Monday 25th of May 2026

English Tamil
Advertiesment


ගානියා බැනිස්ටර් වරද පිළි ගත බව ඇත්තයි-එහෙත් කතාව සරළ නැත 


2023-07-25 14874

 
(අරුණ ජයවර්ධන)

 

පසු ගිය ජූලි 14 වැනිදා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය කොළඹ මහා අධිකරණය ඉදිරියේ තමාට එරෙහිව තිබුණු නඩුවේ චෝදනාවලට වරද පිළි ගත්තාය. ඒ වරද පිළි ගැනීම රටේ පුවත්පත් මහා ඉහළින් වාර්තා කර තිබිණ. මෙම වාර්තාවල මූලික ලක්ෂණ වුණේ, තමා පැහැර ගෙන ගොස් අඩන්තේට්ටම් කළේ යැයි ගානිය බැනිස්ටර් මුලින්ම කළ පැමිණිල්ල අසත්‍ය හා ව්‍යාජ එකක් බැවින් ඇය අධිකරණය ඉදිරියේ වරද පිළි ගත් බවයි.

වරද පිළි ගැනීමෙන් පසුව වසර දෙකක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් ඇයට මහා අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසින් නියම කරන ලද අතර එම සිර දඬුවම අවුරුදු පහක කාලයකට අත්හිටුවනු ලැබිණ. එනිසා අවුරුදු දෙකක කාලය ඇය බන්ධනාගාරයක් තුළ සිර දඬුවම් විඳිය යුතු නැත. සාමාන්‍ය ජීවිතය ගත කළ හැකිය. එහෙත් දඬුවම අත්හිටුවා ඇති අවුරුදු පහක කාලය තුළ ඇය වෙනත් කිසිම අපරාධ වරදක් කිරීමෙන් වැළකී සිටිය යුතුය. යම් හෙයකින් මෙම කාලය තුළ ඇය තවත් වරදක් කළොත්, එම දෙවැනි වරදට අදාළව අධිකරණය මගින් නියම කරනු ලැබිය හැකි දඬුම ක්‍රියාත්මක කිරීමට පළමුව, මේ අවස්ථාවේ දී ඇයට නියම කරන ලද අවුරුදු දෙකක සිර දඬුවම විඳ අවසන් කළ යුතුය. අත්හිටවූ සිර දඬුවමේ අර්ථය එයයි.

සිර දඬුවම් රුපියල් 50,000 දඩයක් ද ඇයට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් මාස තුනක අමතර සිර දඩුවමක් නියම කළේය. ඇය රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද ගෙවිය යුතු බවට නියම විය. එම ගෙවීම පැහැර  හරිනු ලැබුවහොත් තවත් මාස තුනක සිර දඩුවමකි .
     
ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ නිලදරිනියක වූ ගානිය බැනිස්ටර්ගේ සිදුවීම සමාජය තුළ මහත් කැබිල්ලක් ඇතිකළ එකකි.එය සිදුවුණේ 2019 වර්ෂයේ නොවැම්බර් මස 25 වනදාය.ඒ වන විට, ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපති  ධුරයට  පත්වී  ගතවී තිබුණේ දින පහක් පමණි.  

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල දී ආයුධ සන්නද්ධ පිරිසක් ගානිය පැහැරගෙන  යම් ස්ථානයකට ගෙනගොස් ලිංගික හිරිහැර  කරමින් ප්‍රශ්න  කළ බවට වූ  සිදුවීම් මේ ආන්දෝලනයට හේතුවිය.

මේ සිදුවීම ආන්දෝලනයට හේතු වුණේ කරුණු කීපයක් නිසාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලයේ සිදු වුණු විවිධ මිනීමැරුම්,පැහැරගැනීම්,අතුරුදහන් කිරීම්,කප්පම් ඉල්ලීම් ඇතුළු අපරාධ,දුෂණ හා වංචා රැසක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු කාලයේදී පොලිස් විමර්ශන පවත්වනු ලැබිණි.එම විමර්ශනවල ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ දක්‍ෂ නිලධාරීහු දෙදෙනෙක් සිඅයිඩියේ සිටියහ.එක් අයෙක් සිඅයිඩිය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි  අබේසේකරය.අනෙකා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාය.2019නොවැම්බර් ජනාධිපතිවරණය වෙනුවෙන් වූ පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීම්වලදී. මේ පොලිස් නිලධාරීන් කෙරෙහි බරපතළ විවේචන,තර්ජන හා බිය ගැන්වීම් එල්ල විය.තමන්ගේ ආණ්ඩුවක් පැමිණි විට,මේ නිලධාරීන් ගැන තදින්ම ක්‍රියාකරන බව අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටු දේශපාලකයෝ ප්‍රසිද්ධියේ පැවසුහ. මේ නිසා ගෝඨාභය දිනුවොත් අනිවාර්යෙන්ම මේ නිලධාරීන්ගේ ජිවිතයට තර්ජනයක් හෝ වෙනත් පළි ගැනීමක් සිදුවිය හැකි බවට පැහැදිළිව පෙනිණි.   

