Friday 26th of April 2024

English Tamil
Advertiesment


එජාපයේ සරසවි පදනම දෙදෙරයි-උගත්තු පක්ෂය හැර යති 


2020-11-01 7621

කරූට-නවීන්ට අවස්ථාව දෙනු 

 

රවී-අර්ජුන පෙරට ගනු 

 

එජාපය ගොඩනගන්න බුද්ධි මණ්ඩලයක් ඕනෑ 

 

රනිල්-රුවන්-අකිල-සාගල-වජිර ප්‍රතික්ෂේප කරති 

 

කෘත්‍යාධිකාරිය වහල් කඳවුරක්

 

මහා සංඝ රත්නයේ ස්ථාවරය යළිත් අවධාරණය කෙරේ 

 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

එක්සත් ජාතික පක්ෂයට දීර්ඝ කාලයක් මුළුල්ලේ මතවාදීව සහය පළ කරමින් සිටී විශ්ව විද්‍යාලවල සක්‍රීය සේවයේ නියුතු ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් අතිශය ජ්‍යෙෂ්ඨ මහාචාරවරුන් සහ ආචාර්යවරුන් විශාල පිරිසක් මේ වන විට එම පක්ෂයේ සියලු ක්‍රියාකාරී කටයුතුවලින් ඈත් වී හුදෙකලාව සිටිති.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ පොදු ජන මතයට, ජන විඥානයට සේම හෘද සාක්කියට ගරු නොකර තව දුරටත් ඊට පස්ස හරවා ගෙන සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් ප්‍රධාන එම පක්ෂයේ නායකයාගේ එහෙයියන් ගෙන් යුතු ඊනියා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජනතා විරෝධී, නිද්‍රාශීලී සේම ආණ්ඩුවට පක්ෂපාතී ක්‍රියා කලාපය වේ.

එක්සත් ජාතික පක්ෂයට දීර්ඝ කාලයක් මුළුල්ලේ මතවාදීව සහය පළ කරමින් සිට මේ වන විට එම ක්‍රියාකාරකම්වලින් මුළුමනින්ම ඈත් වී සිටින්නේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ වාණිජ්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, වයඹ විශ්ව විදයාලේ ගණකාධිකරණ දෙපර්තම්නේතුවේ, මූල්‍ය කළමනාකරණ පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, පේරාදෙණිය විශ්ව විදයාලේ කලා පීඨයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තම්න්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ සහ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විදයාලේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් සේම එම විශ්ව උගතුන් යටතේ සිටින එම විශ්ව විද්‍යාලවල ආදුනික කථිකාචාර්යවරුන් පිරිසකි.

මෙම විශ්ව විද්‍යාල මහාචාර්ය-ආචාර්ය-කථිකාචාර්යවරුන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ රැඩිකල් දේශපාලන පෙරළියක් ඔස්සේ සිදු කරන සියලු පාර්ශවයන්ට පිළි ගත හැකි සාධනීය දේශපාලන ප්‍රතිසංවිධාන, උපාය සහ උපක්‍රම මගින් එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමට සහ බිම් මට්ටම දක්වාම ගෙන ගොස් සියලු ජාතීන්ට සේම සියලු ආගමිකයින්ට ද එකට එක් විය හැකි, එනමුත් සැබෑ සිංහල-බෞද්ධ ජාතික බලවේගයක් බවට වහාම පත් කළ යුතු බවය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ, උපදේශක හෝ අනුශාශක ලෙස තව දුරටත් ක්‍රියා කරමින් සිය දැනුම, අත්දැකීම් සහ පළ පළපුරුද්ද පක්ෂයේ දියුණුවට ලබා දීමේ ප්‍රශ්නයක් නොමැති නමුත්, මේ විජයග්‍රහී ඉලක්කය වෙත පක්ෂය මෙහෙයවීමේ පූර්ණ බලය සහ වගකීම හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතාට හෝ නොඑසේ නම් එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාට නියත ලෙසම පැවැරිය යුතු බව ද ඔවුහූ අවධාරණය කර සිටිති.

