනු ලබයි.
එක්සත් ජාතික පක්‍ෂයේ සිදු කරනු ලබන නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්‍ෂය ශක්තිමත් කිරීම සඳහා පියවර රැසක් මේ වනවිට ගෙන තිබෙන අතර, පක්‍ෂ මූලස්ථානය අංශ තුනකට වෙන් කර නිලධාරී මණ්ඩලයකට බලය පැවැරීම එහි තවත් පියවරකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3