අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

(එරන්දි අනුරාධා) රටේ උද්ගතව ඇති ආර්ථික තත්ත්වය සහ එම අර්බුද සමනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට…

(එරන්දි අනුරාධා)

රටේ උද්ගතව ඇති ආර්ථික තත්ත්වය සහ එම අර්බුද සමනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
 
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(07) පෙරවරු 10.00ට රැස්වේ.
 
එහිදී අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය බදු මුදල සපයා ගැනීම සඳහා රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
ණය සීමාව රුපියල් ට්‍රිලියනයක් දක්වා ඉහළ නැංවීම සදහා දේශීය භාණ්ඩාගාර ආඥාපනතේ වන යෝජනාව විවාදයකින් තොරව අනුමත කර ගැනීමට  නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න