Friday 26th of April 2024

English Tamil
Advertiesment


ජනාධිපති සමාව ලද රෝයල් පාර්ක් ඝාතනයේ වරද කරු බන්ධනාගාරයෙන් පිටව යයි


2019-11-10 7674

රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය හිමි වූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති සමාව හිමිව ඇත.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ 19 හැවිරිදි ඉවෝන්ගේ ගෙල ඇය ඇඟලා සිටි ඇඳුමකින් සිර කර තිබූ අතර හිස පොළොවේ ගැසීමෙන් බිඳීම් 64ක් සිදුව තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබු තිබේ.

2005 වර්ෂයේදී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් චුදිතයාට 2012 වර්ෂයේදී කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ අතර ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව ඔහු ඊයේ (09) පස්වරුවේ බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන බන්දුල ජයසිංහ මහතා පැවසුවේය.

මෙලෙස මරණ දඬුවම හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අතර පසුගියදා පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රෝයල් පාක් මිනීමැරුම ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ජුඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ හට ජනාධිපති සමාව ලබාදීම පිළිබද සලකා බලන බවයි.

කෙසේවෙතත් එම ප්‍රකාශයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳ ප්‍රබල කතහබක් ඇතිවිය 

 

Advertiesment