අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අධිකරණ පද්ධතිය විනිවිද පෙනෙන පත් කිරීම් සහ ඉවත් කිරීමේ ක්‍රියාවලීන් සඳහා යෝජනා.
01 ජනාධිපතිවරයා විසින් අධිකරණමය පත්වීම් සිදු කිරීමට පෙර අදාළ පාර්ශවයන් සමග උපදේශාත්මක ක්‍රියාවලියක නිරත විය යුතු අතර එකී උපදේශාත්මක ක්‍රියාවලියේ අදහස සහ හරය අදාළ නාම යෝජනා සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළ යුතු.
02 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් තිබිය යුතුයග එම අධිකරණයෙහි විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට වඩා වැඩි විය යුතුයග අගවිනිසුරුවරයා සහ අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන්ල අභියාචනාධිකරණය සභාපති ඇතුළු අනෙකුත් අභියාචනාධිකරණ විනිසුරුවන්ල අධිකරණ කොමිෂන් සභාවේ සභාපති හැර අනෙකුත් සාමාජිකයන්ල පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතුය.
03 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ සභාපති ඇතුලු අනෙකුත් විනිසුරන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරන් සහ අභියාචනාධිකරණය සභාපති ඇතුලු අනෙකුත් අභියාචනාධිකරණය විනිසුරුවරුන් හට සිය කාර්යභාරයෙන් බැහැර කටයුතු පැවරීමේදී ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණය ජේෂ්ඨතම විනිසුරන් දෙදෙනෙකුගේ අදහස් ලබාගත යුතුය.
04 අධිකරණ නිලතල උදෙසා සිදුකරනු ලබන සියලු පත්කිරීම් සඳහා විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් හදුන්වාදිය යුතු අතර එය එක් පුද්ගලයෙකු මත පදනම් නොවූ පුද්ගල මණ්ඩලයක් හරහා සිදුවන සාමූහික ක්‍රියාවලියක් විය යුතු වේග එකී පුද්ගල සමූහය සහ හෝ මණ්ඩලය විසින් අදාළ අධිකරණ නිලතල උදෙසා කරනු ලබන පත්කිරීම්වලට අදාළ නිර්දේශයන් ලබා දීම විනිවිඳ බවින් යුතු ක්‍රියාවලියක් හදුන්වාදිය යුතුයග මහාධිකරණ විනිසුරුවන් පත්කිරීම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් තුන්දෙනෙකුගෙන්, නීතිපතිවරයා, නීතිඥ සංගමයේ සභාපතිවරයා, අභියාචනාධිකරණය සභාපතිවරයා සහ අගවිනිසුරුගෙන් සමන්විත වන මණ්ඩලයක් මගින් සිදු කළ යුතුයග එකී පත් කිරීම්වලට අදාළ විශ්‍රාම ගැනීමේ ක්‍රියාවලිය, සාමාන්‍ය නීතියේ පවතින තත්ත්වයෙන් පවත්වාගෙන යා යුතුය.
05 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විනිසුරුවරුවරයෙකු සිය ධූරයෙන් ඉවත්කිරීම උදෙසා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත එකි විනිසුරුවරයාගේ අශක්නුතාව පිලිබදව හෝ වැරදි හැසිරීම පිලිබදව යෝජනාවක් ඉදිරිපත් කර ඇති විටෙක එකී චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් විශ්‍රාමික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරන් තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් පැවැත්විය යුතුයග එකී මණ්ඩලය කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ උපදෙස් මත පත්කල යුතුයග එවැනි ආමන්ත්‍රණයක් ඉදිරිපත් කිරීමට අදාලව එම එම යෝජනාව සම්මත කර ගැනීමේ ක්‍රියා පටිපාටිය විමර්ශනය කිරීමේ සහ ඔප්පු කිරීම සහ එම විනිසුරුවරයාට පෙනී සිටීමට සහ විභාග කිරීමට ඇති අයිතිය ඇතුලුව පාර්ලිමේන්තුව නීතියෙන් සම්පාදනය කල යුතුයග පුද්ගලයකු හෝ නියෝජිතයෙකු විසින් යෝජනාවේ අඩංගු වැරදි හැසිරීම් හෝ නොහැකියාව පිලිබදව චෝදනා ඔප්පුකර නොමැත බව මණ්ඩල තීරණය කරන විට යෝජනව අවලංගු වේ.
06 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ ල ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසුරුවරුන්ට අදාලව ආචාරධර්ම පද්ධතියක් තිබිය යුතුයග විනිසුරුවරුන්ට ආචාර වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය පිලිබදව එල්ලවන චෝදනා මගින් මහජනයා කෙරෙහි අධිකරණය ස්වාධීනත්වය අධිකරණය පිලිබ්දව ඇති විශ්වාසය කෙරෙහි දැඩි අවිශ්වාසයක් ඇතිවන අතර එවැනි වූ චෝදනාවන් සම්බන්ධයෙන් විමර්ශනයක් විශ්‍රාමික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරන් තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් පැවැත්විය යුතුයග එම විමර්ශනයේ වාර්තාව සුදුසු පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කල යුතුය.
07 අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරන් විශ්‍රාම ලැබූ පසුව සේවයේ යෙදෙන විට ලැබූ වැටුපට සමාන දීමනාවකට, පහසුකම්වලට හා වරප්‍රසාදවලට ඔවුන්ගේ ජීවිතය ඇති තෙක් හිමිකම් ලබා දිය යුතු ය. නමුත් නීතියෙන් ඉඩ දී ඇති තනතුරු හැර වෙනත් තනතුරු ඔවුන්ට දැරිය නොහැකි විය යුතු ය. මෙමගින් එකී විනිසුරන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය තහවුරු වනු ඇත.
ජනතාවට අභියාචනා අයිතිය සමීපකරලීම උදෙසා අභියාචනාධිකරණය විමධ්‍යගත කිරීම.
08 අභියාචනාධිකරණය විමධ්‍යගත කරමින් ජනතාව වෙත සමීප කරලීම උදෙසා තාවකාලික විනිසුරුවරුන් පත් කළ යුතු අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන්ගේ සහ නිනීතිඥ සංගමයේ සභාපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම කළ යුතුය.
09 අභියාචනාධිකරණය සෑම පළාතකම පැවැත්විය යුතුයගග අභියාචනාධිකරණය සඳහා මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය පැවැතිය යුතුයග අභියාචනාධිකරණය තීන්දු සම්බන්ධයෙන් අභියාචනාවන් අභියාචනාධිකරණයේ අවසරය ඇතිව හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ අවසරය ඇතිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කල හැකියග පළාත් මහාධිකරණ සඳහා ඇති සිවිල් අභියාචනා අධිකරණ බලය පළාත තුල වන අභියාචනාධිකරණය සඳහා ලබා දිය යුතුය.
10 විශේෂ අධිකරණ සඳහා තෝරා ගත් පුද්ගලයන් අවුරුදු 62 වැඩි සහ අවුරුදු 75 ට අඩු විය යුතුය. ඔවුන් තෝරා ගැනීම විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවන් අතුරින් විය යුතු අතර ඒ සඳහා සුදුසු ලේඛන ඉදිරිපත් කළ යුතු යග ඉන් පසුව ජනාධිපතිවරයා විසින් එවැනි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ යුතුය.
11 සියලු අධිකරණ නිළධාරීන්ට උසස්වීම් ලබා දීමේදී ඔහු හෝ ඇය විසින් දැනට අවසන් කර ඇති නඩුල ලබා දී ඇති තීන්දුල ලබා දී ඇති නියෝගල අභියාචන අධිකරණයන්හි පවතින එවැනි නඩු තීන්දු සැලකිල්ලට භාජනය කළ යුතු ය.
