Friday 26th of April 2024

English Tamil
Advertiesment


ශ්‍රීලනිපයේ පදාසයක්ම ගලවා ගෙන චන්ද්‍රිකා සජිත් දින වන සටනට එක් වෙයි


2019-11-01 7849

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සන්දානය බිහිවෙයි.

 

දේශපාලන පක්ෂ 32ක් - සංවිධාන 31ක් සජිත්ගේ සහයට

 

(සුජිත් මංගල ද සිල්වා)

නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරමින් ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ 32ක් සහ සංවිධාන 31ක් එම පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමකට අවතීරණය විය.

"රට රකින - දැය සුරකින" නව දේශයක දේශපාලන ගිවිසුම ජනගත කිරීම යන තේමාව යටතේ ඓතිහාසික දේශපාලන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ "ටාජ් සමුද්‍රා" හෝටලයේදී අද(01) උදෑසන සුභ මොහොතින් අභිමානවත් ලෙස සිදු කෙරිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂක හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය "අපි ශ්‍රී ලංකා" යන බලවේගය යටතේ එම පක්ෂයේ අති බහුතරය සමග සජිත් ප්‍රේමදාස මහතා වෙත සිය පුර්ණ සහයෝගය සහ අනුග්‍රහය ලබා දෙමින් නව  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමග සන්ධානගත වීම අතිශය සුවිශේෂී සහ ඓතිහාසික සිද්ධියක් විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හා සන්ධාන ගත වෙමින් ජනාධිපතිවරණයේදී තමාට සහයෝගය ලබා දීමට පමණි සර්වාගමික නායකයින්,දේශපාලන පක්ෂ නායකයින් සහ සංවිධාන ප්‍රධානීන් හමුවේ ප්‍රතිඥා ලබා දෙමින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත් කරන අතර ශ්‍රී ලාංකික ජාතිය අභිමානවත් ජාතියක් ලෙස ලොව හමුවේ ගෞරවාදරයට පත් කරන බවය.

දූෂණය,භීෂණය සහ මර්ධනය අවසන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය,සාමය,මානව හිමිකම් සහ ජනමාධ්‍ය නිදහස තහවුරු කරන බව සපත කර සිටි සජිත් ප්‍රේමදාස මහතා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ඒකාධිපති පවුල් වාදයට එරෙහිව තමා සමග එකට ඒකරාශී වන්නැයි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,දොස්තර රාජිත සේනාරත්න,පාඨලී චම්පික රණවක,රවුෆ් හකීම්,මනෝ ගනේෂන්,අර්ජුන රණතුංග,පලනි දිගම්බරම්,රිෂාඩ් බදුර්දීන් සහ චතුර සේනාරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් රැසක් එක්ව සිටියහ.

 

Advertiesment