අකිලට එරෙහිව "මලික්-සාගල"කඳවුරු බඳිති..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සාගල අරලිය ගහ ගෙදර එන්නේ සතියට වතාවයිලු..! (සුමුදු පෙරේරා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වැඩිපුරම අත පෙවිය හැකි පුද්ගලයා කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ කාලයක්…
සාගල අරලිය ගහ ගෙදර එන්නේ සතියට වතාවයිලු..!
(සුමුදු පෙරේරා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වැඩිපුරම අත පෙවිය හැකි පුද්ගලයා කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ කාලයක් මුළුලේ ද්වන්ද සීතල යුද්ධයක යෙදී සිටි මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් අතර අලුත් දේශපාලන මිතුදමක් ගොඩනැගී තිබෙන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.
දෙපාර්ශවය අතර මේ සම්බන්ධය ගොඩනැගී ඇත්තේ අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කිරීමට එරෙහිව යැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් “lankanewsweek” සමග කියා සිටියේ අකිල විරාජ් කාරියවසම් මහතා වට කර ප්‍රහාර එල්ල කරමින් ඔහුගේ කකුලෙන් ඇදීමේ සියුම් වැඩ පිළිවෙළක් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවය.
අකිල විරාජ කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කිරීම,තමාට පක්ෂයේ ප්‍රධාන විධායක තනතුර හෝ උපනායක තනතුරක් ලබා නොදීම සම්බන්ධයෙන් මුල සිටම කලකිරීමට පත්ව සිටී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සිය රාජකාරිය වෙනුවෙන් පවා අරලිය ගහ මන්දිරයට මේ වන විට පැමිණෙන්නේ සතියකට වතාවක් දෙවතාවක් පමණි.
මීට පෙර සතිය මුළුල්ලේම අරලිය ගහ මන්දිරයේ කඳවුරු බැඳ ගෙන සිටී සාගල රත්නායක මහතා මේ වන විට වැඩි කාලයක් ගත කරන්නේ සිය තරුණ කටයුතු සහ ව්‍යාපෘති කළමනාකරණ අමාත්‍යංශයේය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහා ලේකම් ධූරය ලැබීම වැළැක්වීමේ මෙහෙයුම මුලින්ම ආරම්භ කළේ එවකට පක්ෂයේ සභාපතිව සිටි මලික් සමරවික්‍රම මහතා වන අතර ඒ මෙහෙයුම යටතේ, ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප පක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුට සහ අගමැතිවරයාගේ පෞද්ගලික සමීපතමයින් ගණනාවකට දුරකතනයෙන් කතා කර අකිල විරාජ් කාරියවසම් මහතා මහ ලේකම් ධුරයට පත් නොකරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වන අවස්ථාවලදී ඔහුගෙන් ඉල්ලා සිටින ලෙස දැනුම් දී තිබිණ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1