අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අකිලට එරෙහි මලික්ගේ කුමන්ත්‍රණය අතේ පත්තු වෙයි..!

මලික් සමරවික්‍රම ආර්ථික ඝාතකයෙකි..!

(උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහා ලේකම් ධූරය ලැබීම වැළැක්වීම සඳහා සභාපති මලික් සමරවික්‍රම මහතා මේ වන විට පක්ෂ…

(උපුල් බණ්ඩාර)

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට  එම පක්ෂයේ මහා ලේකම් ධූරය ලැබීම වැළැක්වීම සඳහා සභාපති මලික් සමරවික්‍රම මහතා මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ රහස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ මෙහෙයුම යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයින්  කිහිප දෙනෙකුට සහ ඔහුගේ පෞද්ගලික සමීපතමයින් ගණනාවකට දුරකතනයෙන් කතා කර ඇති මලික් සමරවික්‍රම මහතා ඒ අයට දැනුම් දී තිබෙන්නේ අකිල විරාජ් කාරියවසම් මහතා එකසත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් නොකරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවන අවස්ථාවලදී ඔහුගෙන් ඉල්ලා සිටින ලෙසය.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතාගෙන් මේ පණිවුඩය ලැබූ, “lankanewsweek” කණ්ඩායම සමග අතිශයින් හිතවත් එහෙත් සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි එම පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකු මෙසේ පැවසිය.

“අපේ සභාපතිතුමා ...මලික් සමරවික්‍රම මහත්තයා මට කතා  කළා. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්කමට අකිල විරාජ් මහත්තයා පත් කරන්න එපා කියා “leader” හම්බ වුණ වෙලාවක කියන්න යැයි මට කිව්වා.මම නම් ඒක අනුමත කළේ නැහැ.නමුත් මම එතුමාට ඒ බව කිව්වෙත් නැහැ.ඒ වගේම මම අගමැතිතුමාට මේ ගැන කියන්න යන්නෙත් නැහැ.ඒත් මට නම් හරිම කණගාටුයි. ඒ කවුරු ගැනවත් නොවෙයි, අගමැතිතුමා ගැන...මේ විදිහටම මේ ගොල්ලෝ සැලසුම් සහගතව විවිධ අය හරහා විවිධ පණිවුඩ යවා එතුමාව නොමග යවන්න ඇද්ද? දවසින් දවස අපෙන් මිනිස්සු ඈත් වෙන්නේ මේ නිසා නොවෙයි ද? අපි සියලු දෙනාටම ඕනෑ මේ පක්ෂය දිනවන්න නේද ? ඉතිං අපි එකිනෙකාට එරෙහිව කපා කොටා ගන්නේ ඇයි? කේළාම් කියන්නේ ඇයි? පක්ෂයක් විදිහට අපිට මේ ඉරණම අත් වෙලා තියෙන්නේ මේ නිසයි. අපේ කාලය ඉවරයි. අපි තරුණයන්ට ඉඩ දිය යුතුයි.නැති නම් අපේ තරුණ පරපුරට එක්සත් ජාතික පක්ෂය කියා  පක්ෂයක් නැති වෙයි.”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අකිලට එරෙහි මලික්ගේ කුමන්ත්‍රණය අතේ පත්තු වෙයි..! | Lanka Newsweek