Monday 7th of October 2024

English Tamil
Advertiesment


ගමේ දුප්පත්කම-වී ගොවිතැන-මස් සහ වට්ටක්කා..!


2019-07-02 14329

වී වෙනුවට මිරිස්..!

වගා විනාශ කරන වන සතුන් දඩයමට අවසර තිබිය යුතුයි..!

වට්ටක්කාවලින් බීර-වරකාවලින් බීම..?

ගව පාලනය කිරිවලට පමණක් නොව මස් පිණිසද විය යුතුය..!

මාංශ පරිභෝජනය වැඩි විය යුතුයි..!

දුප්පතුන්ට දිය යුත්තේ කෑමට මාළු නොව මාළු ඇල්ලීමට බිලී පිතිය..!

 

(වික්ටර් අයිවන්)

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශ තිඛෙන්නේ ඉතාමත් නොදියුනු දුප්පත් සහ කාලකණ්ණි තත්ත්වයකය. එම තත්ත්වයට හේතුව ග්‍රාමීය කෘෂිකර්මය සහ ගොවි ජනතාව නගා සිටුවීම සඳහා රාජ්‍යය මගින් කෘෂිකර්මයට අනුයුක්ත කර ඇති රාජ්‍ය නිලධර තන්ත්‍රයට ප්‍රායෝගික දැක්මක් නැතිකමය.

එමෙන්ම ග්‍රාමීය ගොවි ජනතාවගේ ආචීර්ණ කල්පිත පසුගාමී ආකල්පද, වෙළෙඳ පොළ බලවේගයන්ගේ දුෂ්ට ක්‍රියාකලාපයන්ද, ස්වභාව ධර්මයෙන් එල්ල වී තිඛෙන අභියෝගය ද වන සතුන්ගේ ගහණයේ පාලනයක් නැතිකම නිසා වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදුවී තිඛෙන අති විශාල හානිය සහ  වගා කරන ඉඩම් අනාර්ථීක වන තරමට කැබලිවීම  වැනි හේතූන් ද  ප්‍රධාන සාධක ලෙස බලපා තිඛෙන්නේයැයි කිව හැකිය.

වී ගොවිතැන

මා හැමදාමත් පුන පුනා කියා තිඛෙන ආකාරයට කෘෂිකර්මයේදී වී ගොවිතැන ශ්‍රී ලංකාවේ දුප්පත්කම වගා කරන සහ වර්ධනය කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරයි.

රටේ වැදගත්ම කෘෂි කාර්මික භෝගය ලෙස සලකන්නේ වී ය. කෘෂිකර්මය සඳහා වෙන් කළ ඉඩම්වලින් වැඩිම ඉඩම් ප්‍රමාණයක් වෙන්කර තිඛෙන්නේද වී ගොවිතැන සඳහාය.

ශ්‍රී ලංකාවේ තේ, පොල්, රබර්, වී, ක්ෂේත්‍ර භෝග වගාවන් සහ හේන් ගොවිතැන යන භෝග වගාවේ ප්‍රධාන අංශ හය සඳහා යොදා ගෙන තිඛෙන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 2084799ක් වන විට ඉන් අඩකට ආසන්න භූමි ප්‍රමාණයක් එනම් හෙක්ටයාර් 922151ක් ම යොදා ගෙන තිඛෙන්නේ වී ගොවිතැන සඳහාය.

කුඹුරු ඉඩම් සඳහා වෙන් කර තිඛෙන ඉඩම් ප්‍රමාණයෙන් ස්ථීර වශයෙන් වගා නොකරන නැත හොත් මුළුමනින් වගා කිරීම අත්හැර තිඛෙන ඉඩම් ප්‍රමාණය කොතරම් ද යන්න ගණනය කර නැතත් ඒ සංඛ්‍යාව සමහරවිට සියයට 25ක් තරම් විශාල විය හැකිය.

කුඹුරු ඉඩම් සඳහා බලපාන නීති ඉතා දරදඬුය. කුඹුරු ඉඩමේ ස්වභාවය වෙනස් කිරීමට හේතු වන ලෙස වෙනත් වගාවන්ට මාරු කිරීම නීති විරෝධී වන අතර ඒ නිසා කුඹුරු ඉඩම්වලට තිඛෙන වෙළෙඳ පොළ මිල ඉතාමත් පහත් තත්ත්වයක පවතී.

