Friday 26th of April 2024

English Tamil
Advertiesment


ඉන්දීය සාගරය සාම කළාපයක් ලෙස පවත්වාගෙන යනවා -ජනපති-


2019-11-29 7651

 

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇරයුමක්

 

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණය පහසුකමක් 

 

ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සමීපව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටි අතර තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනය කර තිබේ.

ජනපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද දහවල් පැවැත්වූ අතර එම සාකච්ඡා වලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ අදහස් දැක්වීය.

නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හිදී මෙම මාධ්‍ය හමුව පවති අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයන් උසස් මට්ටමකට ගෙන ඒමට තමන් කටයුතු කරන බවත් තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස සිදු කරමින් දැක්වූ නිල ආරාධනාව සම්බන්ධයෙන් තමන් ස්තූති වන්තවන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබා දුන් බවත් ඉන් ඩොලර් මිලියන 50 ක් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වන ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ලබා දුන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනු ලැබූ අතර දෙරටේ ආරක්ෂාව සහ බුද්ධි අංශ සම්බන්ධතාවයන් වැඩි දියුණු කරලීම ගැන මෙහිදී රාජ්‍ය නායකයින් අතර සාකච්ජා කරනු ලැබූ බවත් පසු ගිය අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහය ගැන තමන් සිය ස්තූතිය පල කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ කේෂත්‍රයන් දියුණු කරලීම සඳහා ඉන්දියාවේ සහය ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සහයෝගිතාවය වර්ධනය කරලීම සම්බන්ධයෙන් තමන් ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ජා කරනු ලැබූ බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ය.

එසේම තමන් ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු සංචාරය කරනු ලබන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කළ අතර දෙරට අතර ගැටලුවක්ව පවතින ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් ද මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ජා කරනු ලැබු බවත් ශ්‍රී ලංකාව භාරයේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට කටයුතු කරන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

මේ අතර ඉන්දීය අගමැතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලද මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එකතු කරනු ලැබූ අතර  රටේ සංහිදියාව සමබන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවටත්,ලැබූ ජනවරම තුලින් එක්සත් සහ සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට හැකිවෙන බවත් ඉන්දීය අගමැතිවරයා කියා සිටියේය.

Advertiesment