Friday 26th of April 2024

English Tamil
Advertiesment


ඉරාන ජනපතිගේ සරදමට ලක් වූ අමරිකානු ජනපති..!


2018-09-26 7717

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති හසන් රුහානි එකිනෙකා සරදමට ලක් කිරීම හේතුවෙන්  මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වඩාත් උණුසුම් විය.

අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට  තර්ජනය කළ අතර එහිදී  ජනපති ට්‍රම්ප් බුද්ධිය මඳ වශයෙන් ඇති අයෙකු බව  ඉරාන ජනාධිපති ප්‍රකාශ කළේ ය.

අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ වැඩි කාලයක් ඇමතු අතර ඔහුගේ කතාවේ වැඩි  වැඩි කාලයක් වෙන් කළේ ඉරානය න්‍යෂ්ටික බලය වර්ධනය කරමින් මැද පෙරදිග කලාපිය රටවල්  අස්ථාවර කිරීමට ගන්නා ලද උත්සාහයන් ගැන ප්‍රකාශ කිරීමටයි.

තවද එහිදී වැඩිදුරටත් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකශ කර සිටියේ ඉරාන නායකයින් දේශසීමා , සිය අසල්වැසි රාජ්‍යයන් හෝ ස්වාධීන රාජ්‍යයක අයිතිවාසිකම් පිළිබඳව නොතකන බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය කතාවෙන්  අමෙරිකාවට ප්‍රමුඛස්ථානය ලබා දීමේ ප්‍රතිපත්තිය ද ඉස්මතු කළ අතර ඊට ලෝක නායකයින්ගෙන් ලැබුණේ නිහඬ පිළිවෙතකි. සිය ධුරයේ වසර දෙකකට අඩු කාලයකදී තමන් මීට පෙර කිසිදු අමෙරිකානු ජනාධිපතිවරයෙකු අත්කර නොගත් සාර්ථකත්වයක් අත්කර ගත් බවට පුරසාරම් දෙඩු අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක නායකයින්ගේ සිනහවට ද ලක් වූ අතර එහිදී ඔහුට ලැබුණු ප්‍රතිචාරය හමුවේ ඔහු වික්ෂිප්තභාවයට පත්විය.

මේ අතර ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන් ඇමතු අතර එහිදී  ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් ගත් පියවර තරයේ විවේචනය කළේ ය.

ජනපති ට්‍රම්ප් සමග ඡායාරූපයකට පෙනී සිටීමට අවශ්‍ය නැති බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා, ගෝලීය ආයතනවලින් ඈත් වීමට අමෙරිකානු ජනාධිපතිවරයා දරණ උත්සහයෙන්  ඔහුගේ පෞර්ෂත්වයේ අඩුපාඩුවක් පිළිඹිබු වන බව පෙන්වා දුන් ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එකිනෙකට සම්බන්ධ ලෝකය තේරුම් ගැනීමට තරම් හැකියාවක් ජනාධිපති ට්‍රම්ප් ට නොමැති බවයි.

Advertiesment