Friday 26th of April 2024

English Tamil
Advertiesment


නායකත්වය රැක ගන්න රනිල් එජාප ජාතික ලැයිස්තුවක් පිරිමි හෙදියකට විකුණලා


2020-01-23 7754

නායකත්වය වෙනුවෙන් රනිල් පක්ෂය-රට-ජනතාව වුණත් පාවා දෙන ලකුණු 

 

ආචාර්ය ජයම්පතිගේ පුරප්පාඩුවට රනිල්ගේ තේරීම "Male Nurse" කෙනෙක්

 

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න සමන් රත්නප්‍රියට තිබෙන සුදුසුකම් ප්‍රශ්න කෙරේ 

 

 

එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිව තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා පිරිමි හෙදියක් ලෙස (Male Nurse) කොළඹ ජාතික රෝහලේ සේවය කරන සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙන්නේ එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් හෝ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් හෝ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් හෝ කිසිදු කරුණු විමසීමකින් තොරව සිය ඒකමතික අභිමතය පරිදිය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ එහෙයියෙකු ලෙස ක්‍රියා කරන සමන් රත්නප්‍රිය මහතා සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය රැක ගැනීම සඳහා නොනිමි අරගලයක යෙදී සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතා ඔහු මෙසේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිය බහුතර බලය කෙසේ හෝ තහවුරු කර ගැනීමේ අභිලාෂයෙනි.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට උගතුන්,බුද්ධිමතුන් සහ ප්‍රාඥයින් පත් කරන ලෙසට මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රධාන සර්වාගමික නායකයින් සහ රටේ සමස්ථ ජනතාව දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිද්දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු සේම සම්ප්‍රදායික වාමාංශික දේශපාලන නායකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් ඇති වූ පුරප්පාඩුවට රනිල් වික්‍රමසිංහ මහතා සිය එහෙයියකු වන සමන් රත්නප්‍රිය මහතා පත් කළේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව සිය නායකත්වය රැක ගැනීමට යැයි සජිත් ප්‍රේමදාස පාර්ශවය චෝදනා කර සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ ද දැඩි විරෝධය මේ වන විට එල්ල වෙමින් පවතින අතර සියලු පාර්ශවයන් අවධාරණය කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සිය අම්මාගේ සහ අප්පාගේ බුදලයක් ලෙස පාවිච්චි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට තව දුරටත් ඉඩ දිය නොහැකි බවය.

කොළඹ ජාතික රෝහලේ නාරි සහ ප්‍රසවවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකු "lankanewsweek" සමග කියා සිටියේ ජනාධිපතිවරණයේදී වෛද්‍යවරුන් බහුතරය ක් සජිත් ප්‍රේමදාස ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණට ඡන්දය ලබා නොදුන්නෙත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතාට වෛද්‍යවරුන්ගෙන් විරෝධයක් එල්ල වුනෙත් මේ සමන් රත්නප්‍රිය කියන පිරිමි හෙදියගේ ක්‍රියා කලාපය නිසා බවය.

එක්සත් ජාතික පක්ෂය සහ එම පෙරමුණ වෙනුවෙන් අවුරුදු ගණනාවක් මුළුල්ලේ සිය න්‍යායික දැනුම පාවිච්චි කරමින් මතවාදීව සහය පළ කිරීමට සමගාමිව උගත් බුද්ධිමත් සහ දැක්මක් සහිත ජනබල වේග පක්ෂය වටා ගොනු කිරීමට ඇප කැප වී ක්‍රියා කළ සහ මේ වන විටත් විශ්ව විද්‍යාලවල සක්‍රිය සේවයේ දී සිටින මහාචාර්ය කෙනඩි ගුණවර්ධන,මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යන මහත්වරුන් ඇතුළු ප්‍රාමාණික බුද්ධිමතුන් රැසක් සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා සිය පැවැත්ම වෙනුවෙන් පක්ෂයයි,රටයි,ජනතාවයි, දේශපාලන සංස්කෘතියයි පාවා දෙමින් ඔහුගේ එහෙයියෙකු වන පිරිමි හෙදියක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට මෙසේ පත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.

Advertiesment