Thursday 18th of June 2026

English Tamil
Advertiesment


2024 යනු ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන වර්ෂයයි 


2024-01-31 14890

 

ඩොලරය රුපියල් 310 දක්වා අඩු වේවි 

 

සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 75ක් 

 

මාර්තුවේ සිට ජනතාවට ආර්ථික අස්වැසිල්ලක් 

 

මහාචාර්ය ආශුබෝධ මාරසිංහ පුරෝකථනය කරයි 

 

2024 යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳා බංකොලොත් භාවයෙන් රට මුදවා ගන්නා වර්ෂය ලෙස නම් කළ හැකි යැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා අවධාරණය කර සිටියි. 

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව අවධාරණය කර සිටී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

''ජීවන වියදම ඉහළ ගිය කාරණා පිළිබඳව අප අතීතයට අවධානය යොමු කළොත් අපට රුපියල් දස දහසකට පෙට්‍රල් ලීටරයක්වත් රුපියල් තිස් දහසකට ගෑස් සිලින්ඩරයක්දවත් මිල දී ගැනීමට සහ සොයා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ කෙසේ නමුත් වර්තමානය වන විට එම තත්ත්වය උඩු යටිකුරු වී තිබෙන අතර අපට අද ඕනෑ තරම් තෙල් සහ ගෑස් තිබෙනවා. ඒවගේම තෙල් සහ ගෑස්වල මිල ගණන් ද සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට අපට හැකි වී තිබෙනවා.  '

ඒ ගමන යද්දි පාර්ලිමේන්තුවේ විවිධ අණ පනත් සම්මත කර ගෙන, ඒ අවශ්‍ය පරිදි ආර්ථිකය හසුරුවමින් ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමේ හැකියාව ද අපට ලැබී තිබෙනවා. ජනතාවගේ ජීවන බර  අඩු කිරීම සඳහා නිවැරදි බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දී ආර්ථිකය කළමනාකරණය කරමින් සිටිනවා.

2024 ජනවාරි සහ පෙබරවාරි මාසවලින් පසුව එලඹෙන මාර්තු මාසයේ සිට ජනතාවට සහනදායී ආර්ථික අස්වැසිල්ලක් ලබා ගැනීමට හැකි වනු ඇති අතර ජීවන වියදම ක්‍රම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අප පුරෝකථනය කර තිබෙනවා. 

වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා විශාල වශයෙන් එළවළු මිල ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල දී  අප යම් දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටියත් 2024 මාර්තු මාසය ආරම්භයේ දී සහනදායී ආර්ථික අස්වැසිල්ලක් ලබා ගැනීමට හැකියාව ලැබේවි.  

2024 පෙබරවාරි මස 04 වැනිදා අප ජාතික නිදහස සමරද්දී, ආර්ථික නිදහස සහ සිතීමේ නිදහස කියන දෙපාර්ශ්වයෙන්ම ජනතාවට පෙර තිබුණාට වඩා යම් නිදහසක් ලැබී තිබෙන බව කිව යුතුයි.

ආණ්ඩුවේ වැඩ පිළිවෙළ විවේචනය කිරීමට ද, ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට සේම ඒ පිළිබඳ අවධානයෙන් සිටීමට ඇතුළු සියල්ලට අද උපරිම නිදහසක් ලැබී තිබෙනවා. රට-ජනතාව වෙනුවෙන් මේ යන ගමනට දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේදයෙන් තොරව සියලු දෙනාම එකට එකතු වී සහය ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතරම ඉල්ලා සිටින්නේ ඒ නිසයි. 

මෙවර ජාතික නිදහස් දින උත්සවයට තායිලන්තයේ අගමැතිවරයා පැමිණෙන අතර එහිදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් තැබෙනවා. ඒ වෙළෙඳ ගිවිසුම් අනුව අපේ රටේ සිටින සුළු සහ මධ්‍ය පරිමාණයේ  ව්‍යාවසාකයින්ට විශේෂ ආර්ථික වාසි සැලසෙනවා. 

ඒ වගේම "Capital Research" ආයතනය පුරෝකථනය කරන පරිදි ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 310 දක්වා අඩු වීමට නියමිතයි. ඒ වගේම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දියුණු කිරීම සඳහා ලෝක බැංකුවෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 75ක මුදල ඔවුන්ට ලබා දීමට නියමිතව තිබෙනවා.
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment