Friday 26th of April 2024

English Tamil
Advertiesment


රනිල්ට ඔක්සිජන් ගැහුවේ මහින්ද - මෙන්න හෙළිදරව්ව


2021-01-19 7611

නායකත්වයෙන් යන්න එපා කියලා-ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා 

 

මහින්ද-රනිල් රහස් හමුව එළියට..!

 

දෙදෙනා හමු වුණේ 2020 දෙසැම්බර් 27 

 

වජිර අබේවර්ධන එජාප සභාපති වුණේ මෙහෙමයි 

 

අගමැති කාර්යාලය ඉදිරිපිට වජිරට ලොකු කාර්යාලයක් 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

2021 ජනවාරි මාසයේ දී එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සමු ගැනීමට මුලින් සූදානමින් සිටී රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ නව නායකයා ලෙසින් තව දුරටත් එහි රැදී සිටීමට තීරණය කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් මත බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබේ.

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සමීප ආණ්ඩුවේ ප්‍රබල නායකයෙක් "lankanewsweek" සමග හෙළිදරව් කර සිටියේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් කොළඹ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ දී 2020 දෙසැම්බර් මස 27 වැනිදා සිදු වූ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවය. 

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තව දුරටත් රැදී සිටිමින් එම පක්ෂයට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී වැඩි දුරටත් දැනුම් දුන් බව ද ඔහු "lankanewsweek" සමග සඳහන් කර සිටියේය.

කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ද ප්‍රබල නායකයෙකුව සිටී වර්තමානයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සමීප ආණ්ඩුවේ එම ප්‍රබල දේශපාලන නායකයා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු හෙළිදරව් කරමින් "lankanewsweek" සමග මෙසේද කීය.

"අගමැතිතුමයි රනිල් වික්‍රමසිංහයි 2020 දෙසැම්බර් 27 වැනිදා හමු වුණා. එහිදී රටේ දේශපාලන තත්ත්වය වගේම ඉදිරි වැඩ කටයුතු, අභියෝග සහ ප්‍රශ්න ගැන සාකච්ඡා කෙරුණා. එක්සත් ජාතික පක්ෂය ගැනත් කතා වුණා. ඒ වෙලාවේ දී තමයි අගමැතිතුමා කිව්වේ කලබල වෙලා නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න එපා කියලා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න කියලත් අගමැතිතුමා මෙහිදී රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියා. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් පැහැදිළි කළා. 

මහා මැතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහට එක් වරක් දුරකතනයෙන් කතා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඔහුට දැනුම් දී තිබුණේ ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලයි. එක්සත් ජාතික පක්ෂයේ මේ නායකත්ව ප්‍රශ්නය මතු වෙලා අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ ඉඳලම වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාව කෙසේ හෝ නායකත්වයේ තබා ගැනීමට කරන්න පුළුවන් හැම දේම කළේත් මේ පසුබිම මත තමයි.

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අවශ්‍යතාවය වජිර අබේවර්ධන හොඳටම දන්නවා. ඔහු සිටින්නේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සමග බව කවුරුත් දන්නවා. අගමැතිතුමා සහ වජිර අබේවර්ධන අතර සම්බන්ධීකරණය කරන්නේ ගාමිණී සෙනරත් මහත්තයා. මේ වන විට වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාල ඉදිරිපිට විශාල කාර්යාලයක් ද පවත්වා ගෙන යනවා.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ලෙස නැවත පත් වන්නේත්, වජිර අබේවර්ධන පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් වන්නේත් අනෙකුත් අයට ඒ ඒ තනතුරු හිමි වන්නේත් මේ පසුබිම මත තමයි. එක්සත් ජාතික පාක්ෂිකයින් මේ කිසිවක් දන්නේ නැහැ. මෙහිදී අගමැතිතුමා ප්‍රධාන ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. ඒ අය උපායශීලියි. දේශපාලනය කියනේ ඒක තමයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයත් එක්ක රනිල් වික්‍රමසිංහටයි එක්සත් ජාතික පක්ෂයටයි හැරෙන්නවත් බැහැ. මේ වන විට රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන උපදේශකයා බවට පත්ව සිටින්නේත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා තමයි."   

Advertiesment