 ගෝඨාභය ජය ගැනීමත් සමගම තමාට තිබෙන අනතුර වටහාගත් පො.ප.නිශාන්ත සිල්වා 2019නොවැම්බර් 24වැනිදා ලංකාවන් පිටත්ව ගුවන් මගින් ස්විට්සර්ලන්තය බලා ගියේය.ශානි අබේසේකරටද රටින් පිටව යන ලෙස අනතුරු හදුනාගත් විවිධ අයගෙන් උපදෙස් ලැබුනත්.ඔහු ඒවා ප්‍රතික්ෂේප කරමින් ලංකාවේ රැදුනේය.ඔහුගේ තර්ජනය වුණේ.'මම වරදක් කරලා නැතිනම් පිටරටකට යන්නේ ඇයි.  යන්නයි.එහෙත් ඉන් පසුව ඔහු කෙරෙහි සිදුවුණු දේ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවකින් ඔවුන්ට වියහැකි අනතුරු ගැන තිබුණු පුරව කල්පනාව සියයට දහස් ගණනකින් සනාථ කළේය.ගෝඨාභය ජනාධිපති වූ වහාම 'ශානි දඩයම 'ආරම්භ වූ අතර සීඅයිඩියෙන් ඉවත් කරන ලද ඔහු පර්සනල් ඇසිස්ටන්ට්  කෙනෙකු කෙනකු හැටියට ඉහළ පොලිස් නිලදාරියකු යටතේ ගාල්ලේ සේවයට යොදවන ලදී.ගෝඨාභය රාජපක්ෂ බලයට ආ පසු තනතුරෙන් මාරු කරන ලද පළමුවැනි පොලිස් නිලදාරිය ශානි අබේසේකරය.ඉන්පසුව.පොලිසිය විසින්ම නිර්මාණය කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනුණු ඔහුට වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින්නට සිදුවිය.ගෝඨාභය රාජපක්ෂ,ප්‍රසිද්ධියේ ශානිට එරෙහිව කතාකළේය.ඔහුට සිදුවුණේ ජිවිත හානියක් පමණි.ඉන් මෙහා සියලුම කරදර පීඩා ඔහුට දෙන්නට රාජපක්ෂ ආණ්ඩුව සැලසුම් සහගතව කටයුතු කළේය.යම් හෙයකින් නිශාන්ත සිල්වා ලංකාවේ සිටියා නම් ඔහුට අත්වන්නට තිබුණේ ශානි තරම් හෝ ඊටත් වැඩි අනතුරකි.

නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගිය දිනට පසුදින, එනම් 25 වැනිදා තමා පැහැරගෙන ගොස් ප්‍රශ්න කළ බව ගානියා බැනිස්ටර් තම තානාපති කාර්යාලයේ ඉහල නිලදරින්ට පැමිණිලි කළාය.ඇය පැවසුවේ,තමාගෙන් ප්‍රශ්න කලේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට විස ලබාදුන් ආකාරය,ඔහු සමග දුරකථනයෙන් කතාකල අකාරය,ඒ සංවාදවලට සහභාගීවුණු අනෙකුත් අය කවුරුද යනාදී ලෙස බවයි.තමන් පැහැරගත් ආකාරය ගැන කිසිවක් ප්‍රකාශ නොකළ යුතු බවත්.පොලිසියට කරන පැමිණිලිවලදී පවා ඇත්ත සිදුවීම නොකිව යුතු බවත් පැහැර ගැනීම ගැන අසත්‍ය කතාවක් කිව යුතු බවත්,පැහැරගත්තවුන් ඇයට තර්ජනය කර තිබුණු බවට මුල් කාලයේ ආරංචි පැතිරිණ.