12 නිෂ්ඵල අභියාචනා හේතුවෙන් යම්කිසි අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම තුළ අධික වන්දි හා නෛතික පොලී ගෙවීමට වන විට එකී ප්‍රමාදයන් සිදු කළ පුද්ගලයන්ගෙන් ඒවා පුද්ගලිකව අය කළ යුතු ය. එමෙන්ම අධිකරණ තීන්දු ලබා දීමේ ක්‍රමවේදය කඩිනම් කළ යුතු ය.
13 අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වැනි නීති ක්‍රමයක් හඳුන්වාදිය යුතු ය.
නීතිපති රජයේ අභිචෝදක සහ මහජන ආරක්ෂක නිළධාරීන්.
14 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන වූ නීතීපති දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කල යුතුය. නීතිපති ධූරය ස්වාධීන විය යුතු අතර කිසිදු බලපෑමකට යටත් නොවිය යුතුයග නීතිපති ජනරජයේ ප්‍රධාන නීතිය පිලිබදව වන නිළධාරි වේ ඔහු ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරකෂා කලයුතුයග විශේෂයෙන්ම නීති කෙටුම්පත් පිළිබඳව සහතික නිකුත්කරමින් බලයේ සිටින දේශපාලන රෙජිමයේ ප්‍රකාශකයකු ලෙස නොව නීතිපති ධූරයේ ඉහළම සම්ප්‍රදායන් පවත්වාගෙන යමින් යුක්තියේ තරාදිය නීතිපතිවරයා විසින් ඒකාකාරීව පවතාගෙන යන බවට සහතික විය යුතුය.
15 ස්වාධීන වූ රජයේ අභිචෝදක තනතුරක් නීතියෙන් ස්ථාපිත කල යුතුය.
16 ස්වාධීන වූ මහජන ආරක්ෂක නිළධාරි තනතුරක් නීතියෙන් ස්ථාපිත කල යුතුය.
17 නීතිපති ල රජයේ අභිචෝදක ලසහ මහජන ආරක්ෂක නිළධාරි ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කල යුතුය.
18 නීතීපති දෙපාර්තමේන්තුවේ රජයේ ජේෂ්ඨ අධිනීතිඥ සහකාර සොලිසිටර් ජෙනරාල් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආදී තනතුරු සඳහාද දෙපාර්තුමේන්තුව තුළින් සහ පිටතින් තරඟකාරීත්වය තුළින් නීතිඥවරුන් එම තනතුරු සඳහා බඳවාගත යුතුයග මෙහිදී නීතිපති දෙපාර්තුමේන්තුවේ දැනට සේවය කරමින් සිටින නිළධාරීන්ට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදිය යුතුයග එහිදී ඔවුන්ගේ නිපුණතාවය සහ ශක්‍යතාවය සලකා බලා සිදු කල යුතුය.
19 නීතීපති තනතුර සදහා සහ සොලිසිටර් ජෙනරාල් යන තනතුරුවලට නීතිඥවරුන් ලෙස පත් වූ අයෙකු එම තනතුරේ අවුරුදු 3 කට අධික කාලයක් කටයුතු නොකළ යුතු ය.
අපරාධ නඩු කටයුතු වලදී යුක්තිය සාක්ෂාත් කිරීම.
20 අධිචෝදනා භාරදීම සඳහා වන ගත වන කාලය සීමා කරලිය යුතු අතර අදාළ අපරාධය සිදු වී මාස 3 - 6 ක කාලය තුළ අධිචෝදනා ගොනු කළ යුතුයග දැනටමත් ගොඩගැසී ඇති නඩු කටයුතු අවසන් කිරීමට පුද්ගලික නීතිඥවරු නීතීපතිවරයාගේ අධීක්ෂණය යටතේ ලබා ගැනීම කළ යුතුයග එවැනි නඩු වෙන් කිරීම සහ සම්බන්ධීකරණය විමධ්‍යගත රජයේ අභිචෝදකවරයකු විසින් සිදුකරනු ලැබිය යුතුය.
21 නඩු විභාග කිරීමේදී ඇතිවන ප්‍රමාදය වළක්වා ගැනීම උදෙසා නීතිඥවරුන් වෙනත් උසාවියක සිටින බව බවට වූ හේතුව නොසලකා අදාළ නඩු විභාගයන් පැවැත්වීම කළ යුතුයග එම ක්‍රමවේදය තුළින් කණිෂ්ඨ නීතිඥවරුන්ටද වැඩි පළපුරුද්දක් ලබා ගැනීමට හා තම දක්ෂතාවයන් වැඩිදියුණු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
22 එක් නඩුවක් අසා නිම කිරීමට අදාළ කාලසීමාව සලකා බලා ඊට අදාළව නිශ්චිත කාලසීමාවක් ලබා දීම එම කාලසීමාව තුල නඩුව අවසන් කිරීමට නොහැකි වුවහොත් අදාළ නඩු විභාගය දිනපතා පැවැත්වීම පැමිනිලිකාර පාර්ශවය නිසි කාලසීමාවක් තුල නඩු විභාගය ආරම්භ කිරීමට නොහැකි වුවහොත් විත්තිකරුට ඇප ලබා දීම පිලිබදව සලකා බැලීම කළ යුතුය.
23 වචනයේ පරිසමාප්තයෙන්ම ස්වාධීන මහජන අභිචෝදකවරුන් (නීතිපතිවරයාගෙන් ස්වාධීනවූ) පත්කල යුතුය මේ හරහා අදාළ අපරාධ සම්බන්ධයෙන් වූ නඩු විභාග ඉතාමත් වේගයෙන් සහ කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා රජයේ අභිචෝදකවරුන් ප්‍රාදේශීය මටිටමින් පත් කළ යුතු යග ඒ අනුව අපරාධ නඩුවලදී පැමිනිල්ල මෙහෙයවන රජයේ නීතිඥවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකි වටපිටාවක් සකසා දීම අපරාධ නඩු ප්‍රශස්ත විමධ්‍යගත කිරීම පිලිබදව සලකා බලයි.
24 සියලු අනීතික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත යුතු අතර අධිකරණයට ඉදිරිපත් කළ පසු වහාම රජයේ රස පරීක්ෂකගේ වාර්තාව ලැබුණු පසුව මහේස්ත්‍රාත් නියෝගයක් හරහා විනාශ කළ යුතු ය. මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු ය.
25 නීතියේ ආධිපත්‍යය සහ නීතියේ බලාත්මක භාවය පාර්ලිමේන්තු සාමාජිකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට මෙන්ම ක්‍රියාත්මක කළ යුතු ය.
26 විශේෂ අධිකරණ 4 ක් දෛනිකව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි අපරාධ නඩු කටයුතු විභාග කිරීම සඳහා කොළඹ, නුවර, ගාල්ල, අනුරාධපුරය සහ යාපනය යන ප්‍රදෛ්ශවල පිහිටුවිය යුතු ය. ඒවා මහාධිකරණ විය යුතු අතර එම මහාධිකරණ විනිසුරන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකුගෙන්, නීතිපතිගෙන්, නීතිඥ සංගමයේ සභාපතිගෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් දෙදෙනෙකුගෙන්, අභියාචනාධිකරණයේ සභාපතිගෙන් යුක්ත අග විනිසුරු විසින් මුලසුන හොබවන මණ්ඩලයක් විසින් පත් කළ යුතු ය.
මර්දනය මත සිවිල් නිදහස ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම උදෙසා කුරිරු නීති අවලංගු කිරීම.
27 දැනට පාර්ලිමෙින්තුව ඉදිරියේ ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අහෝසි කළ යුතු ය. ඒ වෙනුවට රටෙි සහ සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකමි ආරක්ෂා වන පරිදි නව පනතක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඉදිරිපත් කළ යුතු ය.
