Saturday 27th of April 2024

English Tamil
Advertiesment


නීතිය සහ නීතීඥයෝ 


2021-01-14 7870

(සුදර්ශන ගුණවර්ධන)
 

2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව පිළිබඳ අවධානය ඉහළ ගියේය. George W. Bush ජනාධිපතිවරයාගේ ආණ්ඩුව හෙවත් සාමාන්‍යයෙන් හඳුන්වන පරිදි "බුෂ් පරිපාලනය" විසින් "Stellar Wind" නම් වූ ආවේක්ෂණ වැඩ පිළිවෙළක් (Surveillance Program) දියත් කළේය. 

කලින් කලට මෙම වැඩ පිළිවෙළ නීතියට අනුකූලද යන්න විමසා නැවත ක්‍රියාත්මක කිරීමට අවසරලබා  දීමේ, එනම් "Review and Renew" කිරීමේ බලය පැවතුණේ අධිකරණ දෙපාර්තමේන්තුවේ (Justice Department) ප්‍රධානියා වූ ඇටර්නි ජෙනරල් (Attorney General) සතුවය. "Stellar Wind" වැඩ පිළිවෙළ පිළිබඳ පුනරීක්ෂණය කිරීමේදී අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් තීරණය කළේ මෙම ආවේක්ෂණ වැඩ පිළිවෙළ නීති විරෝධී බවයි. 

2004 මාර්තු මාසයේදී මෙම වැඩ පිළිවෙළ "Renew" කරන්නට හෙවත් අලුත් කරන්නට නියමිතව තිබුණු අතර එවකට වැඩ බලන ඇටර්නි ජෙනරල් James B. Comey වැඩ පිළිවෙළ "Renew"  කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ කාලයේදී ඇටර්නි ජෙනරල් ලෙස ක්‍රියා කළ John D. Ashcroft ගිලන්ව රෝහල්ගත ව සිටි නිසා ධූරයේ වැඩ බලන ලද්දේ James B Comey විසින් ය. 

රෝහලට ගොස් ගිලන් ඇඳෙහි සිටින ඇටර්නි ජෙනරල් John D. Ashcroft ට පෙරැත්ත කොට ඔහු ලවා James B Comey ගේ විරෝධතා නොතකා මෙම වැඩ පිළිවෙළ සඳහා අවසර ලබා ගැනීමට ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී (White House Chief of Staff) Andrew H. Card JR සහ ධවල මන්දිරයේ නීතිඥයා වූ (And White House Counsel) Alberto R. Gonzales මේ අවස්ථාවේ තීන්දු කළහ. 

මේ ආරංචිය ලැබුණු විගසම James B Comey  ද විගස රෝහල වෙත දිව ගිය අතර තම සහය පිණිස (Moral Support) පැමිණෙන්නැයි එවකට "FBI"  හෙවත් ෆෙඩරල් විමර්ශන පිළිබඳ කාර්යාංශයේ අධ්‍යක්ෂව (FBI-Director)  සිටි  Robert S. Mueller ට ද කිවේය. කෙසේ වුවත් ඇටර්නි ජෙනරල්ට  අමුතුවෙන් තල්ලුවක් දීමට අවශ්‍ය වී නොතිබිණි. 

"Renew" කිරීමට අනුමැතිය ලබා දීම John D. Ashcroft ප්‍රතික්ෂේප කළ බැවින් Andrew H. Card ට සහ Alberto R. Gonzales ට හිස් අතින් ආපසු හැරී යන්නට සිදුව තිබිණි. තවත් මඳ වේලාවකින් එතැනට පැමිණි "FBI" අධ්‍යක්ෂ Robert S. Mueller තමන්ගේ ප්‍රධානියාද වන ගිලන් ඇඳේ සිටී ඇටර්නි ජෙනරල් අමතා මෙසේ කී බව James B Comey සිය ජීවන සටහන් හි සඳහන් කරයි. එනම්, "In Every Man’s Life There Comes A Time When The Good Lord Tests Him. You Passed Your Test Tonight." මේ මොහොතේ තමාට  හැඬුම් ආ බව James B Comey  සටහන් කරයි. "The Law Had Held."

මීළඟ සිදුවීම "වධහිංසනයට ලක් කිරීම" සම්බන්ධයෙනි. ජෝර්ජ් බුෂ් පරිපාලනය විසින් ක්‍රියාත්මක කළ "Enhanced Interrogation Techniques" නිත්‍යනුකූල බවට සහතික කරවා ගැනීමට අවශ්‍ය විය. නමුත්, අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නීතිඥයා වූ (Chief Counsel At The Justice Department) Jack Goldsmith විශ්වාස කළේ එම ක්‍රියාව නීති විරෝධී බවයි. James B Comey ද එම මතය දැරූ අතර අනුමැතිය ලබා නොදී සිටීමට ඔහු හැකිතාක් වැර වෑයම් කළේය.

