අගමැතිගේ තේ පැන් සංග්‍රහය මාධ්‍යවේදීන් රැසක් වර්ජනය කරති..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සමන් අතාවුදට විරෝධය-අගමැතිට පැමිණිලි..! පැණි වරකෙටත් හෙන ගහයි..! (සුජිත් මංගල ද සිල්වා) අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ…
සමන් අතාවුදට විරෝධය-අගමැතිට පැමිණිලි..!
පැණි වරකෙටත් හෙන ගහයි..!
(සුජිත් මංගල ද සිල්වා)
අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ අද (19) පැවති විශේෂ තේ පැන් සංග්‍රහය අගමැතිවරයාට සමීප ජනමාධ්‍යවේදීන් රැසක් වර්ජනය කර තිබේ.
මේ තේ පැන් සංග්‍රහය මෙසේ වර්ජනය කර තිබෙන්නේ දිනිත් චින්තක කරුණාරත්න සහ අශෝක ජයතුංග යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ මාධ්‍යවේදීන් පිරිසක් වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව ඔහුගේ මාධ්‍ය ආවරණ කටයුතුවල යෙදෙමින් එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දක්වන මාධ්‍යවේදීන් විශාල පිරිසකි.
මේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ මේ විශේෂ තේ පැන් සංග්‍රහයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය ලබා දෙමින් විශාල මාධ්‍ය කාර්ය භාරයක් කරන මාධ්‍යවේදීන් ගණනාවකට ආරාධනා නොකර ඒ වෙනුවට ඔහුටත් එක්සත් ජාතික පක්ෂයටත් මතවාදීව විරුද්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන කර්තෘවරුන් ප්‍රධාන මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබීමය.
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ මේ ක්‍රියාකලාපයට එරෙහිව සියලු දෙනා එකට එක්ව සාකච්ඡා කර මේ පියවර ගත් බව ද මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළ බව ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් “lankanewsweek” සමග පැවසීය.
විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යයෙන් අගමැතිවරයාට,එක්සත් ජාතික පක්ෂයට සහ ආණ්ඩුවට සහයෝගයක් නොමැති අවස්ථාවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව සහ හිතවත්ව සිටින මාධ්‍යවේදීන් සුළු පිරිසත් මෙසේ ඔහුගෙන් ඈත් කරවීමට කටයුතු කිරීමෙන් සමන් අතාවුදහෙට්ටි මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය අගමැතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක යෙදී සිටිනවා ද යන සැකය මතු වන බව ද ඔහු පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතාගේ ක්‍රියාකලාපය සහ දේශපාලන භාවිතාවන් පිළිබඳ තවත් තොරතුරු රැසක් “lankanewsweek” සතුව පතින අතර ඒ තොරතුරු සියල්ල අපි ඉදිර්යේදී හෙළි කරන්නෙමු.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1