28 යහපාලන සමයේ ගැසට් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට වූ හොද පදනමක් සහිත පනතක් වේග එය අවශ්‍ය සංශෝධන සහිතව නීතිගත කළ යුතු ය.
නිදහස් ප්‍රචාරණය සවිබල ගැන්වීම සහ මූලික අයිතිවාසිකම් සුරැකීම උදෙසා විවෘත්ත සංවාදයක් මගින් සීමාකාරී කථන නීති ඉවත් කිරීම සඳහා පෙනී සිටීම.
29 දැනට ඉදිරිපත් කර ඇති මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත අහෝසි කර ඒ වෙනුවට අවදානමට ලක්විය හැකි කාන්තාවන් සහ ලමයින් ආරක්ෂා කිරීම සඳහා පමණක් වූ නව පනතක් ඉදිරිපත් කළ යුතු ය.
30 එකී පනත් කෙටුම්පත අහෝසි කරමින් ඒ වෙනුවට සත්‍ය වශයෙන් සමාජයට සිදුවන බලපෑම පිළිබදව අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කොට සමාජයට හිතකර වු නව පනතක් හදුන්වා දිය යුතු ය.
31 අසත්‍ය ප්‍රචාරණයන් සමිබන්ධව හා අපහාසාත්මක ප්‍රකාශ කරන අවස්ථාවන්හිදී එයින් අගතියට පත් තැනැත්තන් සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීමට ඇති අයිතිය තහවුරු කළ යුතු ය.
සත්‍ය හෙළිදරව් කිරීම යුක්තිය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වැඩි දියුණු කිරීම සහ වේගවත් කිරීම.
32 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිලිබදව විමර්ශන නැවත ආරම්භ කිරීමට සහ 2019 නොවැම්බර් මසට පෙර අදාළ විමර්ශන සිදුකල නිළධාරීන් හරහා නැවත එම විමර්ශන ආරම්භ කිරීමට පියවර ගත යුතු යග මෙතෙක් කර ඇති පරීක්ෂණ වලින් ඉදිරිපත්කර ඇති සාක්ෂි විනාශ කිරීම සඳහා කිසියම් තැනැත්තකු පියවරගෙන ඇත්නම් ඔවුන් සඳහා නීත්‍යාණුකූලව දඬුවම් ලබාදිය යුතුය.
සොරාගත් ජාතික වත්කම් නැවත ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අධීක්ෂණය යටතේ අන්තර්ජාතික සහයෝගීතාවයෙන් වැඩි දියුණු කළ විමර්ශන උපාය මාර්ග.
33 මෙරටින් අනීතික ලෙස බැහැර කරන ලද සහ සොරකම් කරන ලද මහජනයාගේ මුදල් නැවත මේ රටට ගෙන ඒම සදහා මින් පෙර විමර්ශන කටයුතු කළ නිලධාරීන් නැවත එම කටයුතුවල යෙදවීමට කටයුතු කිරීම, ඒ සදහා අතිරේක නිලධාරීන් යොදවා අදාළ විමර්ශන කටයුතු වේගවත් කිරීම, එකී විමර්ශන කටයුතු අධීක්ෂණය සදහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන ලෙස අදාළ විෂය පිළිබඳ දැනුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කිරීම කළ යුතු යග එසේ වුවද එකී මණ්ඩලය එම පරීක්ෂණ ධෛර්යයමත් කිරීම පමණක් කළයුතු වේ.
34 හෙළි නොකළ වත්කම් දරා සිටින සියලු පුද්ගලයන්ගේ වත්කම් නිසි විමර්ශන හරහා අධිකරණයේ අධික්ෂණය යටතේ රාජසන්තක කිරීම සහ ඒ සඳහා අවශ්‍ය වන නව නීතී ජන්දයෙන් මාස 6 ක් ඇතුළත සම්මත කළ යුතු ය.
35 එවැනි නඩු වසරක් තුළ අවසන් කිරීමට කටයුතු කළ යුතුය. අදාළ පාර්ශවයේ නීතිඥ මහතාගේ අසනීප තත්වයක් මත මිස නඩු කල් දැමීම සිදු නොකළ යුතුයග වගකීම සහ ස්වාධීනත්වය පෝෂණය කිරීම වෙනුවෙන් අපක්ෂපාතීත්වය සහ ඵලදායී බව සහතික කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව ශක්තිමත් කිරීම.
36 පොලිස් කොමිසම, අල්ලස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම සත්‍ය වශයෙන්ම දේශපාලන බලපෑම්වලින් තොර ස්වාධීන ඒකක බවට පත් කළ යුතු ය. ඔවුන් දේශපාලන සම්බන්ධතාවලින් තොර ස්වාධීන පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් කුසලතා පදනම මත පත් කළ යුතු ය.
37 අල්ලස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන පැමිනිල්ලක් සම්බන්ධයෙන් මාස 3 ක කාලයක් තුළ අදාළ විමර්ශන කළ යුතුයග තවදුරටත් අදාළ විමර්ශන සඳහා කාලය අවශ්‍ය නම් අදාළ මහේස්ත්‍රාත්වරයගෙන් නිසි අනුමැතිය ලබා ගත යුතු යග එසේ වුවද එකී ආකාරයෙන් වැඩිමනත් දින ලබාගන්නේනම් එම කාල වකවාණුව උපරිමයමාස 3කට වඩා නොවැඩි විය යුතුයග අධිචෝදනා මාස 6 ක් තුළ ගොනු කළ යුතු අතර රුපියල් මිලියන 5 කට වඩා වැඩි නඩු විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය සභාවක් ඉදිරියේ දිනපතා නඩු විභාගය සිදු කළ යුතුය.
38 විශ්‍රාමික මහාධිකරණ විනිසුරන් තාවකාලික මහාධිකරණ විනිසුරන් ලෙස එවැනි නඩු විභාග කිරීම උදෙසා යොදාගත හැකිය.
39 උපදේශන සම්බන්ධයෙන් විශේෂඥ වෘත්තීය සංගම්වලින් (නීති, ඉංජිනේරු, වෛද්‍ය, ගණකාධිකාරී ආදී වෘත්තීන්) ලබාගන්නා අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් බදවා ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් ක්‍ෂ්ඊධක් හරහා සැපයිය යුතුය.
40 සියලුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒ සමාන පදනමක් මත සහ වැඩිමනත් වසරක කාලයක් තුළ අවසන් කල යුතු අතර සහ වසරක කාලයක් තුල ඒ හා සමානව අධිචෝදනා ගොනු කල යුතුය.
41 අල්ලස් කොමිසම විසින් එම කොමිසමට ලැබුණු පැමිණිලි, විමර්ශන අවසන් කර ඉදිරිපත් කරන ලද අධිචෝදනා පිලිබදව වාර්තා කාර්තුමය වශයෙන් පාර්ලිමේන්තුව ඉදිරියේ සභාගත කල යුතුය.
42 ව්‍යාපෘති ඇගයීමකින් තොරව සාධාරණීයකරණයකින් තොරව ඇමරිකානු ඩොලර් මිලියන 1 ඉක්මවු අනවශ්‍ය යෝජනාවලට සම්බන්ධ සියලුම තරාතිරම්වල සිටින සියලු දේශපාලනිකව තේරී පත්වූ හෝ රාජ්‍ය නිළධාරීන් සහ අනෙකුත් පුද්ගලයන්ට අල්ලස් හා දූෂණ නීතිය යටතේ චෝදනා එල්ල කළ යුතු ය.
43 අදාළ පුද්ගලයන් රාජ්‍ය නිලධාරීන් නම් ඔවුන් අමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කල බව නිදහසට කරුණක් නොවිය යුතු යග ඔවුන් ජීවත් වන නිවස සහ ඔවුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය හැර ඔවුන්ගේ සියලු දේපල රාජසන්තක කිරීමට ද යටත් වනු ඇත. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීති මාස 6 ක් තුළ නීතිගත කළ යුතු ය.