මෙවැනි සෑම සිදුවීමකදීම ධවල මන්දිරය වෙතින් එල්ල වූ පීඩනය අතිමහත් විය. ඉහත සඳන් අවස්ථාවේදී තමන් සහ එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් අතර ඇති වුණු දෙබසක් James B Comey විස්තර කරයි. "I say what the law is for the executive branch.." යනුවෙන් ජෝර්ජ් බුෂ් තමා විසින් පත් කරන ලද උප කැබිනට් තනතුරක් (Sub-Cabinet Appointee) දරන James B Comey ට කීවේය. (කැබිනට් මණ්ඩලයට අයත් වන්නේ අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ඇටර්නි ජෙනරල්ය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඔහු ගෙන් පහළ නිලධරයන් උප කැබිනට් මට්ටමේ ලා සැලකෙති.) 

James B Comey මෙසේ පිළිතුරු දෙන්නේය. "You do, sir. But only I can say what the Justice Department can certify as lawful. And we can’t here. We have done our best, but as Martin Luther said, Here I stand. I can do no other." එක් අතකින් James B Comey සහ  Robert S. Mueller යන දෙදෙනාම රිපබ්ලිකන් පාක්ෂිකයන් ය. අනෙක් අතින් ඔවුන් දරන තනතුරු ඔවුන්ට ලැබෙන්නේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ අනුග්‍රහයෙන් බැවින් ඔවුන් ඔහුට ණය ගැතිය. එනමුත්, ඔවුන් දෙදෙනාම තම පෞද්ගලික පක්ෂපාතීත්වය සහ දේශපාලන බෙදීමට වඩා ඉහළින් නීතිය කෙරෙහි ඔවුන්ට ඇති වගකීම තැබීමට නිරන්තරයෙන්ම කටයුතු කිරීම ඉහත විස්තර කර ඇති අවස්ථාවන්හි ඇති සිත් කාවදින සුළු තත්ත්වය වෙයි.

මෙම හැසිරීම සමහරවිට කෙනෙකුගේ පෞද්ගලික චරිත ශක්තියෙහි ප්‍රතිඵලයක් විය හැකිය. නමුත්, එම ස්භාවය වනාහි නීතිමය පුහුණුව නිසාද ගොඩනැගුණු චර්යාවක් ද වෙයි. මේ කතාව හුදෙක් Robert S. Mueller සහ James B Comey පිළිබඳ කතාවක් පමණක් නොවේ. ඒ වනාහි ජනාධිපතිවරයා අන් අයුරකින් සිතන අවස්ථාවන්හිදී පවා ආණ්ඩුව නීතිය විසින් දක්වා ඇති සීමාවන් ඇතුළත ක්‍රියාත්මක වීම රටට ඉතා තීරණාත්මක බව විශ්වාස කරන්නා වූ ආණ්ඩුවේ විවිධ අංශවල වැඩ කරන නීතිඥයන් පිළිබඳ කතාවකි. 

The story is really not just about Robert S. Mueller and James B Comey, but about the lawyers in various parts of the government who believe that it is crucial for the country that the government operate within the law. - even if the president wishes otherwise.

2017 ජුනි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට Robert S. Mueller ඔහුගේ ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වූ අවස්ථාවේදී, එසේ කළ හොත් ඊට විරෝධය පළ කොට තමන් ද ධූරයෙන් ඉල්ලා අස් වන බවට ධවල මන්දිරයේ නීතිඥයා වන Donald McGahn විසින් කරන ලදැයි කියන තර්ජනය ඒ සඳහා උදාහරණයකි. 

ජෝර්ජ් බුෂ් පරිපාලනයෙන් ඉවත් ව යාමට නොබෝ දිනකට පෙරාතුව James B Comey ජාතික ආරක්ෂක ආයතනයෙහිදී දේශනයක් පැවැත්වීය. එහිදී ඔහු මෙසේ කීය. "It is the job of a good lawyer to say "yes." It is as much the job of a good lawyer to say "No." "No" is much, much harder. "No" must be spoken into a storm of crisis, with loud voices all around, with lives hanging in the balance. "No" is often the undoing of a career."

ඇමරිකාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් නැගෙන එක් විවේචනයක් නම් එහි ඕනෑවටත් වඩා නීතිඥවරුන් සිටින බවයි. ඒ කතාව ඇත්ත විය හැකි නමුත්, ඇමරිකාව සතුව ඇති බලවත් ශක්තියක් වන්නේ එහි නීතිමය සාහිත්‍යයයි. Alexis de Tocqueville But he took comfort in the fact that, as he put it, American aristocracy can be found "at the bar or on the bench." වරෙක කම්පා වූයේ "without a class of patriotic and selfless aristocrats, the United States could fall prey to demagogues and populists." බවයි නමුත්, ඔහු තම කම්පාව මඟ හැර ගත්තේ lawyers, with their sense of civic duty, created a "form of public accountability that would help preserve the blessings of democracy without allowing its untrammeled vices." කියමිනි. 
මේ සම්බන්ධව වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියන Fareed Zakaria මෙසේ කියයි. "Comey’s memoir reveals that America does indeed have a deep state. It is one of law and lawyers. And we should be deeply grateful for it."

(Fareed Zakaria විසින් 2018 අප්‍රේල් 19 දින Washington Post හි පළ කරන ලද ලිපියක් පදනම් කර ගෙන ලියන ලදී.)

 

 

 


 

Advertiesment