Friday 26th of April 2024

English Tamil
Advertiesment


පලි ගැනීම්වලට ලක් වන පාක්ෂිකයින්ට නවීන්ගේ පිහිට  


2020-07-06 7983

නීති ආධාර-උපදෙස් නොමිලයේ 

 

අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටියි 

 

පාක්ෂිකයින් රකින නවීන්ගේ නීති මෙහෙයුම මෙන්න 

 

(සුජිත් මංගල ද සිල්වා)


එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ආණ්ඩුව සිදු කරන දේශපාලන පලි ගැනීම්වලට එරෙහිව දැඩි නීතිමය සහ දේශපාලන පියවර ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නීතීඥ නවීන් දිසානායක මහතා කටයුතු යොදා තිබේ.

ආණ්ඩුවේ දේශපාලන පලි ගැනීම්වලට ලක් වන එක්සත් ජාතික පාක්ෂිකයින්ට නීති ආධාර, මඟ පෙන්වීම්, සම්බන්ධීකරණ කටයුතු සහ සියලු උපදෙස් මෙම වැඩ පිළිවෙළ යටතේ නොමිලයේම ලබා දෙන අතර අවශ්‍යතාවය පරිදි එම එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටීමට නවීන් දිසානායක මහතා තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ස්ථිර සේවයේ නියතුව සිටී එක්සත් ජාතික පාක්ෂිකයින් හතළිස් පහකගේ සේවය අත්හිටුවමින් ආණ්ඩුව ඔවුන්ගෙන් දේශපාලන වශයෙන් පලි ගත්තේ යැයි කියන සිද්ධියට එරෙහිව නඩු පවරමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා 2020.06.30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටියේ මෙම විශේෂ නීති ආධාර වැඩ පිළිවෙළේ පළමු පියවර ලෙසය.

අගතියට පත් වූ එම එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක නීතීඥ නවීන් දිසානායක මහතා සමග නීතීඥ පාලිත සුභසිංහ මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටී අතර මෙසේ සිය අයිතීන් වෙනුවෙන් අසාධාරණයට එරෙහිව පෞද්ගලිකවම පෙනී සිටීම සම්බන්ධයෙන් එම එක්සත් ජාතික පාක්ෂිකයෝ නවීන් දිසානායක මහතාට සිය ආචාරය පුද කළහ.   

Advertiesment