44 එසේ ආරම්භ කරන ලද සියලු ව්‍යාපෘති, සුදුසුකම් ලත් වෘත්තීය නිපුණයන් මගින් නැවත ඇගයීම සිදු කළ යුතු අතර ඒ මගින් අදාළ ව්‍යාපෘතියේ අරමුණ සහ ඒ සඳහා සිදුකරන ලද වියදම් සහ වැය සලකා බැලීම සිදු කළ යුතු ය.
45 සියළුම කොමසාරිස්වරුන් වරෙන්තුවට අත්සන් නොකිරීම හෝ කිසිදු පදනමක් නොමැතිව ඉල්ලා අස්කර ගැනීම යන පදනම මත අල්ලස් කොමිෂම විසින් ඉල්ලා අස්කර ගන්නා ලද සියළුම නඩු නැවත පැවරිය යුතුය.
46 ගිණුම්ගත නොකළ වත්කම් ඇති සියලු රාජ්‍ය නිළධාරීන් සහ දේශපාලනඥයන් තහවුරු කර ගත යුතු අතර ක්‍ෂ්ඊධක් යටතේ නීතිමය ක්‍රියාමාර්ග තුළින් ඔවුනට නඩු පැවරිය යුතුය.
47 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට සහතික වීම.
ආර්ථික වර්ධනය පරිවර්තනය කිරීම උදෙසා ආයෝජන මණ්ඩලය නැවත සකස් කිරීම සහ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාව සහ ගෝලීය තරඟකාරීත්වය සඳහා ආයෝජන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වූ සැළැස්මක්.
48 රට තුල සිදුකරනු ලබන ආයෝජන සඳහා වන අනුමැතීන් ලබාගැනීමට සරල සහ තාර්කික ක්‍රමවේදයක් හදුන්වාදිය යුතු ය. වරාය නගරය සහ ආයෝජන මණ්ඩලය ඒකාබද්ධ කළ යුතු අතර ඒ සඳහා ආයෝජන මණ්ඩල පනත අහෝසි නොකර, සංශෝධන සිදු කිරීම මගින් එහි කාර්යක්ෂමතාවය සඳහා පූර්ණ බලතල ආයෝජන මණ්ඩලය වෙත ලබා දිය යුතු ය.
49 ඒ තුළින් එම පනත් වෙත දැනටමත් පැවරී ඇති අධිකාරී බලය ආයෝජන මණ්ඩලය වෙත පැවරෙනු ඇත. ආයෝජන මණ්ඩල පනතේ බී උපලේඛනය පුළුල් කරමින් පළාත් පාලන ආයතන, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයල ලංකා විදුලි බල මණ්ඩලය, රේගු දෙපාර්තමේන්තුව, විනිමය පාලන කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළත් කරමින් එකී පනත හරහා ලැබී ඇති අධිකාරී බලය ආයෝජන මණ්ඩලය වෙත පවරමින් එකී පනත සංශෝධනය කළ යුතු ය.
50 මේ තුළින් රට තුළ ආයෝජන කිරීමට බලාපොරොත්තුව වන ආයතන සඳහා අවශ්‍ය අනුමැතීන් එකී ආයතන වලට සති 2 ක් වැනි කාලයක් තුලදී ලබා දිය යුතු වේ.
51 එකී ආයතන විසින් අදාළ අනුමැතීන් සති දෙකක කාලයක් තුල ලබා නොදෙන විටකදී එම අවශ්‍ය අනුමැතීන් ලබාදීමේ වගකීම ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් වෙත පැවරේ.
52 අදාළ අනුමැතිය හෝ ප්‍රතික්ෂේප කිරීම සති 2 ක් ඇතුළතදී ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයා වෙත දන්වා නොමැත්තේ නම් අදාළ අනුමැතීන් ලබා දුන්නා සේ සැලකිය යුතුය.
53 අදාළ අනුමැතීන් ලබා දුන් පසු එකී අදාළ ආයතන විසින් එකී අනුමැතීන් බලාත්මක කර ක්‍රියාත්මක නොකළේ නම් එකී නොකර හැරීම අල්ලස් හා දූෂණ පනත යටතේ වන දූෂණ ක්‍රියාවක් ලෙස සැලකිය යුතු ය.
54 සියලුම අනුමත කිරීමේ ක්‍රියාවලීන් මාර්ගගත ක්‍රමයට සිදු කළ යුතු අතර අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒවා අධීක්ෂණය කළ යුතු යග ආයෝජකයන් මුහුණට මුහුණ හමුවීම මෙයින් වැළකිය යුතු ය.
55 එවැනි කාර්යපටිපාටියක් උල්ලංඝනය කිරීම දූෂණ ක්‍රියාවක් වන අතර ඒ අනුව අවශ්‍ය පියවර ගත යුතුය.
56 ආයෝජන මණ්ඩල පනතේ 16 හා 17 වගන්ති ප්‍රකාරව ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්වලට එළඹ රට තුළ සිදු කර ඇති සියලු විදේශ ආයෝජන ආරක්ෂා වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව ද සංශෝධනය කළ යුතු ය.
57 සියලු පෞද්ගලික ආයෝජන ආරක්ෂා කළ යුතු අතර එකී දේපළ සහ/හෝ ආයෝජන රජයට පවරා ගැනීමෙන් නිදහස් කළ යුතු ය. මෙතෙක් කිසියම් ආකාරයකින් හෝ පවරාගෙන ඇති දේපළ වේනම් ඒ සඳහා වන්දි නොදී රාජ්‍යයට පවරා ගෙන ඇති සියලු දේපළ නැවත පුද්ගලික හිමිකරුවන්ට ලබා දිය යුතු ය. ඒ බව සනාථ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ/හෝ නීතිමය ප්‍රතිපාදන සැලසිය යුතු ය.
58 ඇමරිකානු ඩොලර් මිලියනයකට වැඩි සියලු ව්‍යාපෘති සඳහා පාරදෘශ්‍ය ලෙස ලෝක ව්‍යාප්ත මට්ටමින් ටෙන්ඩර් කැඳවිය යුතු ය.
ව්‍යවස්ථාමය පරිණාමය මගින් ඵලදායී පාලනයක් සහ නියෝජනයක් සහතික කිරීම සඳහා ජනාධිපති අගමැති සහ පාර්ලිමේන්තු භූමිකාවන් සඳහා නවීන විධිවිධාන සැකසීම.
59 ජනාධිපතිවරණයට තෙවරක් තරග කල අපේක්ෂකයකු නැවත තරග කිරීම තහනම් කළ යුතු ය.
60 වරක් රටේ ජනාධිපති වූ අයෙකුට ඔහුගේ ධූර කාලය අවසන් වූ පසුව නැවත පාර්ලිමේන්තුවට පත් වීමට ඉඩ ලබා නොදිය යුතු ය.
61 සියලු පෙර සිටි ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට කිසිදු විශ්‍රාම වැටුප්, වරප්‍රසාද, නිවාස ආදී කිසිවක් ලබා නොදිය යුතු ය.
62 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට නම් වර්තමානයේ හෝ පෙර පාර්ලිමේන්තු සාමාජිකයකු විය යුතු ය.
63 දේශපාලකයන්ගේ පවුලේ සාමාජිකයන්ට දැනට ධූරය හොබවන දේශපාලකයාගේ ධූර කාල සීමාව අවසන් වීමෙන් පසු අවුරුද්දක කාලසීමාවක් තුළ දේශපාලනයට සම්බන්ධ වීමට ඉඩ ලබා නොදිය යුතු ය.