සමහර විට ඒවා විකිණීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. කුඹුරු ඉඩම් වගා කිරීම අත් හැරීම කෙරෙහි බලපා තිඛෙන හේතු ද විවිධය. කරිජ්ජ වැනි හේතු නිසා වගා නොකරන කුඹුරු ඉඩම් තිඛෙනවා සේම වී ගොවිතැනින් ලැබෙන ආර්ථීක ඵලදායීතාව ඉතාමත් පහත් තත්ත්වයක පැවතීම නිසා කුඹුරු වගා කිරීම අත් හළ විශාල පිරිසක්ද සිටිති. ඉඩම අනාර්ථීක වන තරමට කැබලිවීම නිසා කුඹුරු ගොවිතැන අත් හළ අයද සිටිති.

කුඹුරු ඉඩම්වලට හිමිකමක් ඇති එහෙත් කුඹුරු ගොවිතැනින් වැළකී සිටින අයට ඒ කුඹුරු ඉඩම්වලින් කිසිදු ආර්ථීක ඵල ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. ඒවා වෙනත් කාර්යයන් සඳහා විකිණීම හෝ බදු දීම ද කළ නොහැකිය. ඒ නිසා තිඛෙන වැදගත් ප්‍රාග්ධනයක් කිසිදු ආර්ථීක ප්‍රයෝජනයක් නොලැඛෙන තත්ත්වයකින් පවත්වා ගෙන යෑමට ඒවාහි අයිතිකරුවන්ට සිදුවී තිබේ.

වී ගොවිතැනින් උපයා ගත හැකි ආදායම ඉතාමත් අවමය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව කන්නයකට අක්කරයකින් උපායා ගත හැකි උපරිම ආදායම රුපියල් 40,000කට වැඩි නැත.

එවැනි ආදායමක් පවා උපයා ගත හැක්කේ වී ගොවිතැන් කරන ගොවීන්ගෙන් ඉතාමත් සුළු පිරිසකට පමණය. වී මිලදී ගැනීම, සහල් බවට පත් කොට විකිණීම යන අංශවල ක්‍රියාත්මක වන විශාල වී මෝල් හිමියන් කිහිප දෙනකුගේ ඒකාධිකාරී තත්ත්වය වී වලින් උපයා ගත හැකි ආදායම තවදුරටත් සීමා කිරීමට හේතුවී තිබේ. අලි, මොනරුන්, රිලවුන් වැනි  වන සතුන් වී ගොවිතැනට කරන හානිය අති විශාලය.

වී වලට ශ්‍රමය අවශ්‍යවන්නේ වෙනත් භෝග වගාවන්ට වඩා අඩුවෙනි. කන්නයකට අක්කරයක් සඳහා ප්‍රධාන වාරිමාර්ග යටතේ වගා කරන කුඹුරු ඉඩමක නම් මිනිස් දින 21ක් සහ වර්ෂා ජලයෙන් වගා කරන කුඹුරු ඉඩමක නම් මිනිස් දින 18ක් පමණය.

එහෙත් අහස් දියෙන් මිරිස් වගා කරන අක්කරයක ඉඩමක, එක් කන්නයක් සඳහා අවශ්‍ය මිනිස් දින ගණන 105කි. වාරි මාර්ගවලින් ජලය ලබා ගන්නා රතු ලුනු වගාවක් සඳහා අක්කරයකට එක් කන්නයක් වෙනුවෙන් මිනිස් දින 102ක් ද, රට ලුනු සඳහා මිනිස් දින 179ක් ද, අර්තාපල් සඳහා මිනිස් දින 107ක් ද, බෝංචි සඳහා මිනිස් දින 120ක් ද, වම්බොටු සඳහා මිනිස් දින 134ක් ද, බීට්රූට් සඳහා මිනිස් දින 122ක් ද, ගෝවා සඳහා මිනිස් දින 137ක් ද, තක්කාලි සඳහා මිනිස් දින 143ක් ද, ලීක්ස් සඳහා මිනිස් දින 124ක් ද අවශ්‍යය.

වී ගොවිතැනින් ලැඛෙන අඩු ආදායම් තත්ත්වය කෙරෙහි වී ගොවිතැනට අවශ්‍ය අඩු ශ්‍රමයද වැදගත් සාධකයක් ලෙස බලපා තිඛෙන්නේ යැයි කිව හැකිය.

