Thursday 30th of April 2026

English Tamil
Advertiesment


මිතුරාගේ වගේම සතුරාගේත් ජනාධිපති මමයි 


2023-10-21 14881

 

මම ආවේ මව්බිම ආරක්ෂා කරන්න විනා රාජපක්ෂලා රකින්න නොවෙයි 

 

ජනපති අවධාරණය කරයි 

 

තමා මිතුරාගේ සේම තම සතුරාගේ ද ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේ දී අවධාරණය කර සිටියේය. 

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා {21) පැවති මෙම විශේෂ මහා සමුළුවේ දී ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ, තමා එක්සත් ජාතික පක්ෂ නායකයා සේම රටේ ජනාධිපති ද වන නිසා ඒ තනතුරු දෙක බෙදා ගෙන කළ යුතු බවය. 

"මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදරට ගිනි තිබ්බා. එහෙත් එක්සත් ජාතික පාක්ෂිකයෝ එහෙම පලා යන්නේ නැහැ. ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා. ඇත්තටම මම ආවේ ශ්‍රී ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න. ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා. ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා. අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්.

වෙනස පටන් ගන්න ඕන අනුන්ගෙන් නොව තමන් ගෙන්මයි. ඒ නිසා ජනාධිපති ලෙස මා ඒ වෙනස පටන් ගත්තා. 21 වෙනි සංශෝධනය සම්මත කොට ජනාධිපති බලතල අඩු කළා."යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

Advertiesment