64 දේශපාලකයන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවෙකුට ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමකට ඇතුළත් වීමට ඉඩ ලබා නොදිය යුතුය. මේ සම්බන්ධව පෙට්‍රල් ෂෙඩ් සම්බන්ධ ගිවිසුම්, බාර් සම්බන්ධ ගිවිසුම්, කොන්ත්‍රාත් ද ඇතුළත් විය යුතු ය. පවුලට සම්බන්ධ දේශපාලකයාගේ ධූර කාලය තුළ එවන් ගිවිසුමකට එළඹ ඇත්නම් ඒවා අවලංගු කළ යුතුය. ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් අමාත්‍යංශවල පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හෝ ඔවුන් යටතේ ඇති කිසිදු ආයතනයක සේවය නොකළ යුතුය.
65 අදාළ මහ මැතිවරණයකදී ඡන්දයෙන් තේරී පත්වීමට අසමත් වූ කිසිදු පුද්ගලයෙකුට එම පාර්ලිමේන්තුවේ නිල කාල සීමාව සඳහා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙස තේරී පත් විය නොහැකි විය යුතු ය.
66 මහාධිකරණයක් විසින් විශේෂිත අපරාධ වරදකට වරදකරුවකු කළ කිසිදු පාර්ලිමේන්තු සාමාජිකයෙකු පාර්ලිමේන්තු සැසිවලට සහභාගී වීම වැළැක්විය යුතුය. ඇමතිවරයෙකු හෝ රාජ්‍ය සේවකයකු සම්බන්ධ කාරණයකදී අදාළ නඩු විභාගයේ තීන්දුව ලැබෙන තෙක් ඔහු අමාත්‍යවරයෙකු ලෙස සේවය කිරීම අත්හිටුවිය යුතු ය. පාර්ලිමේන්තුවේ කිසිදු සාමාජිකයෙකු සදාචාරාත්මක නොවන ක්‍රියාවක් එනම් සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම, අනර්ථය, සොරකම හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ කිසියම් ගිවිසුමකට එළඹ තිබීම වැන්නක් සිදු කර තිබීම ඔහු හෝ ඇය පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස තවදුරටත් සිටීමට නුසුදුසු තත්ත්වයට පත් කළ යුතු අතර එවැන්නක් ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවෙන් නෙරපීමට හේතු විය යුතු ය. අභියාචනය පවතින කාලසීමාව තුළ ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවට සහභාගී විය නොහැකි විය යුතු ය.
67 පාර්ලිමේන්තුවේ සියලු අමාත්‍යවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක් ආරක්ෂක භටයෙක් පමණක් සිටිය යුතු ය. එකී ආරක්ෂක නිළධාරියා සඳහා වාහනයක් ලබා නොදිය යුතුය. වැඩිදුර ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා වන වියදම් අමාත්‍යවරයාගෙන් හෝ සාමාජිකයාගෙන් පෞද්ගලිකව අය කර ගත යුතු ය.
68 නිල රථයක් වෙන් කළ යුත්තේ අමාත්‍යවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු වෙනුවෙන් පමණි. වත්මන් තක්සේරු කිරීමේ ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් වෙත ලබාදෙන සියලු පහසුකම්වලට අදාළව බදු අය කළ යුතු ය. එවන් තැනැත්තන්ට ලබාදී ඇති නිල රථ හෝ වෙනත් කිසිදු පහසුකමක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආණ්ඩුවේ ප්‍රධාන තක්සේරුකරු විසින් පූර්වයෙන් තීරණය කරන ලද මුදලක් ගෙවීමෙන් තොරව භාවිත කළ නොහැකි විය යුතු ය. මෙයට නිල නිවාස ද ඇතුළත් විය යුතු ය.
69 පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ලබා ගන්නා සියලු ආහාරපාන සඳහා සැබෑ වියදමට සරිලන මිලක් නියම කළ යුතු ය.
70 ආණ්ඩුවේ සියලු වාහනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කළ යුතු ය.
71 ජනාධිපති, අගමැති, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ රාජ්‍ය සේවකයින්ට එක් නිල රථයකට වඩා භාවිත කිරීමට ඉඩ නොදිය යුතු ය. ඔවුන්ට වසර 5ක් භාවිත කිරීමෙන් පසුව මිස රථය වෙනස් කිරීමට ඉඩ ලබා නොදිය යුතු ය. රථවාහන දෝෂ පවතින විට භාවිත කිරීමට අතිරික්ත රථවාහන පැවතිය යුතු ය. එසේ වුවද ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා සහ විනිශ්චයකාරවරුන් වෙත සපයනු ලබන ආරක්ෂක වාහනවලට මෙය බලපාන්නේ නැත.
72 ජනාධිපති, අගමැති හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම ගැනීමෙන් පසුව විශ්‍රාම වැටුපකට, වරප්‍රසාද හෝ නිළ නිවාස හිමිකමක් නොතිබිය යුතු ය.
73 නියත වශයෙන්ම අත්‍යවශ්‍ය වන්නේ නම් මිස විදේශ සංචාරයන්හි නිරත විය නොහැකි විය යුතු ය.
74 බදුවලින් නිදහස් කෙරෙන බලපත්‍ර මෝටර් රථ හෝ ජීප් රථ පාර්ලිමේන්තු සාමාජිකයන්ට ලබා නොදිය යුතු ය. කෙසේ නමුත් අත්‍යවශ්‍ය අවස්ථාවකදී එවන් බලපත්‍ර ලබාදිය හැකි අතර ඒවා අදාළ පුද්ගලයන්ට පුද්ගලිකව ලබාදිය යුතු ය. එමෙන්ම එම බලපත්‍ර වසර 5 ක් යන තෙක් විකිණීමට නොහැකි විය යුතු ය.
75 පාර්ලිමේන්තු සාමාජිකයන්ට දී ඇති සියලු ආයුද නැවත කැඳවිය යුතු ය. ඒ සඳහා 1987/88 කාලවකවානුවේ සිවිල් ගැටුම් හේතුවෙන් අවශ්‍යතාවක් පැවතියද වර්තමානයේ එවන් අවශ්‍යතාවක් නොපවතී. එමෙන්ම බොහෝ පිරිස් ඒවා භාවිත කරන ආකාරය ද නිසියාකාරව නොදනී. කිසිදු නිලධාරියකුට අදාළ නිල ඇඳුමෙන් නොසිටින්නේ නම් ආයුද සන්නද්ධවීම නොකළ යුතු ය. සාමාන්‍ය පුද්ගලයන්ට බලපාන අයුරින් යම් තර්ජනයක් තිබේ නම් ඒ පිළිබඳව අවධානම් විශ්ලේෂණය කිරීමෙන් පසුව පමණක් අවසර ලබාදිය යුතු ය.
76 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය පක්ෂය මාරු කළහොත් පාර්ලිමේන්තු අසුන එසැනින්ම අහිමි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශා්ධනය කළ යුතු ය.
77 කැබිනට් අමාත්‍යවරුන් 15 ක් සිටිය යුතු අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් ද 15 ක් සිටිය යුතු ය. තවදුරටත් රාජ්‍ය හෝ විෂය භාර මන්ත්‍රීවරුන් සිටිය යුතු නොවේ.
78 අමාත්‍යංශවල වැඩ බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කළ යුතු නොවේ.
79 සියලුම අමාත්‍යංශවලට අවශ්‍ය නීති සම්පාදනය සහ/හෝ සංශෝධන ඉදිරිපත් කිරීම සහ/හෝ නව නීති යෝජනා කිරීමට හා ඒවා පරීක්ෂා කිරීමට විශේෂඥ මණ්ඩලයක් පත් කළ යුතු ය.
යුක්තිය තහවුරු කිරීම වෙනුවෙන් රජයට වගවීම සහ ප්‍රතිස්ථාපනය සහතික කිරීම සඳහා මූලික අයිතිවාසිකම් කඩකිරීම් සඳහා වගකීම් සහ වන්දි යාන්ත්‍රණයක් ඇති කිරීම.
80 ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර, එස්. ආර්. ආටිගල හා ඩබ්. ඩී. ලක්ෂ්මන් යන අය ඔවුන්ගේ ක්‍රියාවන් සහ/හෝ නොකර හැරීම් මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට රුපියල් මිලියන 493394 ක හානියක් (ීක් ත්‍ඍ 195රැ2022 නඩු තීන්දුවේ 73 වන පිටුව) සිදු කර ඇත. තවදුරටත් එම නඩු තීන්දුවේ 74 හා 75 පිටුවල දැක්වෙන ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන 7780.08 ක විදේශ විනිමය සංචිත ක්‍රමිකව අඩු වී ඇති අතර, එම සංචිත නිසියාකාරව පවත්වාගෙන යාමට සාධාරණ පියවර ගෙන නොමැත. එම නොකර හැරීම් රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉතා දැඩිව බලපා ඇත (පෙර කී නඩු තීන්දුවේ 76 පිටුව). එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 195/2022 දරණ තීන්දුව ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන් හා සමන්ත කුමාරසිංහ යන අය වෙත ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම පවරමින් දී ඇති නඩු තීන්දුව ප්‍රකාරව ඔවුන්ට එරෙහිව තදබල නෛතික ක්‍රියාමාර්ග ගත යුතු ය. කිසියම් මන්ත්‍රීවරයකු හෝ අමාත්‍යවරයතු අල්ලස් හෝ දූෂන ක්‍රියා සහ/හෝ හෝ වෙනත් අප්‍රාධමය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුවහොත් එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ අසුන් නොගත යුතු අතර යම් තනතුරක් දරන්නේනම් එම තනතුර වහාම අහිමිකළ යුතු ය.
81 අවමය වසරක කාලයක්ද උපරිමය වසර 20 ක කාලයක්ද වශයෙන් අනිවාර්ය සිර දඩුවම් සහ හානියේ අගය මෙන් තුන් ගුණයක වන්දි (පෙර සිටි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා විසින් 2022 මැයි මස 3 වන දින තහවුරු කර ඇති ආකාරයට ශ්‍රී ලංකා ආණ්ඩුවට බිලියන 493 ක බදු සංචිත ද, ඇමරිකානු ඩොලර් මිලියන 7680.08 ක විදේශ සංචිත ද ඔවුන් විසින් අහිමි කර ඇත) නියම කරනු ලබන 1982 අංක 12 දරණ පොදු දේපළ පනත යටතේ පෙර කී තැනැත්තන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය. මේ සඳහා අතීතයට බලපාන අයුරින් අවශ්‍ය ලෙස නීති සංශෝධන ඉදිරිපත්කල යුතුය.
82 එම නිසා ඉහත දක්වා ඇති ආකාරයට හානි පූරණය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙම ක්‍රියාදාමය වෙත පූර්වතාවය දිය යුතු අතර පෙර කී තැනැත්තන්ට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත පෙර කී ආකාරයට මැතිවරණය පවත්වා මාස 6 ක් ඇතුළත මුදල් ගෙවීමට නියම කළ යුතු ය.
83 මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සම්බන්ධයෙන් යම් ඇමතිවරයෙකු හෝ රාජ්‍ය සේවකයකු වරදකරුවකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්නම්, එවැන්නකුගේ සේවය වහාම බලපාන අයුරින් අහෝසිවනු ඇත. එවන් තැනැත්තෙකු ජනාධිපති, අගමැති, අමාත්‍යවරයෙකු හෝ පාර්ලිමේන්තු සාමාජිකයෙකු වන්නේ නම් ඔවුන්ගේ සිවිල්/ප්‍රජා අයිතීන් අහිමි කළ යුතු ය. එවැන්නෙකුගේ ක්‍රියා හේතුවෙන් ආණ්ඩුවට හෝ යම් පුද්ගලයෙකුට හානියක් සිදුව ඇත්නම් එම හානිය, විගණකාධිපති විසින් ගොනු කරන සහතිකයක් මගින් අදාළ තැනැත්තාගෙන් පුද්ගලිකව අය කර ගත යුතු ය. මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා උචිත නීති මෙම රජය පත්වී මාස 6 ක කාලයක් තුළ පැනවිය යුතු ය.
84 මූලික අයිතිවාසිකම් කඩ කිරීම්ි සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරන සියලු දෙනාගෙන් සිදු කරන ලද හානිය මෙන් තුන් ගුණයක මුදලක් විගණකාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක් මගින් අය කර ගත යුතු ය. එමෙන්ම එකී අය කර ගැනීම මහේස්ත්‍රාත් අධිකරණය හරහා දඩයක් අය කර ගැනීමේ ක්‍රියාවලියට යටත්ව සිදු කළ යුතු ය.
85 ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණය අනුව ආණ්ඩුවට සිදු කරන හානිවලට වගකිව යුතු පුද්ගලයන්ට පොදු දේපළ පනත යටතේ සහ/හෝ වධහිංසා කිරීමේ පනත සහ/හෝ ෂක්‍ක්‍ඡඍ ්ජඑ පනත යටතේමාස 3ක් ඇතුළත නඩු පැවරිය යුතුය.
86 එවන් අවස්ථාවකදී වරදකරුවන් වන අයට රාජ්‍ය අංශයේ රැකියාවක් කිරීමට සුදුසුකම් ලබා නොදිය යුතු ය. පුද්ගලික අංශය විසින් ද එවැන්නන්ට රැකියාවන් ලබා නොදීම දිරිමත් කළ යුතු ය.
රාජ්‍ය මූල්‍ය ප්‍රශස්ත කිරීම උදෙසා උපාය මාර්ගික මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් විගණන පිළිවෙත් තුළින් රාජ්‍ය වියදම් වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
87 ජනාධිපති අරමුදල, මහපොළ භාර අරමුදල හා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ අරමුදල වෙතින් විවිධ පුද්ගලයන් හා/හෝ ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන මුදල් එසේ වියදම් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසර ලබා ගත යුතු ය. එමෙන්ම අදාළ අපේක්ෂිත මුදල් සීමාව ඉක්මවා යන අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු ය.
88 එකී අරමුදල්වල විගණනය කළ ගිණුම් අවම වශයෙන් මාස තුනකට වරක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.
89 සියලු ව්‍යවස්ථාපිත මණ්ඩලවල, සංස්ථාවල, කොටස්වලින් 95්‍ර කට වඩා ආණ්ඩුවට අයත් හෝ ආණ්ඩුව විසින් පාලනය කරන රාජ්‍ය සමාගම්වල විගණනය කළ ගිණුම් අපේක්ෂිත ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. එලෙස ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අසමත් වීම, අදාළ ආයතනයේ හා මූල්‍ය අංශයේ ප්‍රධානීන් අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට හේතු විය යුතු ය.
90 අමාත්‍යංශවල ගිණුම් විශේෂයෙන්ම ඇමතිවරුන් සහ ඔවුන්ගේ පිරිසගේ (ගමන් වියදම්, රථවාහන වියදම්, ඉන්දන වියදම්, අතිකාල වියදම්, ආහාර සඳහා වන වියදම් හා වෙනත් එවැනි වියදම් ද ඇතුළත්ව) සම්බන්ධ ගිණුම් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අදාළ ඇමති යටතේ පවතින අමාත්‍යංශයේ හෝ දෙපාර්තමේන්තුවේ හෝ ව්‍යවස්ථාපිත ආයතනයේ කිසිදු රැකියාවන් කිරීම තහනම් විය යුතු ය.
91 ඡන්දයෙන් පත්වූ සියලු දෙනාගේ හා/හෝ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශනයක් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු ය. ඔිනෑම සිවිල් පුරවැසියෙකුට එම ප්‍රකාශනයේ පිටපතක් ලබා ගැනීමට අයිතියක් තිබිය යුතු ය. අදාළ කාලසීමාවන්ට අනුගතව ක්‍රියා කිරීමට අසමත් වීම එවන් තැනැත්තන් තනතුරු දැරීම වැළැක්වීමට හේතුවක් විය යුතු ය. මැතිවරණයෙන් පසු මාස 6ක කාලයක් තුළ මේ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කළ යුතුය.
92 ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ට හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හෝ ඍජුව හෝ වක්‍රව ඔවුන් යටතේ හරයාත්මක පාලනයක් පවතින සමාගම්වලට ආණ්ඩුව සමග කිසියම් ගිවිසුමකට එළඔිය නොහැකි විය යුතු ය. එවන් අයිතිවාසිකම් හෝ සම්බන්ධකම් පිළිබඳ අනාවරණය වූ විට එවන් සාමාජිකයන් සම්බන්ධයෙන් දූෂණයට එරෙහිව නඩු පැවරිය යුතු ය.
93 සමාජ ශාලා, හෝටල් හා අවන්හල්වලට නිකුත් කරන ලද බලපත්‍ර හැර අනෙකුත් සියලු මත්පැන් බලපත්‍ර වාර්ෂිකව පාරදෘශ්‍ය ටෙන්ඩර් ක්‍රමවේදයක් හරහා ලබාදිය යුතු ය. එවන් ටෙන්ඩර් ක්‍රමවේදයක් පිළිබඳ වගකීම දිසාපති වෙත පැවරිය යුතු ය.
94 විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉතා ඉක්මනින් නැවත සලකා බැලිය යුතු ය. සියලු පුද්ගලයන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් විශ්‍රාම ලැබීමෙන් පසුව එළඹෙන පළමු මාසයේ සිට ලැබීමට සැලැස්විය යුතු ය. විශ්‍රාම ලබන දිනයට මාස 6 කට පෙර ඒ සඳහා අවශ්‍ය සියලු ලියවිලි සකස් කර අවසන් කළ යුතු ය.
95 විශ්‍රාම ලත් ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ කලත්‍රයන්ට, අමතිවරුන්ට, පාර්ලිමේන්තු සාමාජිකයන්ට, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා මහ බැංකුවේ සභාපතිවරුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් නොදිය යුතු ය.
වාණිජ ගණුදෙනු වල හිමිකම් කඩිනම් සහ කාර්යක්ෂමතාව සඳහා පරාටේ ක්‍රියාවළිය සඳහාවූ නීතිමය රාමුව ශක්තිමත් කිරීම.
96 මෙම පහසුකම රුපියල් මිලියන දහයකට වැඩි ණය පහසුකම් ලබා ගත් තැනැත්තන්ට එරෙහිව අදාළ මූල්‍ය ආයතනවලට ක්‍රියාත්මක කළ හැකි ය.
97 වෙන්දේසියට පෙර බැංකුව විසින් තක්සේරුවක් කළ යුතු අතර ඒ අනුව ඉහළම මිල තීරණය කළ යුතුය.
98 බැංකුව විසින් සිදු කරන තක්සේරුව සමග ණය පහසුකම ලබා ගත් තැනැත්තා එකග නොවේ නම් ඔහුට දෙවන වර තක්සේරුවක් සඳහා අයිතිය ඇත.
99 දෙවන වර තක්සේරුව ලබා ගත් පසුව වෙනස් අගයක් ලැබුණේ නම් තක්සේරු දෙකෙහි සාමාන්‍ය අගය අදාළ අගය ලෙස සැලකිය යුතු ය.
100 වෙන්දේසියේදී ගැනුම්කරුවන් නොසිටියේ නම් හා බැංකුව දේපළ මිලදී ගැනීමට කැමති අදාළ තක්සේරු අගයට නොඅඩු මිලකට බැංකුවට අදාළ දේපළ මිලදී ගැනීමට හැකි ය.
101 වරක් බැංකුව දේපළ මිලදී ගෙන ඇති විට අතිරික්තයක් ඇත්නම් වෙන්දේසියෙන් පසුව දින 3 ක් ඇතුළත හිමිකරුට ගෙවිය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අධීක්ෂණය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යක්ෂමතාවය සහ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ.
102 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පහත අයවළුන්ගෙන් සමන්විත විය යුතුය.
අ අගමැතිවරයා.
ආ කතානායකවරයා.
ඇ විපක්ෂ නායකවරයා නියෝජිත මන්ත්‍රී සභාවේ.
ඈ සෙනට් සභාවේ මුලසුන.
ඉ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම්කරනු ලබන පුද්ගලයන්ගෙන් ජනාධිපතිවරයා පත්කරනු ලබන පුද්ගලයන් 5 දෙනෙකු.
ඊ ජනාධිපතිවරයා පත්කරනු ලබන පුද්ගලයෙකු වියයුතු අතර ඔහු අගමැති වරයා හෝ විපක්ෂ නායකවරයා නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම නොවන පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් ස්වාධීන කණ්ඩායමක හෝ පක්ෂයක සාමාජිකයෙකු විය යුතුය.
ඉහත ඉ ජේදයේ පරිදි පුද්ගලයන් පස්දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත පත්කිරීම සඳහා නිර්දේශ ලබා දීමේදී ආන්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තුල ශ්‍රි ලංකා ජනසමාජය තුල පවතින බහුත්වවාදි ලක්ෂණ වෘත්තීමය සහ සමාජ විවිධත්වය සුරක්ෂිත වන ලෙස අදාළ පුද්ගලයන් නියෝජනය වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගේ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ගේ උපදෙස් ලබාගත යුතුය.
ඉහත ඊ ජේදය යටතේ පත්කරනු ලබන පුද්ගලයා පාර්ලිමේන්තුවේ සෙනට් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමාජිකයෙකු නොවිය යුතුය.
103 කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ධූරය දැරිය යුතුය.
104 අගවිනිසුරුවරයා සහ අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන්ල අභියාචනාධිකරණය සභාපති ඇතුළු අනෙකුත් අභියාචනාධිකරණ විනිසුරුවන්ල අධිකරණ කොමිෂන් සභාවේ සභාපති හැර අනෙකුත් සාමාජිකයන්ල නීතිපතිවරයාල මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයාල පොලිස්පතිවරයාල ඔම්බුඩ්ස්මන්ල පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ස්වාධීන කොමිෂන් සභාවන්හි සාමාජිකයන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතුය.
105 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ සභාපති ඇතුලු අනෙකුත් විනිසුරන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරන් සහ අභියාචනාධිකරණය සභාපති ඇතුලු අනෙකුත් අභියාචනාධිකරණය විනිසුරුවරුන් හට සිය කාර්යභාරයෙන් බැහැර කටයුතු පැවරීමේදී ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණය ජේෂ්ඨතම විනිසුරන් දෙදෙනෙකුගේ අදහස් ලබාගත යුතුය.
106 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව අදාළ නිර්දේශයන් සිදු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මහජනයාට සිය අදහස් ඉදිරිපත් කිරීමට සහ මහජනයාට සිය නියෝජනය ලබා දීමට අවස්ථාව ලබා දිය යුතුයග උසස් පාලනයක් සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අධිකරණයක් ස්ථාපිත කිරීම.
107 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විනිසුරුවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත වියයුතු අතර එම විනිසුරුවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා පත්කල යුතුයග මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සියලු විනිසුරුවරුන් අධිකරණ ක්ෂේත්‍රයේ නීති වෘත්තීයේ කිර්තිමත් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිලිබදව විශේෂඥ දැනුමක් සහිත අයවලුන් විය යුතු අතර ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තුල වසර 5ක් ධූරය දැරිය යුතු අතර ධූර කාලය අවසන්වීමෙන් පසුව නැවැත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පත්වීමට නුසුදුස්සන් වේ.