අවිචාරවත් බව

වී ගොවිතැනින් උපයන ආදායම වගේ පස් හය ගුණයක ආදායමක් මිරිස් වගා කිරීමෙන් උපයා ගත හැකිය. වී ගොවිතැන් කරන භූමියෙන් එක් අඩක වී ගොවිතැන් කරන අතර, අනෙක් අඩ මිරිස් වගා කිරීමට සුදුසු තත්ත්වයක් ඇති කර ගනිමින් මිරිස් වගා කරන තැනකට යෑමෙන් ගොවීන් උපයන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් ඇති කර ගත හැකිය. ශ්‍රී ලංකාවේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 85ක් ම ලබා ගන්නේ පිටරටින් ආනයනය කිරීමෙනි.

ශ්‍රී ලංකාව භෝග වගාවේදී වී වලට අති විශාල වැදගත්කමක් ලබාදී තිඛෙනවා සේම ආහාර රටාවේ දී බත්වලට අති විශේෂ වැදගත්කමක් ලබාදී තිබේ.රටේ ප්‍රධාන ආහාරය බත් වන අතර තුන් වේලටම බත් කෑම ලොකු නම්බුවක් ලෙස සලකන සම්ප්‍රදායක්ද පවතී.

ආහාර වේලේ බත්වල අනුපාතිකය ඉහළ අගයක් ගනී. ලොකු බත් පිඟානක් සමග ගම්බද ජනයා කන්නේ එක එළවළු හොද්දකි. මාංශ ජනක ආහාරවලට ලැබී තිඛෙන්නේ ඉතා නොවැදගත් ස්ථානයකි. මුහුදු මාළුවලට සාපේක්ෂව වැව් මාළුවල මිල ඉතා අඩුය. ග්‍රාමීය ජනතාවට ප්‍රෝටීන් සම්පාදනයේදී වැව් මාළු ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.

එහෙත් ග්‍රාමීය ජනතාව අතර ප්‍රෝටීන් ඌනතාව ඉතා ඉහළ මට්ටමක පවතී. පැරණි කාලයේදී දඩයමක් කළ විට දඩයම් කළ සතාගේ මස් ගමේ නිවැසියන් අතර ඛෙදා ගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර පන්සලේ කොටස පන්සලට යවන ක්‍රමයක්ද ක්‍රියාත්මක විය.

වන සතුන්ගේ අධික ගහණයෙන් කෘෂිකර්මයට සිදුවී තිඛෙන විනාශය අති විශාලය. ග්‍රාමීය ජනයා අතර මන්දපෝෂණය සහ රකත හීනතාව ඉහළ අගයක් ගනී. මන්දපෝෂණයේදී ද ශ්‍රී ලංකාව දැන් තිඛෙන්නේ ආසියාවේ අංක එකටය.

කෘෂි කර්මයට හානි කරන වන සතුන් දඩයම් කිරීමට ඉඩදීමෙන් සහ උන්ගේ මස් ළඟ තබා ගැනීමටත්  විකිණීමටත් ඉඩදීමෙන් වන සතුන්ගෙන් කෘෂි කර්මයට සිදු වන අති විශාල හානිය අවම කළ හැකිවා සේම ග්‍රාමීය ජනතාව අතර පවත්නා ප්‍රෝටීන් ඌනතාව පිළිබඳ ගැටලූවටද එය හොඳ විසඳුමක් වනු ඇත්තේය.

ඊට අතිරේකව දඩයම ගම්වලට ආදායම් ගලා එන වැදගත් මාර්ගයක් බවට පත් කළ හැකිය.රජයේ වනාන්තරවල සිටින වල් සතුන් මැරීමට ඉඩදිය යුතු නැතත්, ගම්වල ජීවත් වෙමින් කෘෂි කර්මයට හානි කරන වන සතුන් දඩයම් කිරීමේ අයිතිය මහ ජනයාට ලබා දිය යුතුය.

