ශ්‍රිලනිපය,පොදුජන පෙරමුණ සහ සජබය ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුද ගැන රටේ රාළ දිගටම කතා කළා.හැබැයි මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදය ගැන කතා කිරීම රටේ රාළ හිතාමතාම කල් දැම්මා. රටේ රාළ කිව්වේ මාලිමාව ඇතුලේ අර්බුදය සක්‍රීයවීමට නියමිතයි කියලා විතරයි.දැන් ඒ ගැනත් කතා කරන්න කාලය හරි.
මාලිමාවේ අභයන්තර අර්බුදය කියන්නේ ජවිපෙ සහ මාලිමාවේ තියන මතවාදී ගැටුමට.ඒ ගැන හරි අවබෝධයක් ගන්න නං මේ ගැටුමේ පාර්ශව දෙක හරියට හදුනගන්න ඕනි.සරළව ජවිපෙ සහ මාලිමාව අතර මතශගැටුමක් කිව්වට කාටවත් ඒක තේරෙන්නේ නෑ.
සමහරු හිතෙන්නේ ජවිපෙ ටිල්වින්ලා,අනුරලා එක්ක මාලිමාවේ හරිනිලා,නිහාල් අබේසිංහලා ගැටුමක් හදාගෙන කියලයි.එහෙම කොට්ටෙට, මෙට්ටෙට යන වලිත් ඇති.හැබැයි මේක එහෙම ගැටුමක් නෙවෙයි. ටිල්වින්ලා,අනුරලා,ලාල්ලා, විජිතලා,හරිනිලා,නිහාල් අබේසිංහලා ඔය කවුරුත් මෙතනදී එක පාර්ශවයක්.ඒ සියලු දෙනාම ඉන්නේ එක මතයක.
ඔය ඔක්කොම වැඩවසම් චින්තනයක් සහිත ලිබරල්වාදීන්. ඒකේ අඩු වැඩි තැන් ඇති.නිහාල් අබේසිංහලා 88/89 ත් ජවිපෙ හිතවතුන් විඳිහට හිටියා.94 න් පස්සේ සෝමවංශ නිහාල්ලා පක්ෂයට ගාවගත්තේවත් නෑ. එහෙම ඉතිහාසයේ කළු පැල්ලම් හේතුවෙන් සෝමවංශ පක්ෂයට සම්බන්ධ කර නොගත් අය දැන් විජේවීරගේ දොස්තරලා විදිහට ඉන්ටවිව් දෙන්න පවා පටන් අරන්.
ඇත්තටම ජවිපෙ ඉතිහාසයේ පාවා දුන්න ගොඩදෙනෙක් සෝමවංශගේ මරණෙන් පස්සේ වීරයෝ වෙලා. වීරයෝ වෙන්න එයාලට සෝමවංශගේ මරණය ආශීර්වාදයක් වෙලා.ඒ වාසිය ටිල්වින්,අනුර,විජිත,ලාල් කාන්ත ඇතුළු හතර දෙනාගේ කල්ලියටත්, එයාලගේ ගෝල බාලයන්ටත් හරිනිලා,නිහාල්ලා වගේ එයාලගේ අනුශාසකලාට සහ translaters ලටත් තියනවා. මෙයාලා දැන් එකම කල්ලියක්. වෙනස තියෙන්නේ අනුරලට, ටිල්වින්ලට එක පාරට ජවිපෙ හැව ඇරලා මේ ගොඩට පනින්න බැරි එක විතරයි.
ටිල්වින්ලා,අනුරලා සුඛ විහරණය වෙනුවෙන් ජවිපෙ ප්‍රතිපත්ති පාවාදෙමින් ජවිපෙ මාලිමාව ඇතුලේ දියකරමින් ඉන්නවා.ඊට විරුද්ධ දැවැන්ත බලවේගයක් ජවිපෙ ඇතුලේ ඉන්නවා.එයාලා තමයි ජවිපෙ ඇත්ත භක්තිමත් සාමාජිකයා.ඒ පිරිස නැති උනොත් ජවිපෙයක්වත් මාලිමාවක්වත් ඉතිරි වෙන්නේ නෑ.තවදුරටත් ටිල්වින්ලා කරන මේ පාවාදීම් වසන් කරගෙන යන්න බෑ.දැන් ජවිපෙ බලවේගයේ ගොඩක් දෙනෙකුට ඒක තේරිලා තියනවා.
මේ වෙනකොට මාලිමාවේ දිස්ත්‍රික් කමිටුවලින්, ආසන කමිටුවලින් දාලා යන ජවිපෙ සාමාජිකයන් ප්‍රමාණය වැඩිවෙලා තියනවා.දැන් ඔයාලට තේරෙනවා ඇති ගැටුම තියෙන්නේ කා අතරද කියලා.ගැටූම තියෙන්නේ ජවිපෙ සාමාජිකයන් සහ ජවිපෙ මලිමාවට පාවාදුන් ජවිපෙ නායකයන් අතර.මෙතනදී හරිනි,නිහාල් අබේසිංහ ඇතුළු ආචාර්ය මහාචාර්ය සෙට් එක කියන්නේ අර පවා දෙන්නන්ගේ ටියුෂන් මාස්ටර්ලා සෙට් එක.
මාලිමාවට විවිධ මැතිවරණ ආකෘති තියනවා.ඊට අමතරව මාලිමාවේ සංවිධාන යාන්ත්‍රණයක් තියනවා. සාමාන්‍යයෙන් මාලිමාවේ මැතිවරණය මෙහෙයවන ප්‍රධාන ඒකකය වෙන්නේ දිස්ත්‍රික් සහ ආසන සංවිධාන.ආසන සංවිධාන හැදිලා තියෙන්නේ පලාත් පාලන කොට්ඨාශයක සභාපති සහ ලේකම් එකතු වෙලා.එහෙම බලනකොට ආසන කමිටුවක සීයක එකසිය පනහක විතර පිරිසක් ඉන්නවා.
සමහර ඒවායේ ඊටත් වැඩියි.මේ කමිටුවක වර්ග තුනක සාමාජිකයෝ ඉන්නවා.කෙලින්ම ජවිපෙ අය ඉන්නවා,කෙලින්ම මාලිමාවට එකතු වුන අයත් ඉන්නවා.ඒ වගේම ජවිපෙටවත්, මාලිමාවටවත් අයිති නැති මෙයාලා යමක් කරයි කියලා හිතාගෙනන එකතු උන අයත් ඉන්නවා.මේ සංවිධාන කැදවන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ හරි මධ්‍යම කමිටුවේ හරි කෙනෙක්.
උදාහරණක් ගත්තොත් ලාල් තමයි මහනුවර දිස්ත්‍රික්කයේ සංවිධාන කැදවන්නේ.පහුගිය දවසක ලාල් හාරිස්පත්තුව සංවිධානය කැදවලා තිබුණා. කොහොම උනත් දැන් මේ සංවිධාන ඇතුලේ ජවිපෙ නායකයින්ට ප්රශ්නය වෙලා තියෙන්නේ ජවිපෙ සාමාජිකයෝයි. මොකද එයාලා වෙන ඉළක්කයකට පුහුණු කරපු අය.ඒ සමාජවාදයට. දැන් ජවිපෙ නායකයෝ කිසිම හිරිකිතක් නැතිව ලිබරල්වාදය කර තියාගෙන.
ඒකත් එක්ක ජවිපෙ සාමාජිකයා ගැටෙනවා.ජවිපෙ නායකයන් ජවිපෙ සාමාජිකයා නිහඩ කරන්න කියන්නේ.මේ සංවිධානවල අලුත් පරණ කියලා භේදයක් නෑ ඔක්කොම එකයි කියලා.ඒ කියන්නේ දැන් පක්ෂය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන කෙනායි, මන්ත්‍රීකමක් අරගෙන යන්න ආපු පොහොට්ටුකාරයොයි ඔක්කොම එකයි.ඊළඟට ජවිපෙ නායකයන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ ජවිපෙටත්,මාලිමාවටත් සම්බන්ධ නැති කට්ටිය.
ජවිපෙ නායකයින් එයාලට කියන්නේ දෙපැත්තටම නැතිව ඉන්න බෑ එක්කෝ මලිමාවට එන්න, නැත්තං ජවිපෙට යන්න කියලා.දැන් ඒ මිනිස්සුන්ටත් මල පැනලා.එයාලා එහෙම ලේබල් වෙන්න අකමැති අය.එක දිස්ත්‍රික්ක ආසන කාර්යාලයක් දීලා තියන මුස්ලීම් කෙනෙක් සියල්ලෙන්ම අයින් වෙලා මාස දෙකක් ඇතුලත කාර්යාලයත් බාරදෙන්න කියලා.ඒ දිස්ත්‍රික්කේම උපදේශක කමිටුවක ඉන්න වෛද්‍යවරියත් අයින්වුනා.
ඒකයි රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙට මේ වැඩපිළිවෙළ දිගටම ගෙනියන්න බෑ කියලා.ඇත්තටම ජවිපෙ කරන්න ඕනි එකපාරට ලිබරල් මතය වැළඳ ගන්න එක නෙවෙයි.රනිල් එක්ක ලිබරල් වෙන්න ඔය කාටවත් බෑ.ජවිපෙට කරන්නේ තිබුණේ තමන්ගේ ප්‍රතිපත්ති තවදුරටත් සංවර්ධනය කරමින් දියුණු ධනේශ්වර ලක්ෂණ රටට දිනා දෙන්න දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සහිත වැඩපිලිවෙලක් මත පිහිටලා කටයුතු කරන්න.ජවිපෙ පෙනී ඉන්න ඕනි සමාජ ප්රජාතන්ත්රවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් මිස රනිල්ගෙන් ණයට ගත්ත ලිබරල් කොපියක් වෙනුවෙන් නෙවෙයි.ඒක කරන්න රනිල් ඉන්නවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
Lanka Newsweek © 2024