108 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ලෙස විනිසුරුවරුන් 7 දෙනාම සිටිය යුතුයග ශ්‍රීලංකාවේ ඕනෑම අධිකරණයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට යටතට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අධිකරණ බලයට ගැනෙන ඕනෑම කරුණක් යම් නඩුවකදි මතු වුවහොත් එකී කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යව්ස්ථා අධිකරණයට යොමු කල යුතුය.
109 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අධිකරණ බලය යටතට පහත කරුණු ඇතුළත් විය යුතුය.
යම් කරුණක් හෝ ගැටලුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපනයට අදාළ විෂය ක්ෂේත්‍රයට අදාළ වන්නේ නම් එවැනි කාරණා සහ ගැටලු පිලිබදව තීරණය කිරීමේ බලය ඇතුලුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කිරීමේ බලය.
පනත් සහ ප්‍රඥාප්ති අධිකරණය විමර්ශනයට භාජනය කිරීමේ බලය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඞඞඞ වන පරිජේදය යටතේ නිකුත් කරනු ලබන ප්‍රකාශයන්ගේ වලංගුභාවය විමර්ශනය කිරීමේ බලය.
මධ්‍යම ආණ්ඩුව විසින් පළාත් සභා සදහා මැදිහත් වීම.
මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර සහ පළාත් සභා අතර ඇතිවන ආරවුල් සහ ගැටලු
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම පිලිබදව වන ගැටලු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝගයන් නැවත විමර්ශනය කිරීමේ බලය.
නීතිපතිල රජයේ අභිචෝදක සහ මහජන විත්තිවාචක කාර්යාලය විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිලිබදව වූ
චෝදනා විමර්ශනය කිරීමේ අනන්‍ය අධිකරණ බලය.
110 පසුව පනවන ලද නීතීන් සහ ප්‍රඥාප්ති අධිකරණ විමර්ශනයට භාජනය කිරීමේ අනන්‍ය බලය සහ අණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සතු විය යුතු අතර ඒ අනුව පහත බලතල අණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සතු වේ.
එනම් පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති සහ එම නීතීන්ගේ යම් යම් ප්‍රතිපාදන සහ පළාත් සභා පනවන ලද ප්‍රඥාප්ති සහ එහි අඩංගු ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ප්‍රකාශ කිරීමේ බලය.
පහත සඳහන් නියෝග ඇතුලුව යුක්ති සහගත සහ සාධාරණ තීරණ ලබාදීමේ බලය. වලංගු නොවන ප්‍රකාශයන්ගේ අතීතයට සිදුවන බලපෑම සිමා කෙරෙන නියෝග,
යම් කිසි පනතක හෝ ප්‍රඥාප්තියක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ පළාත් සභාව නිසිලෙස පියවර ගන්නා තෙක් අවලංගු කිරීමේ නියෝගය යම්කිසි කාලසීමාවකට තහනම් කල හැකිය.
සුදුසු අවස්ථාවන්හිදී දැනට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 664 වගන්තියේ ඇති බාධකය ඉවත් කරමින් රජයේ ආයතන වලට එරෙහිවද තහනම් නියෝගයක් හෝ වාරණ නියෝගයක් ලබා ගැනීමට හැකිවන අයුරින් සංශෝධනය කළ යුතු වේ.
යුක්තිය සවිබල ගැන්වීම සඳහා පුද්ගල නිදහස සුරැකීමට සහ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට මූලික අයිතිවාසිකම් අධිකරණ බලය ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ යෝජනා,
111 විශ්වීය වශයෙන් පිලිගෙන ඇති මූලික අයිතිවාසිකම්ල මූලික අයිතිවාසිකම් පරිජේදයට ඇතුලත් කරමින් මූලික අයිතිවාසිකම් පරිජේදය යාවත්කාලීන කිරීම ජීවත්වීමේ අයිතිවාසිකම මූලික අයිතිවාසිකමක් ලෙස හදුනා ගැනීම සහ මරණීය දණ්ඩනය අවලංගු කිරීම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් හි විෂය ක්ෂේත්‍රය පුළුල් කල යුතුයග යුක්තිය සඳහා ජනතාවට ප්‍රවේශවීමට ඇති අයිතිය සහ සාධාරණ නඩු විභාගයක් උදෙසා ජනතාවට ඇති අයිතිය හදුනා ගත යුතුයග එසේම සමාජීය ලආර්ථිකල සංස්කෘතික අයිතිවාසිකම් ල කාන්තාවන්ගේ සහ ළමයින්ගේ අයිතිවාසිකම් සහ පාරිසරික මෙන්ම සංවර්ධනයට ඇති අයිතිවාසිකම් අධිකරණයමය වශයෙන් බලාත්මක කලහැකි ලෙස හදුනාගනිමින් එකී අයිතිවාසිකම් අධිකරනය හරහා බලගැන්විය යුතුය.
112 සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් ලෙස අධ්‍යාපනයට ඇති අයිතියල සෞඛ්‍යට ඇති අයිතිය ප්‍රමාණවත් ආහාරවේලක් ලබා ගැනීමට ඇති අයිතියල පිරිසිදු ජලයල සනීපාර්ක්ෂාව ප්‍රමාණවත් ලෙස නිවසක් හෝ සෙවනක් සඳහා ඇති අයිතියල ප්‍රමාණවත් සමාජීය ආරක්ෂාවක් සඳහා ඇති අයිතියල ශ්‍රමය සූරාකෑමෙන් තොරවූ නිදහස් සහ ගෞරවාන්විත රැකියාවක් සඳහා වන අයිතියල සාධාරණ සහ හිතකර පරිසරයක් තුල සිය රාජකාරිය පවත්වාගෙන යාමට ඇති අයිතිය සහ පාරිභෝගික අයිතීන් අඩංගු විය යුතුය.
113 මහජන සුභසාධක නඩුකර ප්‍රකාශිතවම හදුනාගත යුතු අතර එකී නඩුකර සිවිල් සහ අපරාධ නඩුකර සඳහා අදාළ කර ගත යුතුයග මෙවැනි නඩුකර පැවැරීමේදී සාධාරණ කාලසීමාවක් තුල පැවැරීමට ඉඩ ලබාදියි යුතු අතර නඩු පැවැරීම සඳහා කාලසීමාවක් අන්තර්ගත නොකල යුතුය.
114 මහජන ආරක්ෂක නිළධාරි මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් පිලිබදව මහජන සුබසාධක නඩු පැවැරීමේ අයිතියක් තිබිය යුතුය.
115 රටේ පවතින සියලු නීතීන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යටත්ව සහ එහි ඇති මූලික අයිතිවාසිකම් පරිජේදයට යටත්ව කියවිය යුතුය.
116 දැනට මහජන හිතසුව සඳහා වූ නඩුකරයක් පැවරීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන නොමැති බැවින් ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනයක් ඉදිරිපත් කරමින් මහජන අර්ථසාධන නඩුකර සිවිල් අධිකරණ තුළ පැවරීමේ අයිතියත් එම නඩු වලින් ලැබෙන වන්දි මුදල් රජයේ මහා භාණ්ඩාගාරය හරහා අගතියටපත් තැනැත්තන්ට ලබා දීමට නීති ප්‍රතිපාදන මාස 3ක් ඇතුළත සම්මත කළ යුතුය. ඊට උදාහරණයකට ඞ-ඡරුි ඡැ්රක නැව විනාශවීමෙන් සෘජුව සහ/හෝ වක්‍රාකාරයෙන් අගතියට පත් ජනතාවට වංදි අයකර ගැනීමට හැකියාව ලැබෙන අයුරින් මෙම නීති සංශෝධන ඉදිරිපත්කල යුතුය.
Lanka Newsweek © 2026