අප දන්නා අතීතයේදී පවා ගම්වල වඳුරු මස් ආහාරයට ගන්නා අය සිටියේය. මිනිස්සු තලගොයි මස් ආහාරයට ගත්හ. ඉත්තෑ මස්ද ආහාරයට ගත්හ. මොනර මස් සලකන ලද්දේ ප්‍රණීත දඩ මසක් වශයෙනි. අදත් වල් ඌරු මස්වලට මිනිසුන් අතර ලොකු ගිජුකමක් පවතී.

පව් පින් ගැන අතීතයේදී නොතිබුණු වර්තමානයේ දකින්නට තිඛෙන සීමාන්තික අදහස්වලින් අත් මිදී කෘෂිකර්මයට හානි කරන වන සතුන් දඩයම් කිරීමේ අයිතිය සහ දඩමස් ළඟ තබා ගැනීමේ, ප්‍රවාහනය කිරීමේ වගේම විකිණීමේ අයිතිය ලබාදීම මගින් දඩයමට කැමති කිසියම් ජනතාවකට දඩයම හොඳ ජීවන මාර්ගයක් බවට පත් කිර ගැනීමේ හැකියාව තිඛෙනවා සේම වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදු වන හානිය අවම කර ගන්නා අතර ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට තිඛෙන ප්‍රෝටීන් ඌනතාව පිළිබඳ ප්‍රශ්නයටද ඒ මගින් විසඳුමක් සොයා ගත හැකිය.

රටේ මාංශ ජනක ප්‍රෝටීන් ආහාර ඕනෑවටත් වඩා තිබියදී රටේ ප්‍රෝටීන් ඌනතාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබේ නම් එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

ඉන්දියාව සැලකෙන්නේ හරක් මස් නොකන හින්දු රටක් ලෙසය. එහෙත් හරක් මස් අපනයනයේදී ඉන්දියාව හිමි කර ගෙන සිටින්නේ ලෝකයේ පළමු වැනි ස්ථානයයි. 2014 වසරේදී ඉන්දියාව අපනයනය කළ හරක් මස් ප්‍රරමාණය මෙට්‍රික් ටොන් 2087000කි. එය ලෝක හරක් මස් අපනයනයෙන් සියයට 20කි. ඉන් උපයන ලද ආදායම ඩොලර් මිලියන 4781.18කි. බෞද්ධ රටවල් අතර අඩුවෙනම මස් අනුභව කරන රට ලෙස සැලකිය හැක්කේද ශ්‍රී ලංකාවය.

ශ්‍රී ලංකාවේ අන් සියලු දේට වඩා වැඩියෙන්ම කන්නේ බත්ය.ඒ නිසා ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ අනුපාතිකය ඉහළම තත්ත්වයක පවතී. මස් පරිභෝජනයේදී බෞද්ධ නොවන රටවලට පමණක් නොව බෞද්ධ රටවලට සාපේක්ෂවද ශ්‍රී ලංකාව ඉන්නේ ඉතා පහළ තත්ත්වයක වුවත් මාළු පරිභෝජනයේදී සිටින තත්ත්වය අයහපත් නැත. ඒක පුද්ගල මාළු පරිභෝජනයේදී, එම පරිභෝජනය නොකඩවා වර්ධනය වන තත්ත්වයක් ශ්‍රී ලංකාව හිමි කර ගෙන සිටින්නේ යැයි කිව හැකිය.

මාංශ අනුභවය සහ බුද්ධාගම

මස් කෑම පාපයක් ලෙස සලකන එකම බෞද්ධ රට ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවය. මියන්මාරය, ටිඛෙටය,කාම්භෝජය, වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල් මස් කෑම පාපයක් ලෙස සලකන්නේ නැතිවා පමණක් නොව, ඒ රටවල් මස් පරිභෝජනයට අනුබල දෙන ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යයි.

මියන්මාරයේ භික්ෂුන් වහන්සේලා සුලබ ලෙස ඌරු මස් වළඳන බව ප්‍රකාශ කර ඇත්තේ රේරුකාණේ චන්දවිමල හිමියන්ය. මෙම විෂය පිළිබඳව මට සැදැහැවත් භික්ෂූන් වහන්සේ කෙනකුගෙන් අසන්නට ලැබුණු තොරතුරු සමහරක් මෙසේය.

