අකිල මහ ලේකම් කළාට අගමැති එක්ක අමනාප වී සාගල මහ ගෙදර යයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) අධ්‍යාපන අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහ ලේකම් ධූරය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල…
(සුජිත් මංගල ද සිල්වා)
අධ්‍යාපන අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහ ලේකම් ධූරය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සිය කනස්සල්ල පළ කර තිබේ.
අකිල විරාජ් කාරියවසම් මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය ලබා දෙනවාට විරුද්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාප වී මාතර,දෙනියායේ සිය මුල් ගම් බිම් බලා ගොස් ඇති සාගල රත්නායක මහතා අප්‍රේල් මස 26 වැනිදා “සිරිකොත” මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද වර්ජනය කර තිබේ.
එදා සිට මේ දක්වාම මාතර දෙනියායේ රැඳී සිටින සාගල රත්නායක මහතා සඳුදා (07) පවැත් වෙන එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට ද සහභාගී නොවනු ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු “lankanewsweek” සමග පැවසීය.
මේ ප්රශ්නය විසඳීම සඳහා අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අගමැතිවරයාගේ උපදෙස් මත මාතර දෙනියායට විශේෂයෙන්ම ගොස් සාගල රත්නායක මහතා හමු වී සාකච්ඡා කර ඇතත් මෙතෙක් ප්රශ්නය විසදී නොමැත.
අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කරනවාට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පවා කිසිදු විරෝධයක් එල්ල නොවූ අතර ඊට විරෝධය පළ කරමින් සිටින්නේ සාගල රත්නායක මහතා පමණක් වීම විශේෂ සිද්ධියක් වී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1