Friday 26th of April 2024

English Tamil
Advertiesment


ලැබූ ජය සාමයෙන් භුක්ති විඳින්න-බැසිල්-


2019-11-17 7596

විවිධාකාරයෙන් බාධා අපහාස උපහාස විද දරාගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු බවත්, ඒ සඳහා කැපවු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පල කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි විශේෂ මාධ්‍යය ප්‍රකාශයක් කරමින් ඉරිදා (17) පෙරවරුවේ ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඡන්දය දුන් නොදුන් සියලු  දෙනාට බියෙන් සැකෙන් තොරව එක ලෙස ජිවත් වීමට සුදුසු ආරක්ෂීත සංවර්ධිත රටක් ගොඩනැගීමට නව ජනාධිපති ධූරයට පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකරනු ඇති බවත් ඒ සදහා සියලු දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතුව ඇති බවත් ඒ මහතා පවසයි.

අපි බලාපොරොත්තු වු පරිදි පැවැති ජනාධිපතිවරණයෙන් විශ්ෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ බව පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ලැබු ජයග්‍රහණයේ සතුට සාමයෙන් සමගියෙන් භුක්ති විදින ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

පසුගිය කාලය තුළ ඉතා අදුරු යුගයකට ගෙන ගොස් තිබූ මේ රට එක්කෙනෙකුට දෙන්නෙකුට ගොඩනැගිය නොහැකි බවත් ඒ සඳහා සියලු දෙනා එකාවන්ව වැඩ කර රට දියුණු කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් පවසා සිටියේය.

 

Advertiesment