එක්සත් ජාතික පක්ෂය විජයග්‍රහණය කරා මෙහෙය වන මෙම මෙහෙයුම සඳහා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන එහි උප නායක රවී කරුණානායක, ජෝන් අමරතුංග, පාලිත රංගේ බණ්ඩාර, දයා ගමගේ, අනෝමා ගමගේ, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න, ආනන්ද කුලරත්න, පාලිත තෙවරප්පෙරුම, චම්පිකා ප්‍රේමදාස, කේ. කේ. පියදාස සහ අර්ජුන රණතුංග යන මහත්ම මහත්මීන් පෙරට ගෙන එම කණ්ඩායමට වගකීම් සහ බලතල පැවරීය යුතු යැයි ද විශ්ව විද්‍යාල ප්‍රජාවේ ස්ථාවරය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙසේ යළි ගොඩනඟා ජයග්‍රහණය කරා මෙහයවමින් අහිංසක සහ අන්ත අසරණ සුවහසක් පාක්ෂිකයින්ට සාධාරණය ඉටු කරමින් රට ද ගොඩනැගීමට අදාළව උපාය, උපක්‍රම, අදහස්, යෝජනා සහ න්‍යායයන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රාමාණික බුද්ධිමතුන්ගෙන්, විශාරදයින්ගෙන් සහ ප්‍රායෝගික වාදීන්ගෙන් යුතු විශේෂ බුද්ධි මණ්ඩලයක් (THINK TANK) පක්ෂයට අනු බද්ධිතව පිහිටු විය යුතු බව ද ඔවුහූ වැඩි දුරටත් අවධාරණය කර සිටිති.

එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කරන විශ්ව විද්‍යාල මහාචාර්ය-ආචාර්යවරුන් පමණක් නොව මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ද එම පක්ෂයට තව දුරටත් සහය පළ කිරීමෙන් වැළකී සිටින බව "එජාපය පාළු සුසානයක් වෙලා" යන ශීර්ෂය යටතේ "lankanewsweek" 2020.10.09 වැනිදා විශේෂ හෙළිදරව්වක් කළ අතර පාඨක ඔබගේ වැඩි දුර අධ්‍යනය සහ දැන ගැනීම සඳහා එම ප්‍රවෘත්තිය ද අපි මෙසේ යළිත් පළ කර සිටිමු.  

 

 

එජාපය පාළු සුසානයක් වෙලා

 

ජ්‍යෙෂ්ඨයෝ බහුතරය නිහඬ වෙති

 

මහා සංඝ රුවන පක්ෂය හැර යති 
 

අර්ජුන රණතුංග ඉල්ලා අස් වෙලා 
 

එජාප අනුබද්ධිත සංවිධාන බිඳ වැටිලා 
 

"සිරිකොත" සේවක සේවිකාවන් කලකිරිලා 
 

කරූ ජයසූරිය අලුත් භූමිකාවක
 

රනිල්ටයි-රුවන්ටයි සංඝ රත්නයේ ආශීර්වාදයක් නැහැ 
 

බෝපිටියේ ධම්මිස්සර-තීනියාවල පාලිත නා හිමිවරුන් දැඩි ස්ථාවරයක
 

"රනිල්ගෙයි-රුවන්ගෙයි" කණ්ඩායම මෙන්න 
 

නියෝජ්‍ය නායක නොහැකියාව ගැන සිරිකොතෙන් ඇසෙන කතා
 

"රනිල්-රුවන්" වෙල මැද තනි වෙති 

 

(සුජිත් මංගල ද සිල්වා)
  

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බහුතරයක් ද, මහා සංඝරත්නය ප්‍රධාන සර්ව ආගමික නායක්යින් ද, තරුණ තරුණියන් සහ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් ද මේ වන විට එම පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් බැහැර ව හුදෙකලාව සිටිති.