නොවැම්බර් මස 25 වැනිදා සවස තමා බම්බලපිටිය පැල්මයිරා මාවතේ පිහිටි ගුරුවරියකගේ මහල් නිවෙසකට ගිය බවත් එම නිවෙස තුල සාලයේදී කිසියම් පිරිසක් තමන්ට පහරදී තර්ජනය කර,පොප නිශාන්ත සිල්වාගේ විදෙස්ගත වීම පිළිබද ප්‍රශ්න කල බවත් ඇය  පවසා තිබිණි. සිඅයිඩි   නිලදාරීන් ඇය කියූ දිනයේ සදහන් කළ වේලාවට අදාළව පැල්මයිර නිවාස සංකීර්ණයේ සිසිටිවී කැමරා පද්ඩතිය පරික්ෂා කළ නමුත් පැහැර ගැනීම සදහා පැමිණි පුද්ගලයන් පිළිබද කිසිදු තොරතුරක් ඒවායේ නොතිබුණු බවට වාර්තා කරන ලදී. පැල්මයිර මාවතේ නිවෙස හිමිකාර ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සීඅයිඩියට  කියා සිටියේ ගානියා බැනිස්ටර් සදහන් කරන ආකාරයට කිසිදු සිදුවීමක් සිය නිවසේ සිදු නොවූ බවයි.

පසෙක සිට බලන විට මේ කරුණු කාරණා තර්කානුකුලව.අලුත් ජනාධිපති බලයට ආ පසුව පළිගන්නට අවශ්‍ය ලැයිස්තුවේ ඉහලින්ම සිටි නිශාන්ත සිල්වා. හොර රහසේම රටින් පිටව ගොස් තිබේ.මෙය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විලිලජ්ජාවකි. ඔවුන්ට ප්‍රශ්නය වී තිබුණේ ඔහු රටින් පිටව ගියේ කොහොමද යන්නයි. ඒ ගැන ප්‍රශ්න කරනවා නම්, හොදම තැනැත්තිය තානාපති කාර්යාලයේ දේශිය නිලදරිනියක වූ ගානියාය.විදේශිය නිළදාරින්ට ඇත තැබීම දරුණු රාජ්‍යන්ත්‍රික පළවිපක දෙන්නකි.ඇගෙන් ප්‍රශ්න කිරීම, අනෙක් අයටද බිය හා තැතිගැන්ම ඇතිවන ආකාරයට කළ යුතුය.ඒ සදහා පළපුරුදු කණ්ඩායම් ආණ්ඩුවට සිටි.

තම කාර්යාලයේ නිලධාරිනියකට මෙවැනි අපරාදයක් සිදුවී ඇති බව,තානාපති කාර්යාලයේ දෙවැනි නිලදාරිය එවකට වැඩබලන පොලිස්පතිවරයා වෙත 2019 නොවැම්බර් මස 27 වෙනිදා පැමිණිල්ලක් කළේය.එහෙත් ඔවුන් විසින් ගානියා පොලිසියට ඉදිරිපත් කෙරුනේ නැත.ඊට හේතු ලෙස තානාපති කාර්යාලය පෙන්වුයේ පැහැරගෙන යාම. ලිංගික අඩත්තේට්ටමට ලක්වීම හා තර්ජනයන් නිසා ගානියා දැඩි මානසික හා ශාරීරික පිඩාවන්ට ලක්ව සිටින බැවින්,පසුව ඇය පොලිසියට ඉදිරිපත් කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, තානාපති නිලදරියගේ පැමිණිල්ල මත පොලිසිය පරීක්ෂණ ආරබ්ය.මේ සිදුවීම මහත් ආන්දෝලනයක් රට තුලත් විදෙශිකවත් ඇතිකළේය. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සිටි කාලයේ පුද්ගලයන් අතුරුදහන් කිරීම්, පැහැරගෙන යම් වැනි අපරාද චෝදනා දහස් ගණනක් එල්ල වී තිබු  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස නැවතත් 'පරණ අපරාද චක්‍රය'ආරම්භ කර ඇතැයි  මේ සිදුවීම හරහා සමහරකුගෙන් කියවිණ .කෝපයට පත්ව සිටි ආණ්ඩුව පෙන්වන්නට හැදුවේය.මේ සිදුවීම.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයට පත් වහාම ඔහු අපකීර්තියට පත් කිරීමට කළ එකක් ලෙසයි. මේ නිසා පැමිණිල්ලට පෙරලා පහර දීම ආණ්ඩුවේ පිළිවෙත බවට පත්විය.

