Thursday 18th of June 2026

English Tamil
Advertiesment


එජාපයට නව ව්‍යවස්ථාවක්


2023-02-18 14889

 

එක්සත් ජාතික  පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දී ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සිකුරාදා (17) හවස කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව මෙසේ සංශෝධනය කිරීම සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන, ජනාධිපති නීතීඥවරුන් වන දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කර ඇත. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment