Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කරනවා 


2024-01-19 14871

 

IMF ගිවිසුමට මුවා වී රජය ජනතාව මත බර පටවලා 

 

රට ගොඩ ගෙන ජනතාවට සෙත සලසන වැඩ පිළිවෙළක් සජබය සතුයි 

 

විපක්ෂ නායක IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කරයි 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Peter Breuer (Senior Mission Chief), Sarwat Jahan (Resident Representative) and Manavee Abeyawickrama (Local Economist) යන මහත්ම මහත්මීහූ පැමිණ සිටියහ.

එහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට කියා සිටියේ, වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් පටවා "VAT" බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බවයි. 

මේ නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දූ දරුවන්, මධ්‍යම පාන්තිකයන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සාක්ෂි, සාධක සහ දත්ත සහිතව පෙන්වා දුන්නේය.

එබැවින් සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය IMF සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදු ජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය. 

එසේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවා ගැනීමටත් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩ ගෙන දුකට, අසරණභාවයට පත් ජනතාව ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට කටයුතු කරනවා සේ ආණ්ඩු බලය ලැබුණු විගස කටයුතු කිරීමට ද විධිමත් සැලසුමක් මේ වන විටත් සකස් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් සේම විපක්ෂ නායකවරයාගේ ලේකම් ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment