Sunday 31st of May 2026

English Tamil
Advertiesment


වොෂින්ටනය වෙසක් නිල දිනයක් ලෙස පිළි ගනී


2024-05-23 14896

 

 

වෙසක් නිළ උත්සවය 23 දා ධවල මන්දිරයේදී

 

 

තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි  
    

 

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

 

 

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත වෙසක් දිනය නිල ලෙස පිළි ගන්නා බවට වන නිල නිවේදනය නිකුත් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් DC නගරාධිපතිනි මියුරියල් බවුසර් මහත්මිය ක්‍රියා කළාය. 

ඇමෙරිකාවේ අග නගරය සේම ලෝක දේශපාලන, ආර්ථික සහ ආරක්ෂාවට අදාළ  තීන්දු ගන්නා මර්මස්ථානය ලෙස සැලකෙන වොෂින්ටනයේ එම පසුබිම ඇති වීම එරට වෙසෙන මිලියන 03 ක සහ මිලි 550ක ලෝක බෞද්ධයන් ලැබූ විශාල ගෞරවයක් ලෙස සැලකේ.

"බුදු තෙමගුල සමරන එම අති උතුම් වෙසක් දිනය වොෂින්ටනයේ නිල දිනයක් ලෙස නගරාධිපතිනිය ලෙස මම ප්‍රකාශයට පත් කරමි" එම නිවේදනයේ සඳහන් ය. එසේම තානාපති මහින්ද සමරසිංහ මහතා සහ සෙසු බෞද්ධ රටවල තානාපතිවරුන්ගේ ඉල්ලීමක් මත ඇමෙරිකානු ජනපති නිල නිවස වන ධවල මන්දිරයේදී දෙවන වරටත් මෙම 23 දා වෙසක් නිල සැමරුම් උත්සවය පැවැත්වේ.

නගරාධිපතිනි මියුරියල් බවුසර් සහ ප්‍රධාන ලේකම් කිම්බර්ලි බැසෙට් වෙනුවෙන් ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ ඇන්තනි ඇන්ඩෲස් අදාළ නිල වෙසක් නිවේදනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී තානාපති මහින්ද සමරසිංහ මහතාට භාර දුන් අතර එම තානාපති නිලධාරීන්ද ඊට එක්වූහ.

Advertiesment