Friday 26th of April 2024

English Tamil
Advertiesment


රුවන් බබාගේ එජාප මාධ්‍ය මෙහෙයුමත් සුන්


2020-06-17 7945

මිනිස්සු නැහැ-සල්ලි නැහැ-දැනුම නැහැ 

 

ඊනියා මහැදුරාටයි-පිරිමි හෙදියටයි විරෝධය 

 

ආශුගෙයි-සමන්ගෙයි "Game Plan" එළියට 

 

බහිරවයෝ වගේ රුපවාහිනී බදා ගෙන සිටින හේතු මෙන්න 

 

මාධ්‍ය ප්‍රධානියෙකු නැහැ-වැඩ පිළිවෙළක් නැහැ

 

 

මහා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය, වැඩ පිළිවෙළ සහ වැදගත්කම සේම ආණ්ඩු විරෝධය සමාජ ගත කළ හැකි විධිමත් වැඩ පිළිවෙළක් සකසා ගත නොහැකිව එම පක්ෂයේ මාධ්‍ය සහ සන්නිවේදන ඒකකය මුළුමනින්ම අනාථ වී සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සහ සන්නිවේදන ඒකකයේ සභාපති ධූරය දරන්නේ, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධිපති රංජිත් විජයවර්ධන මහතාගේ පුත්, ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්ව අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා විසින් වන අතර ඔහුට මේ විෂයට අදාළව ඊනියා උපදෙස් ලබා දෙමින් සහ ඔහු මෙහෙයවමින් ඔහුට වන්දිභට්ටකම් කරන්නේ මහාචාර්යවරයෙකු ලෙස පෙනී සිටින ආශු මාරසිංහ සහ හෙද නිලධාරියෙකු වන සමන් රත්නප්‍රිය යන මහත්වරුන්ය.

සියලු රූපවහිනී නාලිකාවල මේ දිනවල විකාශය වන දේශපාලන සංවාද සහ වාද විවාද ඇතුළු වැඩ සටහන්වල දී එක්සත් ජාතික පක්ෂයේ  "කෝකටත් තෛලය" ලෙස විරුදාවලිය ලැබ සිටින මේ ඊනියා මහැදුරාගේ සහ පිරිමි හෙදියගේ මුහුණත් තහඩු දෙක හැරුණු කොට කිසිදු වැදගත්, උගත්, බුද්ධිමත් සහ ලොව පිළිගත් අලුත් පුද්ගලයින්ගේ මුහුණු දක්නට නොලැබෙන්නේ එම පසුබිම මතය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මේ පුද්ගලයින් දෙදෙනා, රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් අන්දවා ගෙන මෙම රුපවාහිනී වැඩ සටහන්වලට කිසිවෙකුට යන්න ඉඩ නොතබා ඔවුන් පමණක් යන්නේ පක්ෂය වෙනුවෙන් ආණ්ඩුවට සහ සජිත් ප්‍රේමදාස පාර්ශවයට එරෙහිව මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කළේ ඒ අය පමණක් බව අඟවමින් යළිත් වතාවක් පිනට පාර්ලිමේන්තු යන්න යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් "lankanewsweek" සමග පැවසීය.

කෙසේ නමුත් මහා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය, වැඩ පිළිවෙළ සහ වැදගත්කම සේම ආණ්ඩු විරෝධය සමාජ ගත කළ හැකි විධිමත් වැඩ පිළිවෙළක් සකසා සකසා ගැනීමට මේ ඊනියා මහැදුරාට සහ හෙද නිලධාරියාට මෙතෙක් නොහැකි වී ඇති අතර එමගින්ම මොවුන්ගේ නොහැකියාව ඔප්පු වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය නියෝජනය කරන තරුණයින් පිරිසක් "lankanewsweek" සමග කියා සිටියේ රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ඒකකය එදා සිට මේ දක්වා රැස් වූ කිසිදු අවස්ථාවක මේ පුද්ගලයින් දෙදෙනා සිය තරුණ අදහස් සහ යෝජනාවලට කිසිදු ඉඩක් ලබා නොදුන් බවය.

ආශු මාරසිංහ යනු සැබෑ මහාචාර්යවරයෙකු නොවන බව සහ තමා මහාචාර්යවරයෙකු බව කියමින් ඔහු මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂය අන්දවා ඇති බව කියන්නේ "lankanewsweek" නොව මේ රටේ විශ්ව විද්‍යාලවල සක්‍රීය සේවයේ නියුතු කීර්තිමත් ආචාර්ය-මහාචාර්යවරුන් වන අතර ඒ බව සාක්කි සාධක ඇතිව හෙට අනිද්දාම රට-ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට ඔවුන් කටයුතු යොදා තිබේ.

මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් "lankanewsweek" ආශු මාරසිංහ මහතාගෙන් කළ විමසුමකදී, ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාට පවරා ඇති රාජකාරිය තමා පක්ෂය අභ්‍යන්තරයේ අකුරටම ක්‍රියාත්මක කරමින් සිටින අතර සිය මහාචාර්ය පදවිය තමාට පිරිනමා තිබෙන්නේ ජපානයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සහ සන්නිවේදන ඒකකයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස එම ක්ෂේත්‍රයට අදාළව අත්දැකීම් සහ පළපුරුද්ද ඇති ප්‍රාමාණික බුද්ධිමතෙකු සොයා ගැනීමට රුවන් විජයවර්ධන මහතා මේ වන විටත් අපොහොසත් වී සිටින අතර "lankanewsweek" නම් ඔහුට යෝජනා කර සිටියේ ඒ සඳහා "ලංකාදීප" ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා පත් කර ගන්නා ලෙසය.

එමෙන්ම මෙම මාධ්‍ය සහ සන්නිවේදන ඒකකයෙන් කිසිදු වැඩක් නොකෙරෙන බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද රුවන් විජයවර්ධන මහතා වෙත අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල කර තිබේ. ඒ සෑම  අවස්ථාවකදීම සිය අවංකකම, අසරණකම සහ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් රුවන් විජයවර්ධන මහතා සිය මාධ්‍ය සහ සන්නිවේදන ඒකකය කැඳවා කියා තිබෙන්නේ, මේ ඒකකයෙන් කිසිදු පලක් නොමැති බවට රනිල් වික්‍රමසිංහ මහතා තමාට චෝදනා එල්ල කරන බවය.

මේ අතර මහා මැතිවරණය වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුම් රාජකාරි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සහ සන්නිවේදන ඒකකයේ කණ්ඩායම "Laptop" පරිගණනකයක්, Video කැමරාවක් සහ Still කැමරාවක් පක්ෂයෙන් ඉල්ලා ඇතත් එම කණ්ඩායමට එම පහසුකම් සලසා දීමට ආශු මාරසිංහ ඊනියා මහැදුරා සහ පිරිමි හෙදිය මේ වන විටත් අසමත් වී සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සහ සන්නිවේදන ප්‍රධානියා ලෙස වගකීම් භාර ගෙන සියලු මෙහෙයුම් ක්‍රියාත්මක කරවමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට අදාළව ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ නීතීඥයෙකු වන ගයිරික පේරුසිංහ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර මේ වන විට සෑහෙන කාලයක් ගත වී තිබෙන නමුත් ඊට ද මෙතෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැත.  

 

Advertiesment