Friday 26th of April 2024

English Tamil
Advertiesment


සිය වරදාන-වරප්‍රසාර වෙනුවෙන් රනිල් මහින්දට දෙවතාවක්ම ලියුම් ලියලා


2019-12-09 7609

රනිල් මහින්දගෙන් ඉල්ලන "full package" එක මෙන්න

 

කටට රහට කෑම කන්න නාවික අරක්කැමියන් හත් දෙනෙකුත් ඉල්ලලා

 

(සුමුදු පෙරේරා)

සිය වරදාන වරප්‍රසාද සහ පහසුකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් බැගෑපත් වෙමින් ඔහු වෙත දෙවතාවක්ම විශේෂ ලිපි දෙකක් යොමු කර ඇති බව "lankanewsweek" වෙත කරුණු තහවුරු වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය පළමු ලිපිය යවා ඇත්තේ ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය නිකුත් වූ වහාම එනම් 2019.11.17 වන දින සවස වන අතර දෙවැනි ලිපිය යොමු කර ඇත්තේ 2019.12.02 වැනි දාය.

එම විශේෂ ලිපි දෙක මඟින්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ විශ්‍රාමික අග්‍රාමාත්‍ය වරයෙකු ලෙස ගෞරවාන්විතව ජීවත්වීම සඳහා තමාට වෙඩි නොවදින වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථයක්,කාර්ය මණ්ඩල රථ 08ක් ,පොලිස් රථ 09ක්, ගිලන් රථයක්,විශේෂඥ වෛද්‍යවරයෙක් ,පළපුරුදු හෙදියක්, නිල නිවසක්,ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නාවික අරක්කැමියන් 07 දෙනෙක්, ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකු යටතේ ප්‍රභූ ආරක්ෂක භටයින් 200ක බල ඇණියක්,කාර්යාලයක් සහ ස්ථිර ලේකම් වරයෙක් ලබා දෙන ලෙසය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගෙන මේ පහසුකම් කඩිනමින් තමා වෙත සැලසීමට කටයුතු කරන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙන අතර අග්‍රාමාත්‍යවරයා සිය සමීපතමයින් සමග පවසා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ පහසුකම් කඩිනමින් සලසා දිය යුතු බවය.

 

Advertiesment