Tuesday 20th of May 2025

English Tamil
Advertiesment


2023 පළතුරු පරිභෝජනය ඉහළ ගිහින්


2024-06-24 14588

 

2023 වසරේ දී ශ්‍රී ලංකාවේ පළතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් ( මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික පළතුරු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 19.6කි. (මෙට්‍රික් ටොන් 196,9371කි) 2023 වසරේ පළතුරු නිෂ්පාදනය ඉහළ යාම දෙස බලන විට ප්‍රධාන වශයෙන් කෙසෙල්, අඹ, අන්නාසි සහ පැපොල් නිෂ්පාදනය ඉහළ යාම කැපී පෙනෙන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

මීට අමතරව ශ්‍රී ලනකාවේ පළතුරු අපනයනය ද ගෙවුණු වර්ෂවලට සාපේක්ෂව 2023 වසරේ ඉහල ගොස් තිබෙන අතර ඒ අනුව 2023 වර්ෂයේ දී පළතුරු මෙට්‍රික් ටොන් 38,201ක් විදේශ රටවලට අපනයනය කර ඇත.  

2027 වනවිට කෙසෙල් නිෂ්පාදනය හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 19.5ක් දක්වාත්, අඹ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9.5 දක්වාත්, පැපොල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 45 දක්වාත්, අන්නාසි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 14 දක්වා සහ වැල් දොඩම් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 30 දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා ප්‍රභේද අභිජනනය, දෙමුහුම් ප්‍රභේද අභිජනනය, අධි ඝනත්ව වගාව, ඒකාබද්ධ පළිබෝධ පාලනය, ශාක පෝෂක හදුන්වාදීම, පසු අස්වනු හානිය අවම කිරීම සහ අගය එකතු කළ නිෂ්පාදන තාක්ෂණය හඳුන්වා දීම වැනි තාක්ෂණික පියවර රැසක් සැලසුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමනී රණතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

 

Advertiesment