Thursday 30th of April 2026

English Tamil
Advertiesment


ආදායම වැඩි කර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවනවා


2023-10-23 14873

 

සාගල රත්නායක අවධාරණය කරයි  

 

රටේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කර ජනතාවගේ අදායම වැඩි කරමින් ජනතාවගේ ජීවන මට්ටම නියත ලෙස ඉහළ නංවන්නේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා අවධාරණය කර සිටියි. 

සාගල රත්නායක මහතා මේ අදහස් පළ කළේ, “ස්මාර්ට් රටක් - ජය ගනිමු 2048” යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය සෙනසුරාදා (21) දින පස්වරුවේ අති සාර්ථකව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවති අවස්ථාවේ දී වන අතර ඔහු එහිදී මෙසේ ද කීය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවල උදව් උපකාර ඇතිව අප රට පත්ව ඇති තත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට අපට හැකි වුණා. 

නමුත් අප දැන් ස්ථාවරයි කියා නිකම් ඉන්න බැහැ, අප ඊළඟ පියවර කරා යා යුතුයි. වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කර ගත යුතුයි. ජනතාවගේ අදායම වැඩි කර ඉහල ජීවන මට්ටමක් ඇති කිරීම තමයි අපගේ මීළඟ ඉලක්කය වෙන්නේ. 

ඒ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා නායකත්වය දරමින් බොහෝ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආර්ථිකය ස්ථාවර කරන්න බොහෝ ප්‍රතිසංස්කරණ ඇති කළා සේම ආර්ථික වර්ධන වේගය වැඩි කරන්නත් වැදගත් ප්‍රතිසංස්කරණ කළ යුතුයි. 

ආර්ථික අර්බුදය නිසා අපේ රටේ දරිද්‍රතා මට්ටම 40% දක්වා වැඩි වුණා. අපේ රටේ දුප්පත්කම වැඩි වුණා. ඒ දුප්පත් වුණු ජනතාව ඉන් මුදවා ගැනීම වෙනුවෙන් "අස්වැසුම" වැඩ සටහන අපි ඇති කළා" .

Advertiesment