මේ හේතුවෙන් "සිරිකොත" මූලස්ථානය සහ එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් පාළු සුසානයක් බවට බත්ව තිබෙන අතර "සිරිකොත" සේවක සේවිකාවන් ද සිටින්නේ අතිශය කලකිරීමෙන් බව එම පක්ෂයට අනුබද්ධිත ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ක්‍රියාකාරීව සිටින්නේ, පාක්ෂිකයින් ඇතුළු ජනතාව අතිශයින්ම ප්‍රතික්ෂේප කරන සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය සහ සන්දිත් සමරසිංහ යන මහත්වරුන් වන අතර රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ගොඩනගන්න යන්නේ අභිනව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන මෙම කණ්ඩායම සමග බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන ජෝන් අමරතුංග, පාලිත රංගේ බණ්ඩාර, දයා ගමගේ, අනෝමා ගමගේ, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න, රවී කරුණානායක, ආනන්ද කුලරත්න, පාලිත තෙවරප්පෙරුම, චම්පිකා ප්‍රේමදාස, කේ. කේ. පියදාස සහ අර්ජුන රණතුංග යන මහත්ම මහත්මීහූ මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිති. 

මේ අතර සිංහල බෞද්ධ පදනම යටතේ ජාතිකවාදී සහ ගෝලීය ආරකින් එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් යළි ගොඩනැගීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් නිසා හිටපු කතා නායක දේශබන්දු කරූ ජයසූරිය මහතා ද, පක්ෂ ක්‍රියාකාරකම්වලින් බැහැරව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය යටතේ රටේ සිවිල් ව්‍යාපාරයට නායකත්වය ලබා දෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල සටනක යෙදී සිටියි.  

විශේෂම සිද්ධිය වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන ඔහුගේ කණ්ඩායමට කිසිදු ආශීර්වාදයක්, සහයෝගයක් සහ අනුග්‍රහයක් ලබා නොදීමට තීරණය කරමින්, එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර සහ මහා ලේකම් තීනියාවල පාලිත යන නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය පක්ෂ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීම හේතුවෙන් එම පක්ෂයේ සංඝ බලය සේම සිංහල-බෞද්ධ පදනම බිංදුවටම ඇද වැටී තිබීමය. 

එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත සන්නිවේදන බලකාය ඇතුළු සංවිධාන ගණනාවක් මෙහෙයවමින් ඊට නායකත්වය ලබා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පුද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා "සිරිකොත" මුලස්ථානයට ද නොපැමිණ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් එම සංවිධාන ජාලය ද මේ වන විට මුළුමනින්ම අක්‍රිය වී තිබේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් ප්‍රධාන කණ්ඩායමේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සහ එම ක්‍රියාකලාපය පිළිබඳව අතිශය කලකිරීමෙන් යුතුව ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම දැඩි ආන්දෝලනයට තුඩු දී ඇත. 

ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් සහ "සිරිකොත" සේවක සේවිකාවන් පිරිසක් "lankanewsweek" සමග අදහස් දක්වමින් වැඩි දුරටත් පෙන්වා දුන්නේ, සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සිංහල-බෞද්ධ පදනම මත එක්සත් ජාතික පක්ෂය ජාතික සහ ගෝලීය ආරකින් යළි ගොඩනැගීමට අදාළව සාධනීය ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමට අභිනව නියෝජ්‍ය නායක රුවන් විජය වර්ධන මහතා මේ වන තුරුත් අපොහොසත් වී සිටින බවය. 

ඔහු මේ වන විට කරමින් සිටින්නේ "සිරිකොත" මුලස්ථානයට පැමිණ සියලු දෙනා එකට ඒකරාශී කරමින් පුළුල් සංවාදයක් සිදු කර විවිධ සැලසුම් උපාය සහ උපක්‍රම ඔස්සේ පක්ෂය යළි ගොඩනැගීමට කටයුතු කිරීම නොව, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, සන්දිත් සමරසිංහ, කස්තුරි අනුරාධ නායක සහ ශාන්තිනි කෝන්ගහගේ ඇතුළු සිය කණ්ඩායම සමග රට වටා සංචාරය කිරීම පමණක් යැයි ද ඔවුහූ පෙන්වා දුන්හ.    

 

  

Advertiesment