Friday 26th of April 2024

English Tamil
Advertiesment


සිය ජයග්‍රහණය ගැන සජිත් හිටපු අධි තක්සේරුවක තරම මෙන්න


2020-01-13 7785

 

නාම යෝජනාවේදී ගෝඨාට එරෙහිව විරෝධතා ගොනු කිරීම අජිත් ප්‍රතික්ෂේප කරලා

 

ගෝඨාගේ ජන රැල්ල තුට්ටුවකට ගණන් ගෙන නැහැ 

 

විරෝධතා සකස් කළේ සුරේන් ප්‍රනාන්දුයි-රෝලන්ඩ් පෙරේරායි 

 

"ගෝඨා අව තක්සේරු කිරීමෙන් සජිත්ගේ දේශපාලන අඳ බාලකම හෙළි වුණා"

 

සජිත් ගෝඨාට පරදින බවට රනිල්ට ලැබුණු සමීක්ෂණ වාර්තා මෙන්න  

 

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ගොනු කිරීමට එක්සත් ජාතික පෙරමුණ ලබා දී ඇති විරෝධතා සජිත් ප්‍රේමදාස පාර්ශවය ප්‍රතික්ෂේප කර තිබෙන බව "lankanewsweek" වාර්තා වේ.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි මේ විරෝධතා ගොනු කිරීම මෙසේ ප්‍රතික්ෂේප කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතාය යැයි එම විරෝධතා සකස් කිරීමට දායක වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නීතීඥයෙක් "lankanewsweek" සමග පැවසීය.

මේ විරෝධතා ගොනු කිරීම ප්‍රතික්ෂේප කරමින් අජිත් පී පෙරේරා මහතා අවධාරණය කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සජිත් ප්‍රේමදාස මහතාට කිසිම තරඟයක් නොමැති බවත්, ඔහු නියත ලෙසම විජයග්‍රහණය කරන අතර ඔහුට පහසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන නිසා ඔහු ජනපතිවරණ තරඟයට පැමිණීම නොවැළක් විය යුතු බව යැයි ද ඔහු කියා සිටියේය. 

එවකට අග්‍රාමාත්‍යවරයාව සිටී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ඔහුට එරෙහිව මේ විරෝධතා සකස් කර ඇත්තේ නීතීඥ සුරේන් ප්‍රනාන්දු සහ නීතීඥ රෝලන්ඩ් පෙරේරා යන මහත්වරුන් විසිනි.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් කියා සිටියේ සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම මුල සිටම සිටියේ සිය ජනපතිවරණ ජයග්‍රහණය ගැන අධි තක්සේරුවකින් බවය.

ඒ අවස්ථාව වන විට ජන සමාජයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබූ ඉල්ලුම තේරුම් ගැනීමටවත්,එසේ යථාර්තය තේරුම් ගෙන ඔහු වටා ගොනු වෙමින් තිබූ ජන රැල්ල තමා වෙත ග්‍රහනය කර ගැනීම සඳහා විධිමත්,සංගත සහ පුළුල් ජනපතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමටත් අපොහොසත් වීමෙන් පැහැදිළි වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ඔහුගේ කණ්ඩායමේ දේශපාලන අඳ බාලකම යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු වැඩි දුරටත් මෙසේද පැවසීය.

එක්සත් ජාතික පෙරමුණ සකස් කර දුන් ඒ විරෝධතා සජිත් ප්‍රේමදාස පාර්ශ්වය එදා ගොනු කළා නම් මැතිවරණ කොමිසම ඒ විරෝධතා ප්‍රතික්ෂේප කළත් එසේ එම විරෝධතා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට සහ එහි සභාපතිවරයාට එරෙහිව අපට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තිබුණා.එහෙත් සජිත් ප්‍රේමදාස පාර්ශවය එසේ නොකළේ ඒ අය ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහු වටා තිබූ ජන රැල්ල අව තක්සේරු කළ නිසයි.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා මුල සිටම ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝ පිටු පසින් සිටී බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොඳින්ම දැන සිටියා.ඔහු ඒ බව දැන සිටියේ සජිත් ප්‍රේමදාස ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ද සම්බන්ධකම් තිබෙන කොළඹ ප්‍රධාන පෙළේ සමීක්ෂණ ආයතනයක් මගින් විටින් විට ලබා ගත් සමීක්ෂණ වාර්තා අනුවයි.

මේ සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අභිභවා ඉදිරියට පැමිණීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ගැන උපදෙස් ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කර ගැනීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වුණා.ඒ වගේම මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ඔහු සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම වෙත යැවූ පණිවිඩ ඒ අය තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ.

අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ සියලු කරුණු සහ තත්ත්වයන් මලික් සමරවික්‍රම මහතාට පැහැදිළි කර මේ බරපතළ තත්ත්වය ගැන වහාම සජිත් ප්‍රේමදාස මහතාට කරුණු පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටියා.ඒ අවස්ථාවේදී මලික් සමරවික්‍රම මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාව තමාටවත් මුණ ගැසීමට නොහැකි බවයි."

ජනපතිවරණ ව්‍යාපාරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සාපේක්ෂව සජිත් ප්‍රේමදාස මහතා පිටුපසින් සිටින බවට රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු සමීක්ෂණ වාර්තා පහත දැක්වේ.    

  

Advertiesment