පිරිනිවන් පෑමට සූදානම් වූ බුදුන් වහන්සේ අවසන් වරට වැළඳූ දානය ඉතා ළපටි ද නොවූ තරුණ ද නොවූ සූකරයකුගේ මෘදු සහ සිනිදු වූ මාංශයකින් පිළියෙළ කරන ලද්දක් බව පරිනිබ්බාණ සූත්‍ර විවරණයේ සඳහන් වේ.

මළ බද්දෙන් පෙළෙන භික්ෂුවකට සූකර මාංශ වැළඳීමට බුදුන් වහන්සේ උපදෙස් දුන් පුවතක් විනය පිටකයෙහි සඳහන් වේ. භික්ෂුන් දිවි හිමියෙන් මාංශ නොවැළඳිය යුතු බව දේව දත්ත හිමියන් පැවසූ විට එම මතය බුදුන්ව හන්සේ ප්‍රතික්ෂේප කොට කැමති අය වළඳන ලෙසත්, අකමැති අය අත් හරින ලෙසත් වදාළ බව විනය පිටකයෙහි සඳහන් වේ.

මස් කෑම පාපයක් වේ යැයි කියන අධානග්‍රාහී මතය අත් හැරීමට ශ්‍රී ලංකාවට හැකි නම් එය රටේ දියුණුව කෙරෙහි ඇති කරන බලපෑම අති විශාලය. වල් ඌරන්, ඉත්තෑවුන්, දඩුලේනුන්, වඳුරන්, රිළවුන්, මොනරුන් වැනි වන සතුන්ගේ ගහණයෙහි ඇතිවී තිඛෙන අති විශාල වර්ධනය සහ එම තත්ත්වය කෘෂි කර්මය කෙරෙහි ඇති කර තිඛෙන අති විශාල හානිය විසඳා ගත නොහැකි පුපුරන සුළු ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ එම වැරදි මතය නිසාය.

කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් වැනි විශාල මුදලක් වැය කරන්නට සිදුවී තිඛෙන තත්ත්වය වළකා කිරිවලින් රට ස්වයංපෝෂිත කර ගැනීමට තිඛෙන හැකියාව නැති කිරීමට හේතුවී තිඛෙන්නේද ඒ නිසාය.

නො වපුරා අත්හැර තිඛෙන විශාල කුඹුරු ප්‍රමාණයෙන් කොටසක් විශාල තණ බිම් බවට පත් කළ හැකිය. ඒ මගින් ඒ කුඹුරු ඉඩම්වල කිරි හරකුන් ඇති කරන තත්ත්වයක් ඇති කළ හැකිය. ඒ මගින් කිසිදු ඵලදායී ආර්ථීක ක්‍රියාකාරීත්වයකින් තොරව පවත්වා ගෙන යන එම ඉඩම් ආර්ථීක වශයෙන් ඵලදායී ඉඩම් බවට පත් කළ හැකිය.

ශ්‍රී ලංකාවට සාර්ථක ගව පට්ටි පාලනයකට යා නොහැකි වී තිඛෙන්නේ මස් පිණිස හරක් ඇති කිරීම පාපයක් වේ යැයි කියන ජනප්‍රිය විශ්වාසය නිසාය. හරක් කිරි සඳහා පමණක් ඇති කිරීම අනාර්ථීක වන අතර, ගව පට්ටි පාලනය ආර්ථීක වශයෙන් ඵලදායී වන්නේ හරක් කිරිවලට අතිරේක වශයෙන් මස් පිණිසද ඇති කරන්නේ නම් පමණය.

ශ්‍රී ලංකාවේ කිරි හරකුන්ගේ සාමාන්‍ය ඵලදාව තිඛෙන්නේ දිනකට කිරි ලීටර් 2ක තත්ත්වයකය. එය ප්‍රදේශ අනුව වෙනස් වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ලීටර් 10ක්ද, මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලීටර් 05ක්ද, මාතලේ දිස්ත්‍රික්කය සඳහා ලීටර් 03ක්ද, වේ.

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලින් කිරි හරක් තොග වශයෙන් ආනයනය කරන තැනකට නොගොස් දිනකට කිරි ලීටර් 10ක් දොවා ගත හැකි විශේෂ හරක් ප්‍රභේදයක් ශ්‍රී ලංකාව සඳහා ඇති කර ගත හැකි නම් ද  ගව පට්ටි පාලනය කිරි සඳහා පමණක් නොව මස් සඳහාද කරන දෙයක් බවට පත් කළ හැකි නම් ගවපට්ටි පාලනය ආර්ථීක වශයෙන් ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කළ හැකිය.

දැනට එම අංශය සඳහා ප්‍රමාණවත් තරමින් ආයෝජන ගලා නොඑන්නේ කිරි සඳහා පමණක් හරක් ඇති කිරීම කිසිසේත්ම ලාභදායී නොවන නිසාය. මස් කෑම පාපයක්ය කියන හැඟීම ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය හා රක්තහීනතාව වර්ධනය කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියා කරයි.

එය ජාතියේ පෝෂණය දුර්වල කොට රෝගි ජාතියක් ඇති කිරීමට හේතුවී තිබේ. සමාජය මත ආරෝපණය කර තිඛෙන මෙම වැරදි මතය වෙනස් කිරීමට ඉදිරිගාමී අදහස් දරන භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත යුතුය.

ග්‍රාමීය ගොවි ජනතාව අතර රජ කරන දුප්පත්කම කෙරෙහි මාංශ අනුභවය පාපයක් යැයි කියන ජනප්‍රිය ආකල්පය බලපා තිඛෙන අතර එම තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවල තිඛෙන පන්සල්වල අඩු දියුණුව හා දුප්පත්කම කෙරෙහි ද  බලපා තිබේ.

එළුමස් කිලෝවක මිල රුපියල් 2000කට වඩා වැඩිය. එළුවකු ජීව බරට මිලදී ගන්නේ කිලෝවක් රුපියල් 1800කට වැනි මිලකටය. උසස් ගණයේ ආපනශාලාවල පවා එළු මස් කියා විකුණන්නේ ආනයනය කළ බැටළු මස්ය.

එළු පට්ටි පාලනය දියුණු කළ හැකි කෘෂිකාර්මික ව්‍යාපාරයකි. දිනකට කිරි ලීටර් එකක් පමණ කිරි ලබා ගත හැකි විශේෂ එළු ප්‍රභේද තිඛෙන්නේය. මස් පිණිස හා කිරි පිණිස එළුවන් ඇති කිරීම ලාභදායී ග්‍රාමීය කර්මාන්තයක් බවට පත් කළ හැකිය.

එළුවන් හැම කොළ වර්ගයක්ම පාහේ ආහාරයට ගන්නා නිසාත් ඔවුන්ගේ වර්ධනය ශීඝ්‍ර වන නිසාත් අඩු ආදායම් ලබන ග්‍රාමීය ජනයාව, විශාල ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන එළුවන් ඇති කරන තැනකට යොමු කළ හැකිය.

ශ්‍රී ලංකාවේ සමෘද්ධි ආධාර ක්‍රමය ක්‍රියාත්මක වන්නේ දුප්පත් ජනයා දුප්පත්කමෙන් මුදා ගැනීම සඳහා නොව ඔවුන් දුප්පත්කමේ තබා ගනිමින් ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීම සඳහාය.

දුප්පතුන්ට ආධාර කළ යුත්තේ දෛනික පරිභෝජන අවශ්‍යතාවන් සඳහා නොව ඔවුන් ආර්ථීක මාර්ගවලට යොමු කිරීම සඳහාය. සමෘද්ධි ලාභීන්ට මාසිකව ලබා දෙන ආධාර මුදල ඒ සඳහා යන වාර්ෂික වියදම හෝ දෙවාර්ෂික වියදම ඵලදායී ආර්ථීක ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා එක වර ලබා දෙන ක්‍රමයක් ඇති කොට ඒවා ආර්ථීක මාර්ගවලට යොමු කිරීමෙන් ඔවුන් අතර තිඛෙන දුප්පත්කම නැති කළ හැකිය. ඔවුන් ආත්ම ගෞරවයෙන් යුතු මනුෂ්‍ය කොට්ඨාසයක් බවට පත් කළ හැකිය.දුප්පතුන්ට දිය යුත්තේ කන්න අවශ්‍ය මාළු නොව මාළු අල්ලා ගැනීමට අවශ්‍ය බිලී පිතිය. එය සමෘද්ධියේ දර්ශනය බවට පත් කළ යුතුය.

