Saturday 27th of April 2024

English Tamil
Advertiesment


ආණ්ඩුවට එරෙහිව රනිල්-මංගල අලුත් වැඩකට අත ගසයි 


2021-02-28 7605

පුළුල් දේශපාලන-සමාජ ව්‍යාපාරයක් ගොඩනගයි 

 

"රනිල්-මංගල" සුසංයෝගය ගැන "දේශය" පුවත්පත කලබල වෙලා 

 

"බැසිල්-මංගල" හමුවක් ගැන බොරු ප්‍රවෘත්ති මවලා 

 

ආණ්ඩුවේ බැලයෙකු වන රංජිත් ආනන්දගේ වැඩක් 

 

සිය පුවත්පත් ආණ්ඩුවට කඩේ යමින් එජාපයට ගහන ගැහිල්ල නතර කර ගන්න රුවන්ට තවමත් බැරි වෙලා 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

සියලු දේශපාලන සහ සමාජ බලවේග එකට ඒකරාශී කර ආණ්ඩුවට එරෙහි පුළුල් දේශපාලන සහ සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එම නව සහ පුළුල් දේශපාලන-සමාජ ව්‍යාපාරය ගොඩනැගීමේ දී සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, කණ්ඩායම් සහ බලවේග සමග සාකච්ඡා කරමින් ඒ සියලු පාර්ශවයන් සම්බන්ධීකරණය කිරීමේ පූර්ණ වගකීම, බලය සහ කාර්ය භාරය මංගල සමවීර මහතා වෙත පැවරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් පියවර ගෙන ඇත.

ඒ අනුව ඒ ඒ පාර්ශව සමග මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු සාකච්ඡා කරමින් දැනුම්වත් කර ඒ සියලු දෙනා සම්බන්ධීකරණය කිරීමේ කටයුතු මංගල සමරවීර මහතා ආරම්භ කර ඇති අතර, ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හොඳම දේශපාලන සටන් සගයා බවට පත්ව සිටියි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ භාහිර සහ අභ්‍යන්තරික වශයෙන් අර්බුදයට ගොස් තිබෙන මේ මොහොතේ රටට-ජනතාවට අවශ්‍ය වන්නේ අලුත් දේශපාලන-සමාජ ව්‍යාපාරයක් බවය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, කණ්ඩායම් සහ බලවේගවල නියෝජනයක් ලෙස මෙම අලුත් දේශපාලන-සමාජ ව්‍යාපාරය නිර්මාණය විය යුතු යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.  

මෙම "රනිල්-මංගල" නව සුසංයෝගය අතිශය කලබලයට පත්ව ඇති ආණ්ඩුවේ හෙංචයියෙකු සහ සුරතලෙකු වන සීමාසහිත විජය පුවත් සමාගමට "දේශය" පත්‍රයේ ප්‍රධාන කර්තෘ රංජිත් ආනන්ද ජයසිංහ මහතා, "බැසිල්-මංගල" හමුවක් යන ශීර්ෂය යටතේ 2021.02.27 වැනිදා ප්‍රවෘත්තියක් පළ කර තිබෙන අතර ඔහු එසේ කර තිබෙන්නේ විපක්ෂයේ දේශපාලන බලවේග නොමඟ යවමින් මංගල සමරවීර මහතා කෙරෙහි සැකයක් ඇති කරවීමටය.

"බැසිල්-මංගල" හමුවක් ගැන කියමින් රංජිත් ආනන්ද ජයසිංහ මහතා, සිය "දේශය" පුවත්තේ පළ කර තිබෙන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතාගේ අතිශය සමීපතමයෙකුගෙන් "lankanewsweek" කළ විමසුමක දී ඔහු කියා සිටියේ එම ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බවය.

"දේශය" පත්‍රය ප්‍රකාශයට පත් කරන සීමාසහිත විජය පුවත් සමාගමේ අයිතිකරුවා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ පියා වන රංජිත් විජයවර්ධන මහතාය.

 

    

Advertiesment