Saturday 27th of April 2024

English Tamil
Advertiesment


නිවාඩු පනත අනුව නාම යෝජනා අවලංගු වේද..?


2020-05-06 7854

පනත මුල් කර ගෙන කණ්ඩායමක් අධිකරණයට 

 

නිවාඩු පනතේ 5 වැනි වගන්තිය මෙන්න

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

නිවාඩු පනතේ 5 වැනි වගන්තියට අනුව රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයකදී කිසිදු නීත්‍යානුකූල ගනුදෙනුවක් කිසිසේත් සිදු කළ නොහැකි බව පැහැදිළිව සඳහන් වන තත්ත්වය හමුවේ, රජයේ නිවාඩු දිනවල භාර ගත් මහ මැතිවරණ නාම යෝජනාවල වලංගු භාවය පිළිබඳව එම පනත මුල් කර ගෙන සිවිල් සහ දේශපාලන සමාජයේ මේ වන විට බරපතළ තර්ක විතර්ක මතු වෙමින් පවතියි.  

මහ මැතිවරණය සඳහා කැඳවූ නාම යෝජනා අවංගු වීමට බලපාන කිසිදු නීතිමය තත්ත්වයක් සහ පසුබිමක් නොමැති බව සමහරුන් කියන අතර තවත් සමහරුන් තරයේ තර්ක කර සිටින්නේ නිවාඩු පනතේ 5 වැනි වගන්තිය අනුව නියත ලෙසම නාම යෝජනා අවලංගු වන බවය.

රජයේ නිවාඩු දිනයක භාර ගත් නාම යෝජනා, නිවාඩු පනතේ 5 වැනි වගන්තියට අනුව නියත ලෙසම අවලංගු වන බවට තර්ක විතර්ක කරන සමාජ-දේශපාලන කණ්ඩායම් පෙන්වා දෙන්නේ, රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයකදී කිසිදු නීත්‍යානුකූල ගනුදෙනුවක් කිසිසේත් සිදු කළ නොහැකි බව එම පනතේ එම වගන්තිය යටතේ සඳහන් වන්නේ "dies non" යන ලතින් ඇමරිකානු වචනය යටතේ වන බවය.

නීති ශබ්ද කෝෂයට අනුව "dies non" යෙදුම මගින් අර්ථ දැක් වෙන්නේ, රජයේ යම් ප්‍රසිද්ධ නිවාඩු දිනයකදී කිසිදු නීත්‍යානුකූල ගනුදෙනුවක් කිසිසේත් කළ  නොහැකිය යන්න පිළිබඳව සහ එම යෙදුම මගින් ගම්‍ය කරන නිශ්චිත අර්ථයට කිසිදු අයුරකින් විවිධ අර්ථ දැක්වීම් කළ නොහැකි බව යැයි ද ඔවුහූ පෙන්වා දෙති.

මේ අතර නාම යෝජනා භාර ගැනීම සහ භාර දීම රාජකාරි වේලාවක කළ යුතු බව මැතිවරණ පනතේ පැහැදිළිව සඳහන් වන බව සඳහන් කර සිටින ඔවුහූ  රජයේ නිවාඩු දිනවල නාම යෝජනා භාර ගැනීම සහ භාර දීම සිදුව තිබෙන තත්ත්වය හමුවේ ඒ සියලු කටයුතු සිදුව තිබෙන්නේ රාජකාරි වෙලාවන්වලදී නොවන බව ද පෙන්වා දෙති.

මහ මැතිවරණය සඳහා කැඳවූ නාම යෝජනා අවංගු වීමට බලපාන කිසිදු නීතිමය තත්ත්වයක් සහ පසුබිමක් නොමැති බව කියා සිටින සමාජ-දේශපාලන කණ්ඩායම් තරයේ තර්ක කර සිටින්නේ ස්වාධීන මැතිවරණ කොමිසම මගින් නාම යෝජනා භාර ගන්නා දිනයන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රජයේ නිවාඩු දිනයක නොවන නිසා නිවාඩු පනතේ 5 වැනි වගන්තියට අනුව කිසිසේත් නාම යෝජනා අවලංගු නොවන අතර ඊට කිසිදු නීතිමය පදනමක් නොමැති බවය.

කෙසේ නමුත් නිවාඩු පනතේ 5 වැනි වගන්තිය අනුව නියත ලෙසම නාම යෝජනා අවලංගු වන බවට තර්ක කරන කණ්ඩායම් එම පනත මුල් කර ගෙන නාම යෝජනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට මේ වන විට තීරණය කර තිබෙන අතර පහතින් දැක් වෙන්නේ නිවාඩු පනතේ 5 වැනි වගන්තිය සහ මේ කාරණයට අදාළ තවත් තොරතුරු කිහිපයකි.


        

 

Advertiesment