වගා නොකර අත් හැර තිඛෙන සමහර කුඹුරු ඉඩම් ඉස්සන් ඇති කරන ඉස්සන් ගොවිපොළවල් බවට පත් කළ හැකිය. ඉස්සන් වගාවෙන් ලැඛෙන ප්‍රතිලාභ අනුපාතිකය ඉහළ මට්ටමක පවතී. වගා කිරීමෙන් වැළකී සිටින කුඹුරු ඉඩම් ඉස්සන් ඇති කරන ගොවිපොළවල් බවට පත් කරන වැඩ සටහනක් සඳහා රජයට අනුබල දිය හැකිය.

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස්ද, පැටවුන් හා ණය ආධාර ලබා දෙන ක්‍රමද ඇති කළ හැකිය. වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ ගණනක් කිසිදු ආර්ථීක ඵල ප්‍රයෝජනයක් ලබා නොගන්නා කුඹුරු ඉඩම් වශයෙන් තිබීම රටේ යහපතට සේම ගමේ යහපතටද හේතුවන්නේ නැත.

ඒ සියලූ කුඹුරු ඉඩම් පහත් බිම් වශයෙන් තබා ගන්නා අතර ආර්ථීක වශයෙන් ඵලදායි කාර්යයක් සඳහා යොදා ගන්නා තැනකට යා යුතුය.වගා නොකර අත් හැර තිඛෙන ඉඩම්වල වර්ධනයට වන සතුන්ගෙන් එල්ල වන තර්ජනද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

නිතර නිතර වල් ඌරන්ගේ ආක්‍රමණවලට ගොදුරු වන ඉඩම් ගොවීන් වගා කරන්නේ නැත. වන සතුන්ගෙන් එල්ල වී තිඛෙන තර්ජනය ඉවත් කිරීමෙන් පමණක් වුවද වගා කරන ඉඩම් ප්‍රමාණයේ ලොකු වර්ධනයක් ඇති කළ හැකිය. ඒ මගින් පමණක් කෘෂිකර්මයේත් ගොවීන් උපයන ආදායම්වලත් ලොකු වර්ධනයක් ඇති කළ හැකිය.

කර්මාන්ත හා කෘෂිකාර්මික ව්‍යාපාර අතර අන්‍යොන්‍ය අවබෝධයෙන් වැඩ කරන තත්ත්වයක් ඇති කිරීමෙන්ද කෘෂිකර්මයේ ලොකු දියුණුවක් ඇති කළ හැකිය. ලින්ක් නැචුරල් සමාගම එම කර්මාන්තයට අවශ්‍ය පත්පාඩගම් ඉන්දියාවෙන් ආනයනය කළේය. එම අවශ්‍යතාව ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීම සඳහා එම සමාගම රටේ ප්‍රදේශ කිහිපයක් තෝරා ගෙන අවශ්‍ය පත්පාඩගම් රටේම ගොවීන් ලවා වවා ගැනීමට උත්සාහ කළේය.

ඒ සඳහා දකුණේ දරන ලද උත්සාහයන් අසාර්ථක වූ විට පත්පාඩගම් වැවිය හැකි සුදුසු භූමි කලාපයක් උතුරේ ඇති බව සොයා ගත්තේය. ඒ වන විටත් යාපනේ “පලෙයි” ප්‍රදේශයේ ගොවීන් පත්පාඩගම් වවන ලද අතර පත්පාඩගම් කිලෝවක් සඳහා ගොවීන් ලැබුණු මිල රුපියල් 650ක් වීම නිසාත්  ඒ මිල නිෂ්පාදන මිලට සමාන වීම නිසාත් ගොවීහු පත්පාඩගම් වැවීමට උනන්දුවක් නොදැක් වූහ.

රසායන විද්‍යාඥයකු වූ ලින්ක් නැචුරල් සමාගමේ හිමිකරුවා ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා යන වියදම ගණන් බලා රටේ නිපදවන පත්පාඩගම් කිලෝවක් සඳහා ගොවීන්ට ගෙවන මිල රුපියල් 2000ක් කළේය.

ඒ සමග එම ප්‍රදේශයේ පත්පාඩගම් වැවීම ජනප්‍රිය භෝග වගාවක් බවට පත්විය. ඒ මගින් ඉන්දියාවට ගලා ගිය විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වුවා පමණක් නොව එම “පලෙයි” ප්‍රදේශයේ පත්පාඩගම් වැවීම හොඳ ආදායම් උපයා ගත හැකි භෝග වගාවක් බවට පත් කිරීමටද හේතුවිය.

