Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය දැමූ හන්තාන ඉඩම් නඩුව නිෂ්ප්‍රභා වෙයි 


2023-10-28 14900

 

අපහස කළ අයට නඩු පවරන බව වින්දිත පාර්ශවය කියයි 

 

 

මධ්‍යම පරිසර අධිකාරිය මගින් නීතිඥය චමින්ද්‍රානි කිරිඇල්ලට විරුද්ධව හන්තාන ඉඩමක් සම්බන්ධයෙන් 2019 වසරේ  අංක 29014/20 යටතේ  ගොනුකළ චෝදනා සම්බන්ධයෙන් වසර 4ක් තිස්සේ විභාග වු නඩු විභාගය බදාදා ( 25) මහනුවර අතිරේක අංක 2 උසාවියේ දී  කැඳවූ  අවස්ථාවේදී නීතිපති දෙපාර්මේන්තුවේ නිර්දේශ මත නඩුව අවසන් කර ඇත. 

නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල  පැවසුවේ කිසිම නඩු නිමිත්තක් නොමැති බැවින් මෙම නඩුව අධිකරණයෙන් නිශ්ප්‍රභා වූ බවය.

නීතිඥවරිය මෙසේ ද කීවාය.

2019 වසරේදී මධ්‍යම පරිසර අධිකාරිය මගින් මට අයිති හන්තාන ඉඩමක් සම්බන්ධයෙන් බොරු චෝදනා පදනම් කරගෙන නඩුවක් ගොනු කළා.වසර හතරකට පසුව ගරු අධිකරණයෙදි නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරිය මේ නඩුව ඉල්ලා අස්කරගෙන තියෙනවා.

ඇත්තටම මේ ඉඩම වසර හතළිහකට පෙර මගේ පියා පෞද්ගලික මුදලින් මිලදී ගත් ඉඩමක්. මගේ පියා මිලදී ගන්නත් පෙර වසර සීයක් විතර පෞද්ගලික අයිතියක් තිබ්බ ඉඩමක් මේක. පසුව තෑගි ඔප්පුවක් මගින් මට මේ ඉඩම ලැබුණා.

2019 වසරේදී සිදුවෙච්ච ආණ්ඩු පෙරළියත් සමග මගේ පියාටත් අපේ පවුලටත් මඩ ගැහීමේ අරමුණින්,දේශපාලන පලිගැනීමේ අරමුණින් තමයි මධ්‍යම පරිසර අධිකාරිය ලවා මේ නඩුව ගොනු කළේ. වසර හතරකට පසුව අද නීතිපති දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබාදුන්නා බොරු චෝදනා සහිත, මේ පදනම් විරහිත නඩුව වහාම ඉල්ලා අස්කර ගන්න කියලා.

මගේ පියා මහනුර දිස්ත්‍රික්කයේ ඉන්න කීර්තිමත් දේශපාලනඥයෙක්.එතුමාටත් මටත් අපේ පවුලටත් මඩ ප්‍රහාර එල්ල කරන්න , අපකීර්තියට පත්කරන්ත,දේශපාලන වශයෙන් පාලිගන්නත් තමයි මේ නඩුව ගොනු  කළේ. ඉදිරියේදී මේ සිදුකළ අපහාසයට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.නීතිඥවරිය කීවාය.

 
-LANKASARA-

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment