Thursday 30th of April 2026

English Tamil
Advertiesment


රාජ්‍ය සේවකයින්ට රවීගෙන් මල්ටි බැරල් ප්‍රහාරයක්  


2024-01-25 14880

 

රජයේ නිලධාරීන් බහුතරය ක්‍රියා කරන්නේ ත්‍රස්තවාදීන් වගේ..!

 

මිනිස්සුන්ට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රජයේ නිලධාරීන් ලක්ෂ 17 නඩත්තු කිරීමටයි 

 

මේ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍ය ද..?

 

රටේ නායකයා ගන්නා තීන්දු ක්‍රියාත්මක නොකිරීමට රජයේ නිලධාරීන්ට පුළුවන් ද..?

 

ඒ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ රජයේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදය නොවේද..?

 

රජයේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදය රටට හෙළි කළ යුතුයි 

 

විදුලි බල මණ්ඩලයේ අනවශ්‍ය වියදම් නැති කළොත් විදුලිය ගාස්තු 20%කින් අඩු වනවා 

 

අප කළ යුත්තේ විදුලි බල මණ්ඩලයේ 26,000 රැකීම ද, ලක්ෂ 220ක ජනතාව රැකීම ද..?

 

 

 

රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුක් ගත්තාම රජයේ නිලධාරීන් එම තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර රට අර්බුදයකට තල්ලු කර ජනතාව අපහසුතාවයට සහ අසහනයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කර සිටියි.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ චෝදනාව එල්ල කර සිටියේ, කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

"මේ රටේ රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 17ක් සිටිනවා. ඒ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍ය ද..? මේ රටේ සියලු දෙනාට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් වෙනුවෙනුයි. රාජ්‍ය සේවයේ යම් පිරිසක් අනිවාර්යෙන්ම වැඩ කරනවා. ඇත්ත..! එහෙත් බහුතරයක් ඒ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් ලබා ගෙන වැඩක් නොකර පාඩුවේ සිටිනවා. 

මේ රටේ දේශපාලනඥන් සිටින්නේ 9000යි. නමුත් රජයේ සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටිනවා. බහුතරය දේශපාලඥයින්ව විවේචනය කළාට තීන්දු තීරණ ගන්නේ රජයේ නිලධාරීන් බව කිව යුතුයි. ලංකා විදුලි බල මණ්ඩලයේ අනවශ්‍ය සහ නාස්තිකාර වියදම් අඩු කළා නම් විදුලිය ගාස්තු සියයට විස්සකින් අඩු කළ හැකියි. රටක් ලෙස අප ආරක්ෂා කළ යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් 26,000 ද නොඑසේ නම් රටේ සිටින ලක්ෂ 220ක් වූ මහා ජනතාව ද..?

රජයේ නිලධාරීන්ට වගකීමක් තිබෙනවා. නමුත් ඔවුන් එම වගකීම් ඉටු කරනවා ද..? උදාහරණයක් ලෙස බුද්ධි ගලනය නතර කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ඉතාම දූරදර්ශී තීන්දුවක් ගත්තා. නමුත් රජයේ නිලධාරීන් එම තීරණය ක්‍රියාත්මක නොකර කකුලෙන් අදිමින් සිටිනවා. මේ කිනම් කූට ක්‍රියාවක් ද..?

ඇත්ත වශයෙන්ම රජයේ නිලධාරීන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය රට-ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම ඊට ඊට එරෙහිව හෝ ඊට ඉහළින් හෝ එම තීන්දුව නොතකා හෝ ක්‍රියා කිරීමට රජයේ නිලධාරීන්ට හැකිද..? මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ රජයේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදයයි."  

Advertiesment