පොලිසිය ගානියා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඇයගේන්  ප්‍රකාශයක් සටහන් කර ගැනීම අවශ්‍ය බව කියමිනි. ගානියාගේ සිදුවීම ශ්‍රී ලංකා හා ස්විට්සර්ලන්ත රාජ්‍යයන් අතර රාජතාන්ත්‍රික විරසකයක් ඇති කරන්නට තරම් හේතුවන බව පෙනිණි.ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය තම නිලදාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් දැඩිලෙස පෙනී සිටියේය. එරට කොතරම් ගානියා වෙනුවෙන් මැදිහත් වුණාද කියනවා නම්, ජර්මනියේ බර්ලින්හි එවකට ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිඅරච්චි සිය විදේශ අමාත්‍යංශයට කැදවා ස්විට්සර්ලන්තයේ විදේශ ලේකම් පැස්කල් බෙරිස්විල් දැනුම් දී තිබුණේ ගානියාගේ සෞඛ්‍යතත්වය යහපත් නොවන බැවින් ඇයගෙන් ප්‍රශ්න කිරීම කල් දමන ලෙසයි.සිය නිලදාරියගේ සෞඛ්‍ය තත්වයට ප්‍රමුඛත්වය  හිමිවන බව විදේශ ලේකම්වරිය ලංකා තානාපතිවරයාට අවධාරණය කර තිබිණ.පසුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් ගානියාගේ ප්‍රකාශයක්  සටහන් කරගැනීම අවශ්‍ය බව දැන්විය. ඊට අවසර ලැබිණි.ඒ අනුව ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිණි.

මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ල කැදවනු ලැබූ අවශ්තවේදී  රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නීතීඥ ජනක බණ්ඩාර පෙන්වාදුන්නේ මෙම පැහැරගෙන යාමේ සිද්ධිය ගොතන ලද කතාවක් බවට කරුණු තහවුරු වී තිබුනද සිද්ධිය සම්බන්දයෙන් සැකකාරියට යුක්තිය ඉටු කිරීමට ඇය  විසින් ප්‍රකාශ කරණු ලබන කරුණු සම්බන්දයෙන් විමර්ශනය කරන බවය.ඒ අතර ලංකාවේ විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සදහන් වුනේ අදාළ සිද්ධිය  පෙළගැස්ම හා කාලවකවානුව.නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමග නොපහෙන බව ඌබර් වාර්තා,සිසිටිවී දර්ශන, දුරකථන වාර්ථා  ජිපිඑස් දත්ත ඇසුරෙන් සනාථ වන බව, ලංකාවේ ස්විස් තානාපතිවරයාට සාක්ෂි සහිතව පෙන්වා දුන් වගය.ගානියා සම්බන්දයෙන් තානාපති කාර්යාලයේ විදේශීය වෛද්‍යවරයකු හා ලංකාවේ වෛද්‍යවරයකු වෛද්‍ය පරීක්ෂණ පැවැත්වූ බවත් ඇය ශාරීරික හිරිහැරවලට භාජනය වී ඇති බව ඔවුන්ගේ නිගමනය වූ බවත්,ගානියාගේ නීතීඥවරු අධිකරණයට දැන්වුහ. අධිකරණය මගින් වෛද්‍ය නිලදරිනියක වෙත ඇය
 ඉදිරිපත් කරන ලෙසද ඇගේ  පාර්ශවයෙන් ඉල්ලා සිටියේය. එහෙත් අධිකරණයේ ස්ථාවරය වුයේ ලංකාවේ පිළිගත් නිතිය අනුව අධිකරණ වෛද්‍ය නිලදාරියකු විසින් බවත් ඔහුන් බහුතරයක් පුර්ෂයන් බවත්ය.කෙසේ වෙතත් ඇය වෛද්‍යවරියක ඉදිරියේ පරීක්ෂණයට භාජනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස සිඅයිඩියට මහේස්ත්ර්ත්වරිය දැනුම් දුන්නාය.

දෙසැම්බර් මස 16 වෙනිදා නීතිපතිවරයගේ උපදෙස් මත ගානියා බැනිස්ටර්  සැකකාරියක ලෙස සිඅයිඩිය විසින් ඇයව  අත්අඩංගුවට ගනු ලැබ  මහේස්ත්‍රාත්,අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාරිය 2019 දෙසැම්බර් 30 වැනි දින කොළබ ප්‍රධාන මහේස්ත්‍රත් ලංකා ජයරත්න විසින් ඇප මත මුදාහැරුණු ලබා තිබිණි. ඇගේ විදේස් ගමන් බලපත්‍රය අධිකරණයට  භාර දිය යුතු විය' වෙනත් නීතියක් යටතේ ඇය  විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් ව පිළිබදව අධිකරණය දැනුවත් කළ යුතු බවටත් නියෝග කෙරිණි.

අනතුරුව සිඅයිඩිය වෙත අසත්‍ය පැමිණිල්ලක් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා ගානියා බැනිස්ටර්ට එරෙහිව 2021 වසරේ  කොළබ මහාධිකරණය හමුවේ අධිචොදනා ගොනු කර තිබුණි. පසුගියදා ඇය වරද පිළිගත්තේ එම නඩුවෙදිය.

නඩුවකදී වරද පිළිගැනීමෙන් බොහෝ,විට බලාපොරොත්තු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හා එකගතාවෙන් අඩු දඩුවමක් ලබා ගැනීම, නඩුව ඉක්මනින් අවසන් කර ගැනීම යනාදී කාරණාය. තමන්ගේ නඩුව කල් ඇදී යන ස්වභාවයක් තිබේ නම්, එම කල්යෑම තමන්ට අවුල් ඇති කරවන්නක් නම්, වරද පිළි ගැනීම සාමානයෙන් සිදුවේ. එවැනි අවස්ථාවක දී අත්හිටවූ සිර දඬුවමක් ලැබේ නම් තත්ත්වය බරපතළ නැත. එයින් අදහස් කරන්නේ වරද පිලි ගැනීමක් යනු අනිවාර්යයෙන්ම එම වරද තමා කළ බවට පිළිගැනීමක් නොවිය හැකි බවයි. වෙනත් ප්‍රායෝගික තත්වයන් සලකා බලා.නීතිපති දෙපාර්තමේන්තුවේද එකගත්වයෙන් ගත් තීරණයක් ද විය හැකි බවයි.

නඩුව අරම්භ වන විට ගානියා බැනිස්ටර්ගේ දරුවන් සිටියේ ස්විට්සර්ලන්ත්යේය.නඩුව අවසන් නැති නිසාත් විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තිබුණු නිසාත් වරින් වර හෝ ඇයට දරුවන් වෙත යාම කළ හැකි දෙයක් නොවිය. නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ නම් සංඛ්‍යාව 80ක් පමණ විය. ඔවුන් සියල්ලන්ගේම සාක්ෂි විමසන්නට කැදවුවා නම් ගතවන කාලය පැහැදිලිය. මේ නිසා නඩුව ඉක්මනින් අවසන් කර ගැනීමේ නීතිමය මාර්ගය ලෙස වරද පිළිගනිම සැලකුවාය කියාද සිතිය හැකිය.

අනෙක් අතට මේ සිදුවීම වූ අවස්ථාවේ එනම් 2019 හා අද 2023 වන විට ලංකාව හා ස්විට්සර්ලන්ත රජය අතර තිබෙන සම්බන්දතාවල ස්වභාවයද වෙනස් වන්නට හොදටම ඉඩ තිබේ. ඉදිරියේදී ලංකාව ක්‍රියාත්මක කරන්නට යන සත්‍යය හා ප්‍රතිසන්ධාන කොමිසම ඇතුළු සංහිදියා ක්‍රියාමාර්ගයන්ට ස්විට්සර්ලන්ත ආණ්ඩුවේ සහාය අත්‍යවශ්‍යය.

මේ සියල්ලේම සම්ප්‍රයුක්තය 'වරද පිළිගැනීමක් ' වන්නටද ඉඩ තිබේ.එහෙත්.අධිකරණය ඉදිරියේ එම ක්‍රියාමාර්ගය අතිශය නිත්‍යනුකුල වන අතර, අධිකරණය ඇය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ආකාරයද සපුරා නිවැරදිය.

එහෙත් ගානියා බැනිස්ටර්, ගෝඨාභය ජනාධිපති හා ඔහුගේ ආණ්ඩුව අපකීර්තියට පත්කරන්නට කළ බොරු පැමිණිල්ලක් ගැන වරද පිළිගත්තා යැයි සිරස්තල මවන විට සැලකිල්ලට ගත යුතු කාරණා බොහොමයක් තිබෙන බවද තේරුම් ගත යුතුය.  

-අනිද්දා-
Advertiesment