රට ගොඩනගා ජනතාවට සහන සැලසිය හැකි ජනතා පාලනයක් ඇති කිරීමට අදාළව පුළුල් සහ නව දේශපාලන සන්ධානයක් වෙනුවෙන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා ආරම්භ කර සිටිති.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානය සඳහා එකතු කර ගන්නේ මේ මන්ත්‍රීවරුන් අතරින් දූෂණ හෝ අපරාධ චෝදනා නොමැති රටට-ජනතාවට වැඩක් කළ හැකි දක්ෂ සහ අවංක මන්ත්‍රීවරුන් පමණක් යැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටින්නේ, සමගි ජන බලවේගය පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම්, විවිධ තනතුරු, වරදාන සහ වරප්‍රසාද ලබා දීමට නොව ඔවුන්ගෙන් රටට-ජනතාවට සේවයක් ලබා ගැනීම සඳහා බවය.
රජයේ හෙංචයියන් කියන ආකාරයට සමගි ජනබලවේගය ඔලුගෙඩි සෙල්ලම් නොකරන අතර සිය පක්ෂය සන්ධාන ගත වන්නේ මහජන සේවයට පමණක් බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
රජයට සම්බන්ධ ඇතැම් ජනමාධ්‍ය කණ්ඩායම් මුදල් ලබා ගෙන වැරදි ප්‍රචාර ගෙන යමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන නමුත් සමගි ජන බලවේග රජයක් යටතේ කිසිදු ඇමතිවරයකුට සුර සැප විදිය නොහැකි අතර ඔවුන්ට අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජනතාවට පරාර්ථකාමී සේවාවක් ඉටු කිරීම අනිවාර්ය බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
Lanka Newsweek © 2026