අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අකිලගෙන් මැතිවරණය ගැන විශේෂ නිවේදනයක්

අකිලගෙන් මැතිවරණය ගැන විශේෂ නිවේදනයක්

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එහිදී නලින්…

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ අවධානය යොමු වී ඇති බවද සඳහන් වේ.

එම නිවේදනය මේ ආකාරයෙන් වේ.

"සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව අපගේ බලවත් අවධානය යොමු වී ඇත.

දැන්වීම

ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් එහි මෙහෙයුම් ප්‍රධානීන් විසින් බාර දී තිබුණේ වොක්ෂෝල් වීදියේ මෙහෙයුම් කාර්යාලයටය.

එහි මෙහෙයුම් ප්‍රධානී ලෙස හඳුන්වා දී තිබුණේ තිස්ස අත්තනායක මහතාය.

එකී මෙහෙයුම් කාර්යාලය විසින් සිරිකොත මූලස්ථානය වෙත පවරන ලද සියළු කාර්යයන් ඉතා සාර්ථක අන්දමින් ඉටු කර දී ඇත.

ඊට අමතරව එම මෙහෙයුම් කාර්යාලය විසින් පක්‍ෂයෙන් ඉල්ලා සිටි සියළු සහයෝගය ද, සිරිකොත කාර්යාලය මඟින් සිදුකළ අනෙකුත් සියළු කාර්යයන් ද අපි උපරිම ලෙසින් ලබා දුන්නෙමු.

මැතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් එකතු කිරීමේ වගකීම බාර ගෙන තිබුණේ ද වොක්ෂෝල් වීදිය මෙහෙයුම් කාර්යාලය විසිනි.

ඒ නිසා අරමුදල්වල අනිසි භාවිතයක් වී නම් ඒ පිළිබඳ විමසා බැලිය යුත්තේ එම කාර්යාලය වෙතිනි.

මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ සමාලෝචන රැස්වීම් වාර ගණනාවක් නායකත්ව මට්ටමේ සිට පහළ මට්ටමේ නිලධාරීන් අතර නිතිපතා පැවැත්වුණු අතර, ඒ කිසිඳු රැස්වීමකදී මෙවැනි චෝදනාවන් කිසිවෙකු විසින් එල්ල නොකළ බව ද මෙහිලා අවධාරණය කරමි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අකිලගෙන් මැතිවරණය ගැන විශේෂ නිවේදනයක් | Lanka Newsweek