Friday 26th of April 2024

English Tamil
Advertiesment


එජාපයේ බෞද්ධ කටයුතු ලේකම්වරුන් මැටි පොල් කුඩු වගේ විසි කරලා 


2019-12-12 7825

රනිල් එජාපයට කරන විනාශය ඔහුගේ පියා හිටපු ලසසපයට වත් කරන්න බැරි වුණා 

 

එජාපයේ බෞද්ධ පදනම විනාශ කළේ රනිල්  

 
 
(ජයකාන්ත ලියනගේ - බළපිටිය)

තව මාස දෙක තුනකික් මහා මැතිවරණයක් එනවා. ඒකට නායකත්ව මණ්ඩලයක් පත් කර ගෙන කරන්න හදන විකාරය නිසා 1977 දී ලංකා සම සමාජ පක්ෂයටවූ දේ රනිල් වික්‍රමසසිංහ එක්සත් ජාතික පක්ෂයට කරන්න හදනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් බෞද්ධ කටයුතු ලේකම් ප්‍රවීණ ලේඛක අහුන්ගල්ලේ දේ සු ද සොයිසා මහතා බදාදා (11) ප්‍රකාශ කළේය. 

අහුන්ගල්ල සිය නිවෙසේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අහුන්ගල්ලේ දේ සු ද සොයිසා මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් පක්ෂය නායකත්වයක් දැරුවේ ආචාර්ය ඇන් ඇම් පෙරේරා මහත්තයා. ඔහු 1935 සිට 1978 දක්වා වසර හතළිස් තුනක් ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය දැරුවා. 1947 මහා මැතිවරණයේ දී කොළඹ සිට තිස්සමහාරාමය දක්වා සියලු ආසන දිනුවේ සමසමාජ පක්ෂය ඇතුඵ වාමාංශික පක්ෂයි. එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ එක මන්ත්‍රී පදවියයි. ඒ බළපිටියෙන්. එහෙම ලැබුණෙත් බහු ආසනයක් නිසයි. 1970 මහා මැතිවරණයේ දී එක්සත් ජතික පක්ෂය මන්ත්‍රී ආසන දාහතක් (17) දිනා ගන්න විට ලංකා සම සමාජ පක්ෂය ඇන් ඇම් පෙරේරා මහතාගේ නායකත්වයෙන් මන්ත්‍රී ආසන දාහතක් (17) දිනා ගත්තා.  

ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හිටපු සාමාජිකයෙක් වන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතායි. ඇන් ඇම් පෙරේරාට, එස්මන්ඩ් වික්‍රමසිංහට, කොල්වින් ආර් ද සිල්වාට එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න බැරි වුණා. එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  ඒ අයට කරන්න බැරිවූ දේ අද ක්‍රමාණුකූලව කර ගෙන යනවා. 1947 දී එක්සත් ජාතික පක්ෂයට එක මන්ත්‍රී කෙනෙක් දිනුව වගේ මෙදා ජනාධිපතිවරණයෙනුත් මුහුදු කරෙන් දිනා ගන්න හැකි වුණේ යන්තම් ගාල්ල විතරයි. 

බෝසතාණන් වහන්සේලා රජ පදවි තනතුරු රාජ්‍ය දන් දුන්න වගේ රනිල් වික්‍රමසිංහ මහතා ද බෝධි සත්වයෙක්. ඔහු තුන්වරක් අගමැති පදවිය දන් දුන්නා. නඩු තීන්දුවකින් අගමැති පදවිය අගෝස්තු දක්වා දරන්න පුඵවන්. එහෙත් කිසි ලාභ ප්‍රයෝජනයක් නැතුව පසුගියදා එතුමා තුන්වැනි වරටත් අගමැති පදවිය දන් දුන්නා. විපක්ෂ නායකකමත් දන් දුන්නා. ඒ තරම් දන් දෙන මිනිහ පක්ෂ නායකකම සජිත් ප්‍රේමදාස මහතාට නොදී කල් මරන්නේ ඇයි..? රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණේ ජනාධිපතිවරණය පැරදුණ ගමන් විපක්ෂ නායක සහ පක්ෂ නායක පදවි අතහැර යාමයි. 

එක්සත් ජාතික පක්ෂයට බෞද්ධ ජන පදනම නැති වුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ. නමුත් එතුමා හොඳ බෞද්ධයෙක්. එතුමගෙ ආණ්ඩුව යටතේ බුද්ධ ශාසනයට විශාල සේවයක් කර තිබෙනවා. නමුත් ඒ සේවය ජනගත වුණේ නැහැ. මංගල සමරවීරගේ හා රංජන් රාමනායකගේ  බහුභූත කතා ඉස්මතු වුණා. මංගල සමරවීරගේ කට වැසුවෙ නැත්නම් පක්ෂය සෝදා පාලුවට ලක්වෙන බව  මාස හයකට ඉහතදී මම ප්‍රකාශ කළා. ඒක ඒ අයුරින්ම වුණා. 

සතර පෝය නිවාඩු දිනයක් බවට පත් කළේ ඩඩ්ලි සේනානායක මහතාගේ ජාතික රජයෙන්. ගිය අවුරුද්දේ ඒකට අවුරුදු පනහක් (50) පිරුණා. ඒ වෙනුවෙන් සැමරුම් මුද්දරයක් නිකුත් කරල විශේෂ පත්තරයක් ගහල රාජ්‍ය උත්සවයක් පවත්වන්න කියල  ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතාට කිව්වත් සත පහකට ගණන් ගත්තේ නැහැ. 

කිසිම පක්ෂයක නැති විදියට එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් බෞද්ධ කටයුතු ලේකම්වරු ඉන්නවා. පසුගිය වසර හතර තුළ ඔවුන්ගෙන් සත පහක වැඩක් ගත්තෙ නැහැ. වගකීමක් දුන්නෙත් නැහැ. එහෙම නොකළා නම් බෞද්ධ ජන පදනම නැති වෙන්නේ නැහැ යනුවෙන්ද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

Advertiesment