Friday 26th of April 2024

English Tamil
Advertiesment


ලෝකයේ COVID-19 අසාදිතයින් ලක්ෂ 9 ඉක්මවයි


2020-04-02 7597

මිය ගිය පිරිස 46,808 යි

 

සුවය ලැබූ සංඛ්‍යාව 193379ක් 

 

(රසල් සී.පී බණ්ඩාරවත්ත)  

මේ වන විට එනම් 2020 අප්‍රේල් 02 වන දින විට ලොව පුරා COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ ගණන ලක්ෂ 9 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වී තිබේ.ඇමරිකාවේ "Johns Hopkins" සරසවියේ දත්තවලට අනුව ගෝලීය වශයෙන් නිශ්චිතව හඳුනා ගත් රෝගීන් ගණන 932,605 ක් ලෙස වාර්තා වේ.එම සංඛ්‍යාවෙන් 193,379 දෙනෙකු සුවය ලැබූ අතර අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගිය පිරිස 46,808 කි.

ස්පාඤ්ඤයෙන් මේ වන විට වාර්තා වූ මරණ ගණන 864 ක් වන අතර ඒ සමග වෛරසය අසාදනයෙන් යුරෝපයේ 30,000 කට වඩා අධික පිරිසක් මිය ගොස් ඇත. මේ මොහොත වන විට ස්පාඤ්ඤයේ  ලක්ෂය ඉක්මවා වෛරස් ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර 9,053 කට වඩා පිරිසක් එමගින් මිය ගොස් ඇත. 

යුරෝපයේ වෛරසයෙන් තදබල ලෙස හානිවූ රටවල් අතරින් ස්පාඤ්ඤය දෙවැනි වන්නේ ඉතාලියට පමණි. මේ වන විට මෙම රටවල් ද්විත්වයේ සිදු වන මරණ ගණන ඉහළ මට්ටමක පැවතියද නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව පහළ යමින් තිබීම සතුටට කරැණකි. ඉතාලියේ මේ වන විට සිදුව ඇති ජීවිත හානිය 13,155 ක් ලෙස වාර්තා වන අතර ආසාදිතයින් 105,792 කි. ස්පාඤ්ඤයේ ආසාදිත ගණන 102,136 කි.

"Johns Hopkin" සරසවියේ දත්තවලට අනුව ඇමරිකාවේ මේ මොහොත වන විට හඳුනා ගත් නිශ්චිත රෝගීන් ගණන 214,253 ක් පමණ බව වාර්තා වේ. ගතවූ පැය 24 ඇතුළත එරටින් මරණ 865 ක් වාර්තා විය. ඇමරිකාවේ මිය ගිය සංඛ්‍යාව 4,841 ක් ලෙස වාර්තා වන විට ගතවූ පැය 24 දී නව ආසාදිතයින් 25,723 ක් පමණ වාර්තාවීමෙන් ඇමරිකාවේ පැතිර යන වසංගත තත්ත්වයේ බරපතළකම දිස්වේ.ඇමරිකා එක්සත් ජන පදයේ නිව්යෝර්ක් නුවර පමණක් වෛරස් ආසාදිතයින් 83,901 ක් හඳුනා ගෙන ඇත. එම ජනපදයේ පමණක් 1941 දෙනෙකු මේ මොහොත වන විට අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.

Advertiesment