ශ්‍රී ලංකාවේ බියර් නිෂ්පාදකයකු සමග මං කරන ලද කතාබහකදී වරකාවලින් බීර, සයිවර්, වයින් හෝ පළතුරු බීමක් නිපදවිය හැකි දැයි සොයා බලන ලෙස ඉල්ලා සිටියෙමි. ඒ සඳහා කරන පර්යේෂණයක් ආරම්භ කිරීමට ඔහු එකඟ විය.

කොස් කෑමට ශ්‍රී ලංකාවේ අලූත් නැඹුරුවක් ඇතිවී ඇතත්, තවමත් ප්‍රයෝජනයට නොගෙන විනාශ වන කොස්වල ප්‍රමාණය සමස්ත කොස් නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ විය හැකිය.

වරකාවලින් බීර හෝ සයිවර් නිපදවිය හැකි නම් එසේ අපතේ යන කොස්වලින් විශේෂ කර්මාන්තයක් ආරම්භ කළ හැකිය. මගේ එම කතාව පුනරුද ව්‍යාපාරයේ වැඩ කරන කෘෂි විද්‍යාඥයකු වන දංකොටුවේ ජයසිරි සමග ප්‍රකාශ කළ විට වරකාවලට වඩා වට්ටක්කා බීර නිපදවීම සඳහා සාර්ථක ලෙස යොදා ගත හැකි අමුද්‍රව්‍යයක් බව කීවේය.

මා බීර නිෂ්පාදකයාට ඒ බව කී විට එම යෝජනාවට ඔහු එක හඬින් කැමති විය. තාක්ෂණ කාරණා සැලකිල්ලට ගත් විට බීර නිෂ්පාදනයේදී වරකාවලට වඩා වට්ටක්කා සාර්ථක අමුද්‍රව්‍යයක් විය හැකි බව ඔහුගේද මතය විය. දැන් ඒ සඳහා සාකච්ඡා කෙරෙමින් තිඛෙන අතර ඒ සඳහා කෙරෙන පර්යේෂණ සාර්ථක වුවහොත් වට්ටක්කාවලින් බීර නිපදවන ලොකු කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ බිහි වනු ඇත.

ඒ මගින් වට්ටක්කා සඳහා ගොවීන්ට හොඳ ස්ථීර මිලක් ලබා ගැනීමට හැකි වනු ඇතිවා සේ ම වට්ටක්කා තොග ගණනින් විසි කරන යුගය අවසන් වී වට්ටක්කා වගාව වට්ටක්කා වගා කරන ගොවීන්ට හොඳ ආදායම් ලබාදෙන ජීවන මාර්ගයක් බවට පත් කිරීමටද හේතු වනු ඇත.

මා මේ මෑතකදී පිළිකා රෝගය පිළිබඳව බටහිර විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක නිගමන අළලා සකස් කළ වීඩියෝ පටයක් නැරඹුවෙමි.

එම විද්‍යාඥයන් එහි කියා තිබුණේ පිළිකා රෝගය පහසුවෙන්පාලනය කළ හැකි රෝගයක් බවය. එම රෝග තත්ත්වයන් පාලනය කිරීමට යොදා ගත හැකි හොඳ ප්‍රතිකර්මයක් ලෙස ඔවුන් නිර්දේශ කර තිබුණේ වරකාය.

වරකා ආහාරයට ගැනීමෙන් සෛල මැරීම පාලනය කළ හැකි බව එහි පළවී තිබූ මතය විය. එහි කිසියම් හෝ සත්‍යයක් තිබේ නම් ඉදුණු වරකා කල් තබා ගත හැකි පරිදි ටින් හෝ බෝතල් කොට අපනයනය කිරීම සඳහා වන කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ දක්ෂ ව්‍යාපාරිකයකුට ආරම්භ කළ හැකිය. ඒ මගින් හොඳ විදේශ විනිමය ආදායමක් උපයා ගත හැකි වනු ඇතිවා සේම ගස් යට වැටී විනාශ වන කොස්වලට ලොකු ආර්ථීක වැදගත්කමක් ලබා දීමටද හේතු වනු ඇත.

 

Advertiesment